UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> දහම් ක‍ැකුඵ

අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී ධීරක්ඛන්ධ දහම් පාසල


ප්‍රධානාචාර්ය මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි

කොළඹ ගාල්ල මහා මාර්ගයේ අම්බලන්ගොඩ ලංගම බස් නැවතුම්පොළෙන් පැමිණි විට අම්බලන්ගොඩ ගාල්ල /ධර්මාශෝක මහා විද්‍යාලය අසලින් කිලෝමීටර් 3/4ක් ශ්‍රී සංඝරාජ මාවතෙන් හැරුණු විට කුඩා කඳු ගැටයක් මත අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ශ්‍රී ධීරක්ඛන්ද දහම් පාසල පිහිටා ඇත.


ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ශිෂ්‍ය නායක නායිකාවන්

ආචාර්ය මණ්ඩලය

වසර තුන්සීයකට වඩා පැරැණි වූ මෙම විහාරය නවීන පන්නයට සකස් කරන ලදී. එහි ලක්දිව විශාලතම දැවමුව බුදුරුව, දැවයෙන් නිම වූ මෙත් බෝසත් ප්‍රතිමාව, විශාල ප්‍රමාණයේ අර්ධ උන්නත මැටි ඵලක නිර්මාණ, ලෑලි ඵලක මත තෙල් සායම් ඇඳි විශාල බිතුසිතුවම් , වෙස්මුහුණු හා කෝලම් මුහුණු සහිත උඩරට පහතරට ලී කැටයම්, ස්වර්ණ පාත්‍ර බෝධිඝර නිර්මාණ විවිධ මුද්‍රා, ඉරියව්, ආසන, සිරස් පත් සහිත විවිධ අලංකාරයන්ගෙන් යුතු දැවමුවා බුද්ධ ප්‍රතිමා, විශාලතම දැවමුවා දුෂ්කර ක්‍රියා බෝසත් ප්‍රතිමාව, සෙල්මුවා සඳකඩපහණ, ප්‍රධාන බුදු මැදුර, ප්‍රවේශද්වාරය සහිත ප්‍රාකාරය, සඳුන් ලීයෙන් තැනූ අටවිසි බුදුමැදුර , විවිධ අලංකාර සහිත දැවමුවා , බුද්ධ ප්‍රතිමා ප්‍රදර්ශනාගාරය , ස්වර්ණ පත්‍ර බෝධිඝරය, විවෘත ධර්ම මණ්ඩපය, මෙත් බෝසත් මැඳුර ආදිය 2011 වෙසක්, පොසොන් සමයෙහි විවෘත කෙරිණි.

මෙම සියලුම නිර්මාණ හා මූර්ති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති විහාරාධිපති දහම් පාසල් ප්‍රධානාචාර්ය මහාචාර්ය විලේගොඩ අරියදේව හිමිපාණන්ගේ උපදෙස් මත සිදුවූවකි. එහි පවත්වාගෙන දහම්පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහම් අධ්‍යාපනය හදාරනු ලබන්නේ විහාරස්ථාන භූ®මියේය.

මෙම අඩුපාඩුව මගහරවා ගැනීමට දහම් පාසල මගින් ආශිර්වාද මහාපෙරහරක් සිදු කර රත්න යන්ත්‍රය ලක්ෂ වාරයක් පිරිත් කර ඒවා අලෙවියෙන් ලැබුණු ලක්ෂ පහක් පමණ මුදලින් විහාරස්ථාන භූමියේදී දැකුම්කළු දැවමුවා බුද්ධ ප්‍රතිමා ප්‍රදර්ශනාගාරයක්ද , භාවනා ශාලාව හා පුස්තකාලය , දහම්පාසල් ශාලාව අඩි 28 උස දැව මුවා තිවංක බුද්ධ ප්‍රතිමාව සහිත සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 2012 සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ කර ඇති අතර එය නිම කිරිමට ලක්ෂ 250 ක් පමණ වැයවන බවත් විහාරාධිපති හිමියෝ පවසති.

