UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> වැලිගත්ත කුඩාගම්මාන දහය ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය

බැරගම සෝභිත නා හිමි තෙමහල් සංඝාවාසය විවෘත කෙරේ

වැලිගත්ත කුඩාගම්මාන දහය ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය

නිර්මල සම්බුදු දහම විශ්ව ව්‍යාප්තව රැගෙන යාමට දෙස, බස, රැස දිවි හිමියෙන් රැක ගනිමින් ධර්ම, විනයධර, සිල්වත් ගුණවත් අභිමානවත් භික්‍ෂූ පරපුරක් හා දැනුම ආකල්ප කුසලතා වලින් යුත් කරුණාව, දයාව මෛත්‍රිය සපිරි උතුම් මානව සමාජය ගොඩගැනීමයි

හම්බන්තොට වැලිගත්ත කුඩාගම්මාන 10 ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රදේශයට දහම් මිහිර බෙදා දෙන කේන්ද්‍රස්ථානයකි. හම්බන්තොට මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායකව වැඩ විසූ රාජකීය පණ්ඩිත බැරගම ශ්‍රී සෝභිත නාහිමියන් වහන්සේ ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ ආදි කර්තෘන් වහන්සේය.

ශ්‍රී විද්‍යාසෝභිත මූලික පිරිවෙන එම විහාරස්ථානයේ ආරම්භ කරන ලද්දේ වත්මන් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී බැරගම ඤාණතිලක හිමියන් විසිනි.

බැරගම ඤාණතිලක හිමියන් අම්බලන්තොට බැරගම ශ්‍රී ඥාණවිමල පිරිවෙන් විහාරයේදී 1990 නොවැම්බර් 01 වැනිදා පැවිදි බිමට පා තැබූහ. මුන්වහන්සේ මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබ අ.පො.ස උපෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව 2001 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලි භාෂාව පිළිබඳව විශේෂ උපාධිය ලබා ගත්තේ 2006 දීය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර ඉහත කී පිරිවෙන් අධ්‍යාපනයේ පාලි භාෂාව ඉගැන්වීමට උපගුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අතර පාලි භාෂාව පිළිබඳව දැනුමක් මුන්වහන්සේ සතුව පවතී. මේ කාලවකවානුවේදීම ගුරු නාහිමියන් විසින් හම්බන්තොට වැලිගත්ත කුඩාගම් 10 ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ ගමක ආරම්භ කරන ලද ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයෙහි භාරකාරත්වය පවරණ ලදී.

මේ සඳහන් කළේ ඉන් එක් අවස්ථාවක් පමණි. මේ අනුව ප්‍රදේශයේ සියලු බෞද්ධ ජනතාව මුන්වහන්සේගේ කාරුණික අනුශාසනාවට අවනතව දැහැමින් ක්‍රියා කරනු ලබයි. දහම් පාසල ළමා සමිති, තරුණ සමිති, වැඩිහිටි සමිති, කාන්තා සමිති ආදි ස්වේච්ඡා සංවිධාන ආරම්භ කොට ඔවුනොවුන්ගේ එදිනෙදා ජීවන ගැටලු විසඳා ලීමටද ක්‍රියා කරයි. මුන්වහන්සේ සිදුකරගෙන යනු ලබන ශාසනික මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමක් වශයෙන් ශ්‍රී විද්‍යා සෝභිත මූලික පිරිවෙන තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නමින් ආරම්භ කළේ තම ගුරුවරයාට කළගුණ සැලකීම සඳහාය. දැනට එම පිරිවෙනෙහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 30 නමක් පමණ අධ්‍යාපනය ලබන අතර එම පිරිවෙනෙහි පරිවේනාධිපති හිමියන් ලෙස කටයුතු කරන්නේද උන්වහන්සේට මහත් ශක්තියක්ද සපයන උන්වහන්සේගේම ශිෂ්‍යවරයන් වන ශාස්ත්‍රවේදී කඹුරුපිටියේ ඥානිස්සර ස්වාමින් වහන්සේය.

එම මූලික පිරිවෙන මහා පිරිවෙනක් දක්වා සංවර්ධනය කොට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා ධර්ම, විනයධර, සිල්වත්, ගුණවත් භික්‍ෂූන් වහන්සේලා විශේෂයෙන් පාලි භාෂාව, සංස්කෘත, දෙමළ, ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබාදී දෙස් විදෙස් මෙහෙවර කළ හැකි භික්‍ෂු පරපුරක් තැනීම අරමුණය.

බැරගම
සෝභිත නා හිමි

බැරගම
ඤාණතිලක හිමි

මුන්වහන්සේගේ ඉදිරි දැක්ම ලෙස ‘නිවැරැදි මග හඳුනාගත් ශික්‍ෂාකාමී උගත් භික්‍ෂු පරපුරක් දැයට දායාද කිරීම දැක්විය හැකිය.

නිර්මල සම්බුදු දහම විශ්ව ව්‍යාප්තව රැගෙන යාමට දෙස, බස, රැස දිවි හිමියෙන් රැක ගනිමින් ධර්ම, විනයධර, සිල්වත් ගුණවත් අභිමානවත් භික්‍ෂූ පරපුරක් හා දැනුම ආකල්ප කුසලතා වලින් යුත් කරුණාව, දයාව මෛත්‍රිය සපිරි උතුම් මානව සමාජය ගොඩගැනීමයි.

මේ උතුම් පරමාර්ථය සාධනය කර ගැනීමට විහාරස්ථානයේ භික්‍ෂු නේවාසිකාගාරයක් හෙවත් සංඝාවාසයක් ඉදිකිරීමට අදහස් කළ අතර ඉතාම කෙටි කලක් තුළ සතරපේරුවේ දායක කාරකාදින්ගේ හා පින්කැමති හිතමිතුරන්ගේ ආධාර උපකාර කෝටි ගණනක් වැයකොට අලංකාර තෙමහල් සංඝාවාස මන්දිරයක් ඉදිකරන්නට සමත් වූහ. එම සංඝාවාසය මෙම මස 6 වැනිදා අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත නාකුලුගමුවේ පේමතිලකාභිධාන මහා නාහිමියන් ඇතුළු තෛ‍්‍රනිකායික මහාසංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්‍ෂ මැතිඳුන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කොට සඟසතු කොට පූජා කිරීමට නියමිතව ඇති අතර නොවැම්බර් 05 දින විහාරස්ථානයට අවශ්‍ය අංගයක් වන චෛත්‍යරාජයන් වහන්සේට මුල්ගල් තැබීමද කථානායක තුමා අතින් සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ අනුව කඨින පින්කම සිදුවන චීවර මාසයේ දින ගණනාවක් පුරා ප්‍රදේශයේ බොදුනුවන්ගේ ධර්මඤාණය වැඩි දියණු කිරීම උදෙසා දේශකයන් වහන්සේලා වැඩමවා ධර්ම දේශනා පින්කම් මාලාවන් ද සංවිධානය කර තිබිණි. මේ වන විට විහාරස්ථානයේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතී. හම්බන්තොට දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ විහාරස්ථානයේ මෙන්ම කුඩාගම් 10 ගම්මානයේදී මංමාවත් සංවර්ධනය, විදුලි ආලෝක ලබාදෙමින් කටයුතු කිරීම ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේ පැසසුමට භාජනය වී ඇත.

උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අතර මෙම භෞතික ඉදිකිරීම්වලටත් වඩා වැදගත්ම දේ වන්නේ මේ වන විට උන්වහන්සේ විසින් පැවිදි කරන ලද භික්‍ෂූන් වහන්සේලා 15 නමකගෙන් පස් නමක් උපාධිධාරින් ලෙස මේ බුද්ධශාසනයේ උන්නතිය උදෙසා වැඩ කිරීමට දක්ෂ උසස් භික්‍ෂූ පරපුරක් දායාද කිරීමයි.

මේ අන්දමින් ඉතා ආදර්ශවත් මෙහෙවරක් උදෙසා ඇප කැප වී ක්‍රියාකරන කලණමිතුරු ගෞරව ශාස්ත්‍රවේදී බැරගම ඤාණතිලක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය පතමි.

 

 

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]