UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දෙහිවල ප්‍රතිබිම්බාරාම පාරේ අංක 93/බී, ලිපිනයේ පදිංචි ජී.ජී. ජයරත්න දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යයි වෛද්‍ය විශේෂඥයෝ කියති. වකුගඩු පරිත්‍යාගශීලියකුට 077 5464020 දුරකථනයට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.


පානදුර, කෙසෙල්වත්ත, පන්සල පාර අංක 13/1 හි පදිංචි එම්.පී. සුගන්ධිකා කුරේ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777736506 දුරකථන අංකයට අමතන ලෙස ද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහජන බැංකුවේ පානදුර කෙලෙස්වත්ත ශාඛාව ගිණුම් අංක 148 201 4001 54 85 ගිණුමට ඔබේ ආධාර මුදල් බැර කළ හැකියි.


අංක 32/1 සේනානායක පෙදෙස දෙහිවල පදිංචි සාලිය ගුණසේකර (අවුරුදු 55 ) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහත්මියගේ නිගමනයන්ට අනුව ඔහුට “බී ‘හෝ ‘ඕ” වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කිරීමට අවශ්‍යව ඇත. වයස අවුරුදු 40 – 50 අතර පින්වත් ස්වාමීන් වහන්සේ නමක හෝ පින්වතෙක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ අමතන මෙන් ඉල්ලා සිටී. 077 8812794, 0777 306907


ජා - ඇළ පදිංචි එම්.ජයකොඩි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට “බී පොසිටිව් හෝ බී නෙගටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව දොස්තර අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලී අයකු සිටී නම් දුරකථන අංකය 072 5626220 අමතන ලෙස ඉල්ලා සිටියි.


කිදෙල්පිටිය, වැල්මිල්ල, ශ්‍රී සාරාලංකාර විදුහල ගුරු නිවාසයෙහි පදිංචි ඩී.එම්.පී. දසනායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් දන්වන ලෙස ද ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔහුට ආධාර මුදල් මහජන බැංකුව බණ්ඩාරගම ශාඛාව (කල්‍යාණි ජයකොඩි) ගිණුම් අංක 121 200 23 00 44 723 බැරකළ හැකියි. වැඩි විස්තර 071 0892868 හෝ 071 2813100 දරන දුරකථන අංකයෙන් විමසිය හැකියි.


අනුරාධපුර, තන්තිරිමලය, රුවන්ගම ප්‍රදේශයේ පදිංචි බී. මිලිනාවතී (56) මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. ඇයගේ වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයේ පවතී. වෛද්‍ය නිර්දේශය මත “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. ඒ අනුව වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකු වේ නම් 071 497 3776 හෝ 025 791 6750 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


ගිරිඋල්ල, නාරංගොඩ, කලුහබරලය ජනපදය, ඇටඹේ හි පදිංචි පී.බී. ෂෙල්ටන් යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් සහාය වන ලෙස ඉල්ලා සිටියි. 077 3999091 දරන දුරකථන අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකි ය.


වේයන්ගොඩ, දංවිලාන, අංක 70 /1 පදිංචි එම්. ඒ. ජයතිලක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලින් වේනම් දුරකතන අංක 0756902718 හෝ 0723881097 අමතන්න.


මිරිස්ස, බණ්ඩාරමුල්ල, කහටගහවත්ත අංක 232/1 හි පදිංචි ඩී.එම්. තුෂාර මිහිරක (අවු.33) මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතුව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීයෙකු වේනම් දු. අ. 0712779420, 0752922465 දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි. ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබගේ් ආධාර මහජන බැංකුවේ ගිණුම් අංක 077200180008635 දරණ ගිණුමට මුදල් බැරකළ හැකියි.


මුදලින් ආධාර පතයි

මිනුවන්ගොඩ, හොරම්පැල්ල, ආරංගාව අංක 515/1 හි පදිංචි ආර්.පී.කේ ජගත් ප්‍රසන්න මහතා (අවු. 39) දෙදරු පියෙකි. ඔහු බෙල්ලේ ඇති වූ පිළිකා තත්ත්වය මත ශල්‍යකර්මයකට භාජනය කර ඇත. ඉන්පසු ඔහුට හඬනඟා කතා කිරීමට හෝ වෙහෙස වී වැඩපල කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. දරු දෙදෙනා පාසල් යන අතර බිරියද ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව දන්වා සිටියි.

ඔහුට ජීවත්වීමට සහ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ඔහු ඔබගේ ආධාර පතයි. ඔහුගේ ජීවිකාව පවත්වාගෙන යාමට ඔබටද නන් අයුරෙන් උපකාර කළ හැකියි. ඒ සඳහා මිනුවන්ගොඩ කොමර්ෂල් බැංකුව අංක 8330027439 දරන ගිණුමට මුදල් බැර කළ හැකියි වැඩි විස්තර 077 6135064 දරන දුරකථන අංකයෙන් විමසිය හැකි යි.
 


රාජගිරිය ජනාධිපති විද්‍යාල මාවතේ පදිංචි 18 වියැති ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ 13 වන වසරේ ඉගෙනුම ලබන මිනෝද් තිසරු දිළුසංඛ දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.

ඔහුගේ මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැයවන හෙයින් මුදල් පරිත්‍යාග කිරීමට කැමති පින්වතුන් මහජන බැංකුවේ රාජගිරිය ශාඛාවේ 174200110010077 දරන ගිණුමට මුදල් බැරකරන ලෙස ඉල්ලා සිටියි.


පොල්ගහවෙල සෙරපිස් නිවාස අංක 18 හි පදිංචි කේ.වී. මුතුරාමලිංගම් මහතා දැනට බරපතළ ලෙස හෘද කපාට අවහිර වීමේ රෝගයට මුහුණපා ඇත. වෛද්‍ය උපදෙස් මත සැත්කමක් සඳහා සැලසුම් කර ඇත. මෙම ශල්‍යකර්මය සඳහා රු. 464 500/- මුදලක් වැය වේ. එනිසා ඔබේ ආධාර ලංකා බැංකුව පොල්ගහවෙල අංක 5700951 ගිණුමට යොමු කළ හැකි යි. වැඩි විස්තර 037 22 44 246 හා 077 625 4611 දුරකථන අංකයන්ගෙන් විමසිය හැක.


හදවත් සැත්කම සඳහා පිහිට පතයි

පන්නිපිටිය, දෙපානම, අංක 85/6 හි පදිංචි ධනුෂ්ක චතුරංග ප්‍රනාන්දු ( අවු. 27 ) අය දරුණු හදවත් රෝගයකින් පෙළේ. ඔහුට ඉක්මණින් ශල්‍ය කර්මයක් කළයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔබගේ මුදල් ආධාර මහරගම ශාඛාවේ කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8180019622 ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර දු.අ. 0725023150 දැනගත හැකියි.


අක්මාවෙන් කොටසක් ලබා ගැනීමට

43 හැවිරිදි වෛද්‍යවරයෙකුගේ ජීවිතය බේරා ගැනීමට, වයස අවුරුදු 25 –40 ත් අතර නිරෝගී, සාමාන්‍ය සිරුරැති රුධිර ඝණ “ඒ පොසිටිව්” හෝ ‘ඕ පොසිටිව්’ අයකුගේ අක්මා පටක කොටසක් අවශ්‍යව ඇත.

දන් දීමට කැමති පින්වතකු වෙත්නම් පහත අංකයට අමතන්න. 071 – 64 67 413, 071 48 10 998 , 071 81 49 863

 

උඳුවප් මස පුර පසළොස්වක පෝය

උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]