1949 ජුනි මස 17 වන දින අංක 31/33/ද පා/ලි/5897 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මෙම දහම් පාසලේ ළමයින් 250 ක් පමණ දහම් අධ්‍යාපනය හදාරති. පළමු ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යන අතර එහි ප්‍රධානාචාර්ය වන්නේ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝය. නියෝජ්‍ය ප්‍රධානාචාර්ය වන්නේ ලියන්ගස්වගුරේ සුගතදේව හිමිය. මෙහි ආචාර්ය මණ්ඩලය 21 දෙනෙකුගෙන් සමන්විතය. මෙම දහම් පාසලේ ශ්‍රී ධීරක්ඛන්ධ නමින් ශිෂ්‍ය සංගමයක් ඇති කරගෙන තිබෙයි. අම්බලන්ගොඩ ශාසනාරක්‍ෂක බල මණ්ඩල සිසු සිසුවියන් ඇගයීම් තරගවලින් 2011 වර්ෂයේ සමස්ත තරගාවලියෙන් දෙවන ස්ථානයද ශ්‍රී /ස හීනටියන සණස බැංකුවෙන් සංවිධානය කළ 2012 සාහිත්‍ය තරගාවලියේ අංජන කුමාරසිංහ, සඳුනි භාග්‍යා යන දෙපොල රන්පදක්කම් දෙකක් ජයග්‍රහණය කර ගැනීම සුවිශේෂී වෙයි.

මෙම විහාරස්ථානය හා දහම් පාසල ගොඩනැගීමට දායක සභාවේ අනුග්‍රහය හා තම මාසිකව ලැබෙන වේතනය වැය කර රුපියල් කෝටියක මුදලක් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණ විහාරය බවට පත්කර විවෘත කිරීමට ලැබීම විශේෂිතය. දැනටමත් දෙස් විදෙස්හි මහත් කීර්තියක් දිනා සිටින විහාර සංකීර්ණයේ 2011 වෙසක් ,පොසොන් සමයෙහි විවෘත කිරීමට ලැබීම ලොකු වාසනාවක් බව විහාරාධිපති මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ ප්‍රකාශ කළහ.


සිංහල දරුවෝ

බුදුරුවනට බැති දරුවෝ
දම්රුවනට රුති කැරුවෝ
සඟරුවනට ගැති යුරුවෝ
වෙතී සොඳ සිංහල දරුවෝ

මව්පියනට පෙම් කරුවෝ
ගුරුවරුනට කී කරුවෝ
වැඩිමලුනට ගරු සරුවෝ
වෙති සොඳ සිංහල දරුවෝ

වීරිය දිරිගුණ දැරුවෝ
කාරිය කරනට සුරුවෝ
සූරිය සරි තෙද ගරුවෝ
ආරිය සිංහල දරුවෝ

සිය කුල ‘හසැ දිලි කරුවෝ
ගිය තැනැ හොඳනම් දැරුවෝ
ලිය නට කියනට සුරුවෝ
පිය වදනැ’ති හොඳ දරුවෝ

බිය නැති මහ පුරි සරුවෝ
ජය ගැනුමට වැර කරුවෝ
පිය පරපුර රන’කුරුවෝ
පිය කරු සිංහල දරුවෝ


2011 ගද්‍ය පද්‍ය අගැයීම් තරගාවලිය

සිංහල ඉංගී‍්‍රසි මාධ්‍ය අංශයෙන් ප්‍රථම තැන සකුන්තලාට

පන්නිපිටිය මොරකැටිය පරමධම්ම දහම් පාසලේ ධර්මාචාර්ය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සකුන්තලා දිල්රුක්ෂි ශිෂ්‍යාව 2011 ගද්‍ය හා පද්‍ය අගැයීම් තරගාවලියෙන් පැවැති සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍ය අංශවලින් ප්‍රථම ස්ථානය අත් කැරගෙන ඇත.

”සාහිත්‍ය තුළින් වින්දනාත්මක පරපුරක් බිහිකරමු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ගද්‍ය හා පද්‍ය රචනා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් ඉදිරිපත් වූ සියලු තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම සුවිශේෂි සිද්ධියකි.

වසර 2008 සිට පන්නිපිටිය මොරකැටිය පරමධම්ම දහම් පාසල නියෝජනය කරමින් ඇය ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව දිස්ත්‍රික් සාහිත්‍ය උත්සව හා ජාතික සාහිත්‍ය කලා උත්සව සියල්ලන්ගෙන්ම නොකඩවා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වූවාය.

සිංහල මාධ්‍යයෙන් හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම ජාතික සාහිත්‍ය කලා උළෙල මගින් සංවිධානය කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ අංශයේ සියලු තරගවලින් ජය ගත් ඈ වෙත පිරිනමා ඇති සහතික පත් ප්‍රමාණය දහයකි. ඒ සියල්ලම ප්‍රථම ස්ථානය වීම ඉතා දුර්ලභ සිද්ධියකි.

කොළඹ දේවිබාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ බී.සකුන්තලා දිල්රුක්‍ෂි මෙනවිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සූදානම් වෙමින් සිටින්නීය.

මොරකැටිය පරමධම්ම විහාරාධිපති හා පරමධම්ම දහම් පාසලේ විදුහල්පති කෝට්ටේ දිසා අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කොට්ටාවේ පේ‍්‍රමරතන හිමියෝ සකුන්තලා දිල්රුක්ෂා ශිෂ්‍යාවගේ දස්කම් හා ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා දහම් පාසලේ පාලක සභාව මගින් අගැයීමකට ලක් කිරීම සඳහා කටයුතු පිළියෙළ කරමින් සිටිති. සුවිශේෂි දස්කම් දක්වන දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනා සමාජයේ අදර්ශවත් පුද්ගලයෝ වන බව පේ‍්‍රමරතන හිමියෝ තවදුරටත් පැවැසූහ.


අත් අකුරු තරගයෙන් මුල් තැන ශශධරා චින්තනීට

පසුගිය සැප්තැම්බර් 28 වනදා පැවැත්වූ පොල්ගහවෙල ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලේදී අත් අකුරු තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට තලවත්තේගෙදර කළුහෙන්දිවල ශ්‍රී ධීරානන්ද දහම්පාසල නියෝජනය කළ ශශධරා චින්තනී කුමාරි අතපත්තු දියණිය සමත් වූවාය.

කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 2 මිනිමුතු ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය චිත්‍ර ඇඳීමට දස්කම් දක්වන්නීය. සිය පියාවන වික්‍රමසිංහ අතපත්තු කිවිඳුන්ගේ සමාධි කාව්‍ය සංග්‍රහයේ පිටකවරයේ සිතුවමද ඇයගේ නිර්මාණයකි.


 


පළමු වැටුපෙන් කළ ප්‍රථම පින්කම

අර්ධ ශත වර්ෂයක කාලයක සිට එනම් මම පාසල් යන අවධියේ සිටම ලේක්හවුස් පාඨකයෙක් වෙමි. ඒ බව මම සඳහන් කරන්නේ ඉතා කැමැත්තෙනි.

මා ලද පළමු වේතනයෙන් කළ ප්‍රථම පියවර වූයේ ‘බුදුසරණ’ පුවත්පත මිලදී ගැනීමයි. 1966 මාර්තු 31 වනදා සිටම මම සෑම සතියකම පළවන බුදුසරණ පුවත්පත මිලදී ගන්නා පාඨකයෙක් වෙමි. මාගේ නිවසෙහි ඇති පුස්තකාලයේ සතිපතා පළවන බුදුසරණ පුවත්පත් එකතුවක්ද දැකිය හැකිය.

’බුදුසරණ’ පුවත්පත මාගේ් ධර්ම භාණ්ඩාගාරයයි. ඒ වෙනුවෙන් ඇප කැපවෙන බුදුසරණ කර්තෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම තෙරුවන් සරණ පතමි.

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]