UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

හොරණ පඤ්ඤාශේඛර නා හිමි

හොරණ රජ මහා විහාරාධිපති විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ කෘත්‍යාධිකාරී ලන්ඩන් තේම්ස් බෞද්ධ ආයතනයේ ආගමික අධ්‍යක්‍ෂ ශාසන කීර්ති, සද්ධර්ම විභූෂණ රයිගම්පුර රත්න විභූෂණ, ශාසන ධවජග්‍ර, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ රයිගම් සල්පිටි හේවාගම් කෝරලත්‍ර ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක විශාරද ශ්‍රී මේධංකර ත්‍රිපිඨක වාගීෂ්වරාචාර්ය යන ගෞරව නාම රැසකින් ද ගෞරවනීයත්වයට පාත්‍ර වූ හොරණ පඤ්ඤාශේඛර නාහිමි ඉකුත් දා 95 වැනි වියට පා තැබූහ.

කඩුගන්නාව ප්‍රදේශයේ හීන්කෙන්ද මුදියන්සේලාගේ හෙන්ද්‍රික් අප්පුහාමි සහ හොරණ ප්‍රදේශයේ දෝන ඇඩ්ලින් කාරියවසම් යන දම්පතීන්ගේ වැඩිමහල් පුත්‍ර රත්නය ලෙස 1918 නොවැම්බර් මස 03 දින ජන්ම ලාභය ලත් මෙම පින්වත් කුමරු හෙක්ටර් ජයවර්ධන නම් විය. එවකට හොරණ රජ මහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළ කරඳන දේවානන්ද හා හොරණ ශ්‍රී සෝමානන්ද යන මාහිමිවරුන්ගේ ආචාර්ය හා උපාධ්‍යාත්වය යටතේ 1933 අගෝස්තු 10 දින හොරණ පඤ්ඤාසේකර නමින් ප්‍රවෘජ්‍යා භූමියට පිවිස මුන්වහන්සේ 1939 ජුනි මස 29 දින උපසම්පදාව ලැබූහ.

නොබෝ කාලයකදී ප්‍රාචීන පණ්ඩිත උපාධි මෙන්ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද ලබා ගැනීමට ඇවැසි ඥානෝභාෂයෙන් හා ප්‍රඥා මහිමයෙන් පරිපූර්ණ වූහ.

මුන් වහන්සේට ධර්‍ම ශාස්ත්‍රොද් ග්‍රහණය මෙන්ම පෙර අපරදිග භාෂාන්තර දැනුමත් වර්ධනය කොට ගෙන උගත් වියත් පඬිවරයකු වීමට සිය දිවියේ ගෙවුනු මුල් අඩසිය වසරක කාලය හොඳ හැටි ප්‍රමාණවත් වූයේය. උන්වහන්සේ ඉන්දියාව, ජපානය, තායිලන්තය, චෙකොස්ලොවැකියාව, නෙදර්ලන්තය, එංගලන්තය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්කොට්ලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව හා හංගේරියාවට ද විවිධ අවස්ථාවල වැඩම කර ධර්ම දේශනා පවත්වා ඇත.

වරකාගොඩ මහා විද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන් අධ්‍යාපන සේවාවට එක් වූ උන්වහන්සේ හොරණ විද්‍යාරතන පිරිවෙන ගොඩනැගීමේදී ද ඉමහත් වෙහෙසක් දැරූහ. පසුව එහි පරිවෙණාධිපති ධූරය ද හෙබවූහ. උන්වහන්සේ යටිනුවර ඌරාපොල අභයරාජ පිරිවෙනෙහි ද ආරම්භක පරිවෙණාධිපති ධූරය ද දැරීය. පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා නාහිමියන් කළ සේවය අගයනු වස් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත සමස්ත ලංකා පිරිවෙන් පරිවෙණාධිපති හා කෘත්‍යාධිකාරි සංගමයේ පූර්ණ අනුමැතියෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උන්වහන්සේට “පර්යාප්ති සාසන ධිවජාග්‍ර” යන ගෞරව උපාධි සන්නස් පත්‍රයක් ද පසුගිය දා විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් අමාත්‍යතුමන් අතින් පිරිනැමීය.

