UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අක්මාවෙහි කොටසක් ලබා ගැනීම

ගල්ගමුව, මොට්ටාරම් පොතාන ශ්‍රී වලගම්බා රජමහා විහාරයේ උභය විහාරාධිපති හිමියන්වන බලංගොඩ බුද්ධරක්ඛිත හිමියන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව විෂබීජයක් ශරීරගත වීමෙන් උන්වහන්සේගේ ඉතිරි වකුගඩුව ද නරක් වෙමින් පවතී. එහි අතුරු ආබාධයක් ලෙස අක්මාවද නරක් වී ඇතැයි ද කියති.

වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ නරක් වූ වකුගඩුව බද්ධ කිරීමට ප්‍රථම අක්මාවෙන් කොටසක් බද්ධ කළයුතු බවයි. වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලියෙකු ඉදිරිපත් වී සිටින අතර අක්මාවෙන් කොටසක් ලබාදීමට පරිත්‍යාගශීලියෙකු වේනම් උන්වහන්සේ උදව් උපකාරය අපේක්‍ෂා කෙරේ.

මෙම ශල්‍යකර්මය ඉන්දියාවේදී සිදුකළ යුතු බැවින් ඒ සඳහා රුපියල් ලක්‍ෂ 35 ක පමණ මුදලක් වැය වන බව දන්වයි. දිනපතා ලබාගන්නා ඖෂධ සඳහා ද මසකට විශාල මුදලක් වැය වෙයි. මේ සඳහා ඔබට ද උපකාර කළ හැකියි.

බලන්ගොඩ බුද්ධරක්ඛිත හිමියන් නමින් ඇති ගල්ගමුව ලංකා බැංකු ශාඛාවට ඔබේ ආධාර බැර කළ හැකියි. වැඩි විස්තර 077 1515800 හෝ 071 3933709 දරණ දුරකතන අංකයෙන් දැනගත හැකියි.


බලපිටිය, ගොඩගෙදර, ‘ හිල් හවුස්’ හි පදිංචි නදීෂා ගුණසේකර ( 29 ) නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ර්‍ණ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත.

ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 0787260120 දරන දුරකථනයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. අම්බලන්ගොඩ ජාතික ඉතිරිකිරීමේ බැංකුව අම්බලන්ගොඩ ශාඛාවේ ගිණුම් අංක 100330306762 ගිණුමට ඔබේ මුදල් බැර කළ හැකියි.


29 හැවිරිදි මාගේ දියණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව, විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගන වෛද්‍යතුමා නිර්දේශ කර ඇත. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් දුරකථන 077 127 72 16 අංකයට අමතන මෙන් ඉල්ලා සිටියි.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]