UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෑවිඕවිට ඉන්දරතන හිමියෝ නායක පදවි ලබති

හෑවිඕවිට ඉන්දරතන හිමියෝ නායක පදවි ලබති

මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ අධිපති ධූරය දරන ප්‍රවීණාචාර්ය හෑවිඕවිට ඉන්දරතන නා හිමිපාණන් වහන්සේ වසර 55 ක පමණ සිට ජාතික හා ආගමික වශයෙන් විශිෂ්ට සේවාවක නිතර වී සිටිති. විහාරස්ථාන රැසක අධිපති ධූරය දරන උන්වහන්සේගෙන් ප්‍රදේශයට සිදුවන මෙහෙවර අගයනු වස් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් ‘ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාතිස්ස’ ගෞරව නාමය සහිතව මාතර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනමා ඇත.

මෙම සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 21 වැනි දින අපර භාග 3.00 ට මහනුවර මල්වතු මහා විහාරස්ථ රාජ පූජිත ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී පැවැත්වෙන අතර අභිනව නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය මේ මස 23 වැනි ඉරිදා සවස 2.00 ට පිටබැද්දර, ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ දී පැවැත්වේ.

උත්සවයේ මුලසුන හොබවන්නේ ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වන අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා සහභාගී වේ. අභිනව නාහිමිපාණන් වහන්සේට අක්තපත්‍රය පිළිගන්වන්නේ එතුමන් විසිනි. විජිණිපත පිළිගැන්වීම සිදු කරනුයේ රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මැතිතුමා විසිනි. මීට අමතරව ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වේ.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]