UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුගුණ භාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය

බුදුගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය

බුද්ධානුස්සති භාවනාව පංච නීවරණ සංසිඳවන භාවනාවකි. එයින් කායික මානසික සුවය ලැබෙන අතර අපල බාධක සංසිඳවා ගැනීමට ද ශක්තිය ලැබේ. බුදුරජාණන් වහන්සේට දෙවි, මිනිසුන් විසින් ගෞරව කරනු ලබන්නේ අනන්ත ගුණ නිසයි. ඒ අනන්ත ගුණ අතරින් එක ගුණයක් හෝ නිතර මෙනෙහි කරනවා නම් එය බුද්ධානුස්සති භාවනාවයි. මෙයින් ලැබෙන අනුසස් බොහෝ ය.

තෙවන භාවනා පාඩම වූ විජ්ජා චරණ සම්පන්න ගුණයයි. ‘සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ’ යන ගුණය නිතර අර්ථය දැනගෙන මෙනෙහි කරන්න. අර්ථය හෙවත් තේරුම දැන ගැනීම නිසා බුදුගුණය ගැන වැටහීම ඇතිවේ. සද්ධාව, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු කරගත හැකිය. ලෝකෝත්තර මාර්ගයට බැස ගැනීමට හැකි වේ. බුදුගුණ භාවනාව දියුණූ කර ගෙන යෑම නිසා හොඳ නුවණක් පහළ කරගත හැකි ය. එම නුවණ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ.

ඊළඟ මාසය දක්වා මේ විජ්ජාචරණ නම් බුදුගුණය බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මෙනෙහි කරන්න. සතර ඉරියව්වේම මෙනෙහි කරන්න. එයින් අසංවර වූ සිත සංවර වේ. සංවර වූ සිතේ පාපී සිතිවිලි නැත. නිවන් මඟට පිවිසුණු සිත උදාහරණ වේ. බුදුගුණ භාවනාව සතර මග ඵල නිවන් සුව පිණිස හේතු වේවා! වාසනා වේවායි! ප්‍රාර්ථනා කරමි.

විජ්ජාචරණ සම්පන්න ගුණය

‘සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ’

1. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දසමහා විපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මසන ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උදයබ්බඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාග්‍යානුපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භයානුපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිබ්බිදානුපස්සනා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ, මුඤ්චතුªකම්‍යතා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පටිසංඛා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාරුපේක්‍ෂා ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුලෝම ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මනෝමය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස මහා ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධිෂ්ඨාන ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විකුබ්බන ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනෝමය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඤාණ විප්ථාර ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි විප්ථාර ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කම්මවිපාක ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුණ්‍යවතො ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විජ්ජාමය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා පයෝග පච්චය ඉඬි ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බයෝග ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරචිත්ත විජානන ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුබ්බෙනිවාසානුස්සති ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දිබ්බචක්ඛු ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආසවක්ඛ ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, සෝවාන් මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, සෝවාන් ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, සකෘදගාමි මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකෘදාගාමි ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනාගාමි ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහත් මාර්ගඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහත් ඵල ඤාණයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භෝජන මාත්‍රඥතාවයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාගරියාප්‍රයෝගයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ශ්‍රද්ධාවෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ හිරියෙන් (පවට ලජ්ජාව) සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඔත්තප්පයෙන් (පවට බය) සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ බහුස්‍රතයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පරාක්‍රමයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිහියෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නුවණින් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රථම ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, දුතීය ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තෘතිය ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුත්ථ ධ්‍යානයෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අෂ්ට සමාපත්තියෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

53. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ෂඨි අභිඤ්ඤාවෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

54. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත ප්‍රඥාවෙන් සමන්තාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]