එංගලන්තයේ වැඩ වාසය කරමින් ලෝක ප්‍රජාවගේ හිත සුව පිණිස බුදු රජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ ධර්මය පිළිබිඹු කරමින් ධර්ම දූත සේවාවේ යෙදෙමින් පැවැත්වූ ධර්ම දේශනා එක් රැස්කර ට්ඪටබ ධට බඩඥ ච්ඩචපථච නමින් මුද්‍රිත ග්‍රන්ථය රටවල් රැසක් පුරා බෙදා හරිනු ලැබූ අතර එමගින් මහත් වූ ප්‍රතිචාර ලැබී තිබේ.

ආගමික ශාසනික හා සාහිත්‍ය උන්නතිය සඳහා කරන ලද සේවය අගයනු වස් පසුගියදා හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රයිගම්පුර රත්න විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර හොරණ නගර සභාවෙන් දෙටු පුරවැසි හරසර සම්මානයෙන් ද පිදුම් ලැබීය.


හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනේලිස් පෙරේරා සකලසූරිය පවුලේ කණිටු පුතණුවන් ලෙස 1917 ජනවාරි 14 දින උපත ලැබූ පින්වත් දරුවා නමින් කරුණාතිලක සකලසූරිය නම් විය. සකලසුන්දරාරාමය සඟසතුකර පූජා කරන අවස්ථාවේදී සකලසූරිය පවුලේ අය විසින් කරුණාතිලක සකලසූරිය කුඩා දරුවාද සසුනට පූජා කරන ලදී. ඒ කුමරුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායකව වැඩ විසූ අති පූජ්‍ය හිස්සැල්ලේ ඤාණෝදය මහා නාහිමියන් වෙතින් 1926 දී හේන්පිටගෙදර ඤාණාවාස නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අදාල මූලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර ශ්‍රී සුමන මහපිරිවෙනට වැඩම කරවන ලදී. 1940 උපසම්පදා භූමියට ඇතුළත් විය. 1946 දී රාජකීය පණ්ඩිත උපාධියත් 1955 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් ලබා ගැනීමට සමත් විය. 1964 දී දර්ශන විශාරද උපාධියද ලබා ගත්තේය. රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ශ්‍රී සුමන විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේදී මූලිකව කටයුතු කළේය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විදේශ රටවල් කිහිපයකම බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළේය. රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ මෙන්ම බලගල්ල සරස්වතී මහ පිරිවෙනෙහි ද අධිපතිධුරය ද ඉසිලූහ.

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් සමඟ සෙවනැල්ලක් මෙන් කටයුතු කළ ඥානාවාස නාහිමියන් වෙත නොකළ වරදකට ඤාණසීහ නාහිමියන් බන්ධනාගාරගත කිරීමෙන් පසු විශාල වගකීමක් පැවැරුණු අතර ඒ සියල්ල මනා ලෙස ඉටුකිරීමටද සමත් විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ව්‍යවස්ථාව සකස් කිරීමේදීද මුල් තැන ගෙන කටයුතු කළහ. ශශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමියන් නිකායේ දියුණුව උදෙසා ද මහත් සේවාවක් ඉටු කළේය.

1986 නොවැම්බර් මස 02 දින අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණවාස නාහිමියන් විසින් ඉටු කළ සේවාවන් අගය කිරීමක් වශයෙන් කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථදායක සභාව විසින් රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව විශේෂ පින්කම් මාලාවක් ඉකුත්දා සිදු කැරිණි.


කෝන්ගස්තැන්නේ පඤ්ඤාසේකර නා හිමි

රත්නපුර දෑල ශ්‍රී ගංගාරාම පරිවෙණාධිපති කොස්ගල ශ්‍රී විමල දර්ශනාරාමාධිපති හා කට්ටංගේ ශ්‍රී විමල දර්ශනාරාමාධිපති වූද නිවිතිගල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදි කෝන්ගස්තැන්නේ පඤ්ඤාසේකර නා හිමියන් උතුම් මෙහෙවරක් කළ සංඝ පීතෘන් වහන්සේ නමකි.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වැලිගෙපොල කෝන්ගස්තැන්න ග්‍රාමයේ 1944 නොවැම්බර් 27 වැනි දින එච්.එම්. සිරිවර්ධනහාමි සහ කේ.එම්. යසෝහාමි යන දම්පතීනට දාව ජන්ම ලාභය ලැබීය.

මූලික පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු දොලොස්වල පඤ්ඤාවිමල හිමියන් වෙත බාර කැරිණි. මූලික බණ දහම් ප්‍රගුණ කිරීමෙන් පසු 1956 පෙබරවාරි මස 22 වන දින කීරපත්දෙනිය ශ්‍රී විජයාරාම මහ විහාරස්ථානයේදී ත්‍රිපිටකාචාර්ය පුස්සැල්ලේ පඤ්ඤානන්ද මහාස්වාමීන් වහන්සේගේ හා දොලොස්වල පඤ්ඤාවිමල මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කෝන්ගස්තැන්නේ පඤ්ඤාසේකර යන නමින් පැවිදිබිමට පත්විය.

දෑල ශ්‍රී ගංගාරාම මූලික පිරිවෙන තුළින් මූලික පිරිවෙන් අධ්‍යාපනය හමාරකොට උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙනට ඇතුළත් විය. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් පඤ්ඤාසේකර නාහිමියන් වහන්සේ ප්‍රාචීන විභාගවලින්ද උසස් ලෙස සාමාර්ථය ලැබූහ.

1964 මැයි මස 29 වන දින රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් ප්‍රමුඛ මහා සඟරුවන වෙතින් උපසම්පදා භූ®මියට පත්විය.

මොනරාගල මැදගම විද්‍යාලය, කිරිඉබ්බන්,ආර කනිෂ්ඨ විද්‍යාලය හා දෑල මහා විද්‍යාලය යන විදුහල්වල සේවය කරමින් දැයේ දරුවන්ගේ නැණැස පෑදීමට මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළහ. අනතුරුව දෑල ශ්‍රී ගංගාරාම පරිවේනාස්ථානයේ පරිවේණාධිපති වශයෙන් විශ්‍රාම ලබනතුරුම සේවය කළහ.

උන්වහන්සේ සිදුකළ ජාතික,ආගමික හා සාමාජික සේවාවන් අසීමිතය. දෑල ශ්‍රී පඤ්ඤාරතන නමින් දහම් පාසලක් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ රත්නපුර ප්‍රාදේශීය සංඝ සභාවේ සාමාජිකත්වය හා නිවිතිගල විහාරාධිපති සංගමයේ සාමාජිකයෙකු වශයෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට කාලය, ශ්‍රමය, ධනය වැය කළහ. උන්වහන්සේගේ ගුණානුස්මරණය 2012 නොවැම්බර් 15 වන දිනට යෙදී තිබිනි.

ඒ නිමිත්තෙන් දෑල ශ්‍රී‍්‍ර ගංගාරාම පිරිවෙන් විහාරස්ථානයේදී ඉකුත් මස 15 වන දින දරුවන් සිව්දෙනෙකු පැවිදි කිරීමේ පින්කමෙන් ආරම්භ වූ ගුණානුස්මරණ පින්කම් මාලාව 25 වනදා දක්වා පැවැත්විණි.


බදුල්ලගම්මන රතනසාර හිමි

මොණරාගල රජමහා විහාරය, බුත්කිරියගොල්ල සුධර්මානන්ද විහාරය, හිදිකිවුල ශ්‍රී ඉන්ද්‍රාරාමය යන විහාරත්‍රයාධිපති මො/ශික්‍ෂාකර පිරිවෙනේ කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති බදුල්ලගම්මන රතනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හැත්තෑපස් වන ජන්ම දිනය ඔක්තෝබර් 25 දිනට යෙදී තිබිණි. උන්වහන්සේගේ දිගුකාලීන පැවිදි දිවියේ සුවිශාල සමාජ මෙහෙවර ශ්‍රී ලාංකේය යති පරපුරට ඉතා ශෝභමාන එළියක් එක් කර තිබෙයි.

මොණරාගල නගරයේ පිහිටි ප්‍රධාන විහාරස්ථාන දෙක රජමහා විහාරය සහ සුධර්මානන්ද විහාරයයි. ඒවායේ ආධිපත්‍යයට පත් වූ නාහිමියන්ගේ දශක හයක විශිෂ්ට ලෝක ශාසනික සේවාව අතිශයින්ම ප්‍රභාමත්ය. විද්‍යෝදය පිරිවෙනින් ද, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා 1966 ඇරඹූ වසර තිස් පහක ගුරු සේවය නිමා කරන්නේ විදුහල්පතිවරයෙකු වශයෙනි. හිදිකිවුල ප්‍රදේශයේම රාජකාරි කරමින් අහිංසක දරුවන් වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට අධ්‍යාපනික මෙහෙවර අතිශයින් අගය කළ යුත්තකි. ආගමික කටයුතු ඉටු කරන්නට විහාරස්ථානයක් නොවූ හිදිකිවුල ගමට ශ්‍රී ඉන්ද්‍රාරාමය නමින් අංගසම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකිරීම අමරණීය සිහිවටනයකි.

ශ්‍රී ශික්‍ෂාකර පිරිවෙණ නැවත අරඹා භික්‍ෂු අධ්‍යාපනයට ද ජීවය දුන් රතනසාර හිමියෝ මොණරාගල සුධර්මානන්ද විහාරයේ ගොඩනැගිලි රාශියක් ඉදි කරවා දියුණු කිරීම බොදු ජනයාටත් ශාසනයටත් ඉටු කළ තවත් පූජනීය මෙහෙවරකි. හිදිකිවුලේ ඉන්ද්‍රාරාමයේ නව දහම් පාසලක් අරඹා දහම් අධ්‍යාපනය නගා සිටුවාලන්නට ඉටු කළ සේවය වඩාත් ආලෝකමත් වන්නේ මොණරාගල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ විසි පස් වසරක් ලේඛකාධිකාරී වශයෙන් ඉටු කළ කැපකිරීම මුළු ප්‍රදේශයටම මහත් ආලෝකයක් වූ බැවිනි. ළදරු පාසල් අරඹා ළදරු අධ්‍යාපනයට ද දිරි දුන් නාහිමියෝ මොණරාගල ප්‍රදේශයේ ජනතාවගේ සකල ආගමික සාමාජීය කටයුත්තෙහි නිරන්තර පෙරමුණෙහිම යෙදෙති.

කොළඹ මරදානේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අධ්‍යාපනපති හිදිකිවුලේ පඤ්ඤාසාර, ශ්‍රී ශික්‍ෂාකාර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී ගෝනතලාවේ රතනසිරි හිමියන් ඇතුළු වැදගත් ශිෂ්‍ය පුත්‍රයන් රාශියක් නිර්මාණය කොට ශාසනික දායාද බවට පත් කොට වදාළ නාහිමිපාණන් වහන්සේ උගත් වියත් ධර්මධර මහා යතිවරයෙකු වශයෙන් බෞද්ධ සමාජයේ මහත් සම්භාවනාවට ලක්වෙති.

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]