UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෝධික රහතන් වහන්සේ

ගෝධික හිමියන් පිළිබඳව කරුණු කාරණා සොයා බැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයා සිය හැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධික හිමියන් අපවත් වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවෙසෙන කාලය තුළ උන්වහන්සේ ළඟ මහණ වී වීර්යයෙන් භාවනා කළ හිමිනමක් විය. හෙතෙම “ගෝධික” නමින් ප්‍රකට වූ උන්වහන්සේ වීර්යාධිකව බණ භාවනාවෙහි යෙදී කටයුතු කළහ.
උන්වහන්සේ බණ භාවනා කිරීමෙන් ධ්‍යාන උපදවා ගනු ලැබූහ. නමුත් එම තත්ත්වය දිගට රැකගත නොහැකි විය. ධ්‍යානයෙන් පිරිහී ගියේය. එම නිසා කළකිරීමට පත් උන්වහන්සේ වීර්යය අත්හලේ නැත. නැවතද භාවනා කරමින් තමන්ගේ සිත සමාධි ගත කරගැනීමට උත්සාහ ගත්හ. එසේ එම උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නැවත වරක් උන්වහන්සේ ධ්‍යාන ලබාගනු ලැබූහ. ටික දිනකින් එයත් පිරිහී ගියේය. මේ අයුරෙන් වරින් වර සිය උත්සාහයෙන්ම වීර්යාධිකව කටයුතු කළ නිසා ධ්‍යාන ලබා ගැනීමට සමත් වුවත්, ඒවා එලෙසින්ම රදාපවත්වා ගැනීමට උන්වහන්සේ අසමත් විය. හයවන වර දක්වාද ධ්‍යාන ලබා ගත්තත් නොබෝ දිනකින්ම ධ්‍යානයෙන් පිරිහී ගියේය. “ගෝධික” හාමුදුරුවෝ කල්පනා කරනු ලැබුයේ ධ්‍යාන ලබා සිටියදීම අපවත්වීම පිළිබඳවයි. එසේ වුවහොත් ඊළඟ භවයේ තමන්ට හොඳ උපතක් ලැබෙන නිසා නමුත් ධ්‍යාන භාවනාවන්හි සිත රඳවා තබාගැනීමට නොහැකි වීම නිසා ධ්‍යානවලින් පිරිහීයයි. කෙසේ හෝ සිය අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට කල්පනා කළ උන්වහන්සේ නැවතත් වීර්යයෙන් යුතුව ධ්‍යානයට සමවැද ධ්‍යාන ලබාගත්හ. උන්වහන්සේ කල්පනා කළේ නැවතත් මෙය පිරිහෙන්නට නොදී ධ්‍යාන ලබා සිටියදීම තමා අපවත් වන්නටයි. එම තීරණය අනුව භාවනාවට සමවැදී වේදනානුපස්සනාවද අරමුණු කරගෙන තමන් විසින්ම තමන්ගේ ගෙල සිද ගත්තේය. ගෙල සිදීයන විටම භාවනාවෙහි සිත රඳවාගෙන සිටි නිසා උන්වහන්සේ අරහත් භාවයට පත් විය. ගෝධික හිමියන් රහත් භාවයට පත් වූ බව දන්නේ උන්වහන්සේ පමණි. භික්‍ෂුන් වහන්සේ නමක් ගෙළ සිඳගෙන අපවත් වී ඇතැයි යන රාවයක්ද ප්‍රදේශය පුරා පැතිර ගියේය.

ගෝධික හිමියන් පිළිබඳව කරුණු කාරණා සොයා බැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයා සිය හැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධික හිමියන් අපවත් වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

වසවර්ති මාර තෙමේ අන්‍යවේශයක් මවාගෙන වීණාවක්ද අතින් ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් කිසිවක් නොදන්නා කෙනකු මෙන් බුදුරජාණන් වහන්සේ ගෝධික හාමුදුරුවන් කොහිදැයි විචාළේය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වෙසක් මවාගෙන වීණාවක්ද අතින්ගෙන මේ පැමිණ තිබෙන්නේ මාරයාම නේ දැයි හදුනාගෙන ගෝධික හාමුදුරුවන් වහන්සේ පිළිබඳ සියලු සිද්ධි මාරයාට පැහැදිළි කර දුන්හ. ගෝධික හිමියන් හයවන වරද ධ්‍යාන භාවනා වලින් පිරිහී ගියද, උන්වහන්සේ වීර්යය අත්හරිනු ලැබුයේ නැත. හත්වන වරද ධ්‍යාන ලබා වැඩිදුරටත් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම තමාගේ හිස සිදගනු ලැබීය. එම අවස්ථාවේම උන්වහන්සේ පිරිනිවන් පෑහ. ධ්‍යාන භාවනා ඉක්මවා සියලු කෙළෙස් නැති කිරීම දක්වා උන්වහන්සේගේ මනස දියුණු වී තිබුණ නිසාම අරහත් භාවයට පත් විය. “මාරයා රහත් වූ කෙනකු සංසාරයේ කෙදිනකවත් නැවත උපතක් ලබන්නේ නැත. ගෝධික හිමියන් ගැනද කිව යුත්තේ එයයි.උන්වහන්සේ උත්පත්තිය ලැබූ තැන සොයා විමසා බැලුවත් එය සොයා ගැනීමට නොහැකි වූයේ එම නිසාය. උන්වහන්සේට උපතක් නැත.”

සාමාන්‍ය ලෝකයේ උත්පත්තිය ලබන සෑම මනුෂ්‍යයකුම මරණින් පසු නැවතත් උපතක් ලබයි. මෙම දර්ශනය ඉදිරිපත් කරනු ලැබ ඇති ආගම අතර බුදු දහම ප්‍රධාන වේ. නිවන් දකිනතුරු සංසාරයේ නැවත නැවත උපත ලබන බව උගන්වනු ලබන්නේ බුදුදහමෙහි පමණයි.අන්‍ය කිසිදු ආගමක එබදු ඉගැන්වීමක් නැත.රහත් බව ලැබීම වුවද, අපේ බොහෝ බෞද්ධයන් කල්පනා කරන්නේ සංසාරයේ ඉදිරියට තිබෙන එකක් ලෙසයි. එනම් දෙවි මිනිස් සැප සම්පත් ලබා අවසානයේ නිවන් දැකීම පිළිබදවයි. මෙහිදී ගෝධික හිමියෝ මේ භවයේදීම නිවන් දුටු හෙවත් අරහත් බවට පත්වූ කෙනකු වශයෙන් දක්වා තිබේ. උන්වහන්සේ එම තත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති වීර්යාධික බව සහ අධිෂ්ඨාන ශීලි භාවය නිසාය.

සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙන් අප බොහෝ කරුණු කාරණා දැන ගෙන තිබේ. නමුත් ගෝධික හිමියන් පිළිබඳව සිද්ධිය ඒ සියල්ලටම වඩා වෙනස්,වෙනත් එකකි.උන්වහන්සේ ප්‍රාණඝාතයක් සිදුකර ගනිමින්ම අරහත් භාවයට පත්ව තිබේ. ප්‍රාණඝාතය සිදුවූයේ හිමියන් රහත් බවට පත්වීමෙන් පසුවය. රහතන් වහන්සේ නමක් විසින් තමන්ගේම ප්‍රාණය ඝාතනය කරගැනීමත් මෙහිදී දක්නට ලැබේ. එනිසාම මෙය වෙනත් අනෙක් රහතන් වහන්සේලාගේ චරිත වලට වඩා වෙනස් එකකි.

කවුරුන් කළත් අකුසලය අකුසලය ලෙසම බුදුදහම දක්වයි. නමුත් මෙහිදී ගෝධික හිමියන් වෙනුවෙන් ප්‍රාණඝාතයේ අකුසල විපාකයක් ලැබෙන්නේ නැත. එයට හේතුව අකුසලයේ විපාක දීමට කාලය සහ අවකාශය හරස්වීමය. ගෝධික රහතන් වහන්සේ ගේ නැවත උත්පත්තියත් සිදුනොවීමය. බෞද්ධ සාහිත්‍ය තුළ මෙබදු ගැටලු සහගත සාමාන්‍ය පෘථග්ජන ඤාණයට හසුනොවන ධර්ම විනිශ්චයක් ද සහිත අරහත් චරිතය ගෝධික හාමුදුරුවන්ගේය.

උන්වහන්සේ කල්පනා කරනු ලැබුයේ තමන් වහන්සේ ගැන පමණි.

සටහන:
හේමමාලා රන්දුණු

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]