UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

මහාවිහාර උඳුවප් පුන් පොහොය වැඩසටහනමෙසේය.

පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පෝදින පෙරවරු 6.00 – 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී “භාවනා පළමුවැනි පොත” එහි සම්පාදක රෝහිත විජයතිලක මහතා විසින් අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිට පිළිගැන්වීම, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා 4.00 – 5.00 ධර්ම දේශනය, 5.00 – 6.00 පදවීතිහාර පූජාව, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙරවරු 5.00 – 5.30 භාවනා, 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය, 8.00 – 10.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා වැඩසටහන.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පුර පසළොස්වක පොහෝ දා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 දක්වා භාවනා වැඩසටහන විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ, වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනාව, කෙසෙල්පොත සුමනවංශ හිමි, 10.30 – 11.00 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 ට බුද්ධානුතිස්ස භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය 2.15 – 3.15 ධර්ම දේශනය ශ්‍රී ලංකා මහපිරිවෙනේ බඹරකන්දේ හේමානන්ද හිමි, 3.15 – 4.15 ට භාවනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 දක්වා රාත්‍රි ධර්ම දේනය (පටිගත කරන ලද)


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින වැඩසටහන මෙසේය.

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 සිට 9.00 දක්වා දෙවිපහල දේවමිත්ත හිමියන් පවත්වන ධර්ම දේශනාව. 9.15 සිට 11.00 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1.00 සිට 2.00 දක්වා බියගම ධම්ම දස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දොළොස්වල උධිතධීර හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවකි. 2.00 සිට 3.00 දක්වා ධර්ම දේශනාව මහරගම ධර්මායතනවාසී ලග්ගල අසම හිමි. 4.00 සිට 5.00 දක්වා දැරණියගල නිරපධී දසසිල් මෑණියන් වහන්සේ පවත්වන ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහනකි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය, පුන් පෝ දින ශීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ශාස්ත්‍රපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 ධර්ම දේශනය සිරි ධම්මින්දාරාමවාසී දිවුරුම්වෙල විනීත හිමි, 9.30 ධර්ම දේශනය පුස්සැල්ලේ සාරද හිමි, 11.00 දහවල සම්බුද්ධ පූජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් ගුණ සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, 1.15 විශේෂ ගිහි දේශනය, මෙහෙයවීම, වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු මහතා, 3.00 කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 7.00 රාත්‍රී විශේෂ ගිලන්පස පූජාව සහ බෝධි වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය.

මෙදින බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ, දුලානි පලිහදැරු මහත්මිය සහ නෙළුම් රේණුකා මහත්මිය විසිනි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 7.45 – 10.00 ධර්ම දේශනය වතුරුගම නන්දසිරි හිමි, 10.15 - 11.15 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී යහීරල විමල හිමි, පස්වරු 1.00 – 2.30 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ නායක හිමි 3.00 – 4.15 ධර්ම දේශනය මාළම්බඩ පඤ්ඤාසාර හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය මොරකැටිආරේ ධම්මික හිමි, 5.45 – 7.30 ධර්ම දේශනය විහාරාධිපති කොස්ගම ධම්මදස්සන හිමි, 7.45 – 8.30 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගතකළ එකකි), 8.35 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

මහරගමසිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, කඩිගමුවේ සමුදිත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අගලවත්තේ සුමිත්ත හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝදය පරිවෙනාධිපති උලහිටියාවේ විභාවී හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහ නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාම වාසී ශාස්ත්‍රපති වැලිගෙපොල ශීලවංස හිමි, 5.00 – 6.00 ධම්ම පදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


ශ්‍රී විජයසුන්දරාරාමය හුණුපිටිය

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ පොහෝ දින පින්කම් මෙසේ ය.

පෙරවරු 6.00 සිට පසු දා 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්‍ෂක කාර්ය සාධක සමිතිය කටයුතු යොදා ඇත. මෙදින පැවැත්වෙන දාන ශීල භාවනා වැඩසටහන් මාලාව සඳහා වලවෙල හේමානන්ද මාහිමි, වෑගල්ලේ රාහුල හිමි, මාලිබොඩ සුගතනානන්ද හිමි, දළුගම සමිතඥාන හිමි, දොරපනේ නීග්‍රෝ හිමි, බුත්කන්දේ රතනජෝති හිමි, හුණුවල පියදස්සි හිමි, වේවැල්දූවේ ධම්මකිත්ති හිමි යන හිමිවරු සහභාගි වේ.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී උඳුවප් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

භාවනා වැඩසටහන චෛත්‍යය මළුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කළුතර මිත්ත හිමියන් විසින් විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැනින් නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදු කෙරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් පූජාකර බෝධිපූජාව පැවැත්වේ. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ධර්මශාලාවේ දී පසුදා පහන්වනතුරු පැවැත්වේ.


බම්බලපිටිය සිරිවජිරාරාමය

බම්බලපිටිය සිරිවජිරාරාමයේ, පුන් පෝදා සීල වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාම දහම් පාසල් උප ප්‍රධානාචාර්ය මීගොඩ සුනීත හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි, 9.00 – 9.30 විශේෂ ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි, 9.30 – 10.30 ධර්මානුශාසනාව බොරැල්ලේ අතුල නා හිමි, 10.30 – 11.00 අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ පටිගත කළ ධර්ම දේශනාව, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය, කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිහේපොල සීලවංශ හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව දික්වැල්ලේ උපතිස්ස හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී. ජේ. හරිස්චන්ද්‍ර මයා, 5.00 – 6.00 ධර්මදේශනය අගලකඩ සිරිසුමන හිමි. 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, බුද්ධ පූජාව, ධර්ම දේශනාව ශාස්ත්‍රපති තෙලිජ්ජවිල සුසමාහිත හිමි, ධර්ම දේශනාව ශාස්ත්‍රපති පට්ටියවෙළ සීවලී හිමි, බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව කොලොන්නාවේ හේමසිරි හිමි, කුඩාමනින්ගමුවේ සංඝානන්ද හිමි, ධර්ම සාකච්ඡාව හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී දේවාලේගම සුමනරතන හිමි, සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරි පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

සීල සමාදන් කරවීම, හීන්බුන්නේ සුනන්ද සිල් ආවර්ජනාව කිවිපති මාර්ටින් ජයවර්ධන ශූරීන්, විදර්ශනා මාර්ගය, පලොල්පිටියේ ආනන්ද බෝධිණි සිල් මාතාව බුද්ධ වන්දනාව දෙහිගස්පේ සිරිවිමළ හිමි රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි අනුශාසනා පරිදි සෙවණගල මලිඳු, නෙරලම්පිටියේ දිනිඳු, කට්ටකඩුවේ මිලිඳු දෙයියන්දර මනිඳු සාමණේර හිමි ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය නිලන්ත හෙට්ටිගේ ශූරීන්, ධර්ම දේශනාව හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, සිල් පවාරණය විශේෂ ධර්මදේශනාව හක්මන කුසලඥාණ හිමි.

 

උඳුවප් මස පුර පසළොස්වක පෝය

උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]