UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

අනුරාධපුර ජය සිරි මහ බෝ සෙවණේ දී පැවැත්වෙන පෝ දින වැඩසටහන් මෙසේය.

මහාවිහාර පොහොය වැඩසටහන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

මහාවිහාර පුන් පොහොය වැඩසටහන මගින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩපිළිවෙළේ සයවැනි අදියර මෙදින ඇරැඹේ. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙනක පුස්තකාලයක් සඳහා අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ. මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කඩුවෙල, කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දක්වති.

අනුරාධපුර ශික්‍ෂණ රෝහල සඳහා පරිත්‍යාගයක් ද පස්වැනි වරටත් මෙදින සිදු කරනු ඇත. අනතුරුව ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි අනුශාසනය පැවැත්වේ. වප් පුන් පොහෝ දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියස දී පදවිතිහාර පූජාව පැවැත්වේ. මෙහිදී මහාවිහාර පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියෝ තබන තබන පියවරක් පාසා බුදුගුණ මෙනෙහි කරමින් ජය ශ්‍රී මහ බෝ සමිඳුන් පැදකුණු කරනු ඇත. මෙම වප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය පෝ දින පින්කම් මාලාව මෙසේය.

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.30 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි, 9.45 – 10.45 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි, 11.00 – 11.15 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනය, අලුත්වෙල ධම්මසති හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ෂේන් බ්ලොක් මයා, 4.00 – 5.00 ධර්ම දේශනය, ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර මාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය, ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


කුප්පියාවත්ත

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ පොහෝදා වැඩසටහන මෙසේය.

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 දක්වා භාවනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය වේළුවනාරාමාධිකාරී යටිහලගල විජිත හිමි, 12.15 – 12.30 බුද්ධානුතිස්ස භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ධර්ම දේශනය, සුගතවංශාරාමාධිපති කොරොස්නේ මහින්ද හිමි, 3.30 – 4.30 ට ධර්ම දේශනය ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි, 4.30 – 5.30 භාවනාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6.00 ට සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 මල්පහන් ගිලන් පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, රාත්‍රී 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනය.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5.30ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට ප.ව. 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 සිට 9.30 දක්වා ඕපනායක නිරාශා දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. 9.45 සිට 11.00 දක්වා බදුල්ලේ සුබෝධී දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1.00 සිට 5.30 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනකි. අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට විසිතුරු මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ ආගමික වැඩසටහන් මාලාව මෙසේය.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිතනන්ද හිමි, සුසීමාරාමය කටුකුරුන්ද, කළුතර 8.00 – 11.15 ධර්ම දේශනය, ගම්පහ සිරි සීවලී හිමි, වේලුවනාරාමය කන්තිමහර වතුරුගම. පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනය, කථිකාචාර්ය එච්.එම්. මහින්ද හේරත් මහතා, බෞද්ධ හා පාලි අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. 3.15 – 6.00 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, පොල්පිතිගම අරලියමලුව තපෝවනය, පොල්පිතිගම.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ් දී පෝදා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයට පැළදවීමේ කප්රුක් පූජාව පැවැත් වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනය සහ කලුතර නාගොඩ ජිනවංස පරිවේනාධිපති විචිත්‍රභානක නාගොඩ සද්ධාලෝක නාහිමියන් විසින් අටවිසි බෝමලුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරාස්ථ මහසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේට ගොස් මල් පහන් පූජාකර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලාංකාවාසී සැමට පෙත් පැතීම සිදුවේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය ඉඟුරුවත්තේ පියනන්ද මහානාහිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සුමනවංස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 4.00 ධර්ම දේශනාව තල්ගමුවේ සූධීරානන්ද මාහිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන මා හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක පඤ්ඤෝධාරාමවාසි වල්ගම සුමන හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සුමනවංස හිමි සහ යාගලමුවේ මංගල හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව, අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනවාසී කහගොල්ලේ සෝමවංස හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කලල්ගොඩ

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ පොහෝ දින ධර්ම දේශනා මාලාව මෙසේය.

පෙරවරු 6.30 උපෝසථ ශීලය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 ධර්ම දේශනය සිරි ධම්මින්ද විහාරවාසී දිවුරුම්වෙල විනීත හිමි, 9.15 විශේෂ දෙසුම ආචාර්ය රවීන්ද්‍රනාත් මහතා, පස්වරු 12.45 පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් ගුණ නැමදීම ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, පස්වරු 1.30 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 2.45 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 3.00 ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 7.00 රාත්‍රී විශේෂ ගිලන්පස බුද්ධ පූජාව සහ බෝධි වන්දනාව මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝරත්නය.

විශේෂ දේශනයක් පෙරවරු 9.15 පැවැත්වේ. එම දේශනය කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි භාෂා උපදේශක හා බෞද්ධ දේශක ආචාර්ය රවීන්ද්‍රනාත් මහතා විසින් පැවැත්වෙයි.

මෙදින බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ වසන්ති ධම්මිකා සහ ඩබ්.ඒ. රේණුකා යන මහත්මීන් විසිනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පුර පසළොස්වක පොහෝ දින පවත්වනු ලබන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනාව 10.30 බුද්ධ පූජාව, ඇටම්පිටියේ සිරිසාරානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය කොටියාගල සීවලී හිමි, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ වජිරාරාමයේදී පැවැත්වෙන පොහෝ දින ධර්ම දේශනා මාලාව මෙසේය.

06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව මීගොඩ සුඛිත හිමි, 9.15 – 9.45 විශේෂ ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන හිමි, 9.45 – 11.00 භාවනාව හා අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම් පුර විශාරද හිමි, පස්වරු 12.30 – 01.30 සෙත් පිරිත් සජ්ඣායනය 01.30 – 02.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල ශීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 4.00 – 5.00 ගිහිදේශනය, පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා, 5.00 – 6.00 ධර්මදේශනය රණස්ගල්ලේ ඥානවීර හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


මාතර තරුණ බෞද්ධ සමිතිය

වප් පෝදා සීල සමාදන් කරවීම, දