UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 8: කළ වරද ගැන නොතැවී නැවත එම වරද නොකිරීමට අංගුලිමාල සූත්‍රයෙන් අවවාද

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 8

කළ වරද ගැන නොතැවී නැවත එම වරද නොකිරීමට අංගුලිමාල සූත්‍රයෙන් අවවාද

දිනක් අංගුලිමාල තෙරුන් වහන්සේ පිඬු සිඟා යද්දී, ප්‍රසූතිය අපහසුව විලිරුදාවෙන් පෙළී හුන් ගර්භිණී ස්ත්‍රියක දැක අනුකම්පා උපදවා, බුදුරජාණන් වහන්සේ කරා ගොස් එම පුවත සැළ කළ සේක. බුදුරජාණන් වහන්සේ සිතා මතා ම, කලක් මිනීමරුවකු ව සිට යහමගට පිළිපන් තෙරුන් වහන්සේට අද්භූත සත්‍ය ක්‍රියාවක් උගන්වා, එම ගභ¡ණී ස්ත්‍රිය වෙත ගොස් එම සත්‍ය ක්‍රියා පාඨය කියන්නට අවවාද කළ සේක.

ශේක්ස්පියර් ලියූ “ මැක්බෙත්” ශෝකාන්තයේ, ඩන්කන් රජුගේ ඝාතනයෙන් පසු මැක්බෙත් ආර්යාවට වැළඳුණු මානසික අසහනය පිළිබඳව මැක්බෙත් වෛද්‍යවරයකුගෙන් ඇසූ ප්‍රශ්නාවලිය මෙසේය.

“වෛද්‍යතුමනි, ඔබට නොහැකි ද රෝගී වූ මනසකට සාත්තු කිරීමට ? මතකයෙහි මුල් බැස ගත් ශෝකයක් ඉන් ගලවා ඉවත් කිරීමට ? ඉස් - මොළ තලයේ කෙටී පවතින කරදර ඉන් මකා දැමීමට ? ඉන් පසු මතකය සිඳලන යම් මධුර ඖෂධයකින්, හදවත තුළ තෙරපෙන ඝෝර විෂ සෝදා හැර ළය මඬල පිරිසුදු කිරීමට ? “

පසුතැවිල්ල

මනෝ වෛද්‍යවරුන් සහ චිකිත්සකවරුන් සොයා දිනපතා බොහෝ රෝගීන් මැක්බෙත් නැගූ® එ වැනි ප්‍රශ්න ම නඟමින් එන්නේ, බරපතළ වරදක් තමන් අතින් සිදු වූ බව වටහාගෙන ඉන් හටගෙන ඇති දරුණු පසුතැවිල්ල දරාගත නොහැකිව, මතකය සිඳලන එවැනි ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි.

ඔවුන් අතුරින් ඇතැමුන් එන්නේ සිය දිවි හානි කර ගැනීමට සියල්ල සූදානම් කර තබා, තීරණය නැවත සලකා බැලීමෙන් පසු ය. මෝහනය හෙවත් විනිද්‍රාව (ඩ්කර්‍ථව්ර්‍ණඉධ්ඉ) වැනි චිකිත්සක ක්‍රමයකින් තම මතකය සිඳලන ලෙස ඇතැම්හු ආයාචනා කරති. සිය දිවි හානි කර ගැනීම ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් නොවේ. ඕනෑම ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් අනුගමනය කරන අතර එය වැරැදි බව වැටහී ආපසු පැමිණ වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීමට සිය දිවි හානි කර ගැනීමේදී නො හැක. විනිද්‍රා චිකිත්සාවෙන් කළ හැක්කේ යටි සිතේ අමතක ව ඇති සිද්ධීන් උඩු සිතේ මතකයට නංවා ප්‍රකාශනය කිරීම මිස මතකය සිඳ ලෑම නො වන බව ඔවුනට පහදා දිය යුතුය.

මෙවැනි අවස්ථාවෙදී රෝගියාට සැපයිය යුතු මාර්ගෝපදේශකත්වය සහ අවවාද සියල්ලම ගැබ්ව ඇත්තේ, ඔබ අප හැම අසා පුරුදු අංගුලිමාල සූත්‍රයේ ය.

අංගුලිමාල සූත්‍රය

මජ්ක්‍ධිම නිකායේ රාජවග්ගයේ ඇතුළත් අංගුලිමාල සූත්‍රය, බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල මහ රහතන් වහන්සේට උගන්වා වදාරන ලද්දකි. විලිරුදාවෙන් පෙළෙන ගර්භිණී ස්ත්‍රියකගේ ප්‍රසූතිය පහසු වන ලෙස කරනු ලබන සත්‍ය ක්‍රියාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේට උගැන්වූ මෙම සූත්‍රය තුළ, අනාගතයේ පහළ වන, පෘථග්ජන භාවය නිසා නොයෙක් අවස්ථාවල වැරැදි කර පසුතැවිලි වන සකල මිනිස් වර්ගයාටම පිහිට වන අනර්ඝ අවවාදයක් සැඟවී තිබේ.

ජීවිත දහසක් පමණ නසා, තම මෑණියන් ද බුදුරජාණන් වහන්සේ ද නසන්නට තැත් කළ අංගුලිමාල මහා ප්‍රඥාවෙන් සහ මහා කරුණාවෙන් දමනය කළ බුදුරජාණන් වහන්සේ ඔහු යහමගට යොමු කර තමන් වහන්සේගේ ආරාමයට ම කැඳවාගෙන අවුත් පැවිදි කළ සේක.

නිධාන කතාව

දිනක් අංගුලිමාල තෙරුන් වහන්සේ පිඬු සිඟා යද්දී, ප්‍රසූතිය අපහසුව විලිරුදාවෙන් පෙළී හුන් ගර්භිණී ස්ත්‍රියක දැක අනුකම්පා උපදවා, බුදුරජාණන් වහන්සේ කරා ගොස් එම පුවත සැළ කළ සේක. බුදුරජාණන් වහන්සේ සිතා මතා ම, කලක් මිනීමරුවකු ව සිට යහමගට පිළිපන් තෙරුන් වහන්සේට අද්භූත සත්‍ය ක්‍රියාවක් උගන්වා, එම ගභ¡ණී ස්ත්‍රිය වෙත ගොස් එම සත්‍ය ක්‍රියා පාඨය කියන්නට අවවාද කළ සේක. මුල් වතාවේ බුදුරජාණන් වහන්සේ උගැන්වූ එම අද්භූත පාඨය මෙසේ විය. “ යතොහං භගිනි ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරෝපේතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ ති.”

එහි තේරුම නම් “ නැගණියනි, මම උපන් තැන් පටන් කොට දැන – දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා! මෙම පාඨයෙහි උපත වශයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මනුෂ්‍ය ජාතියෙහි මුල්වර උපතට වඩා කථනය වැදගත් ආර්ය ජාතියෙහි දෙවන වර උපත බවයි. මෙම අර්ථ මුලින් වටහා නොගත් අංගුªලිමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්ස මෙය මා දැන – දැනම කියන (සම්පජාන) මුසාවක් වෙයි. මම අතීතයේ දැන – දැන බොහෝ සත්වයින්ගේ දිවි තොර කළ කෙනෙක්මි ‘ යි පැවසූ සේක.

බුදුරජාණන් වහන්සේ දෙවනුව එම පාඨය ම වෙනත් ආකාරයකින්, එනම් අංගුලිමාල සූත්‍ර දේශනාවේ ඔබ – අප දන්නා වචනවලින් දේශනා කළ සේක. ඒ මෙසේය.

අංගුලිමාල පිරිත

“ යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු සොත්ථි ගබ්භස්සා’ ති.

මෙම දෙවන වරට උගැන්වූ පාඨයෙන් කියැවෙන්නේ “ නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැන දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා!” යනුයි.

උගත හැකි පාඩම

යම් අවස්ථාවක තම අතීත සිද්ධියක් වරද බව අවංක ව පිළිගෙන එතැන් පටන් කොට දැන දැන එම වරද නොකර සිටීම පසුතැවිලි වීමට වඩා ප්‍රඥාගෝචර බව, බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට දුන් අවවාදයෙන් උගත යුතුය.

එම අවවාදයෙහි පිහිටා ඉන්පසු අංගුලිමාල තෙරුන් වහන්සේ කළ සත්‍යක්‍රියාව සාර්ථක වීමෙන් ද, පසුතැවිලි නොවී අංගුලිමාල පිරිත අංගුලිමාල තෙරුණ් කමටහන් වඩා රහත් බව ලැබීමෙන් ද, පැහැදිලි වෙයි. උන් වහන්සේ පසුකලකදී ඇනූ උදානය මෙසේ ය.

“යමකු පළමු පමා වැ සිට පසුව නො පමා වේ ද හෙතෙමේ අග්‍ර (වලා ) හිමාදීන් මිදුණු සඳ මඬල සෙයින් මෙලොව බබුළුවන්නේය.”

“යමක්හු විසින් කරන ලද පව්කම් මාර්ග කුසලයෙන් වසා ලනු ලැබේද, හේ අග්‍ර ( වලා ) හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේයි.”

ශේක්ස්පියර්ගේ මැක්බෙත් දෘශ්‍ය කාව්‍යයේ මැක්බෙත් වෛද්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නාවලියේ සඳහන් වන “ ළය මඬල පිරිසුදු වීමේ සංකේතය වශයෙන් අංගුලිමාල තෙරුන් වහන්සේගේ උදානයේ සඳහන් වන “ සඳ මඬල බැබළවීම” පිළිගත හැක.

තුණුරුවන් සරණයි


බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 7 පුණ්ණෝවාද සූත්‍රයෙන් ධනාත්මක මනෝවිද්‍යා පාඩමක්
 

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]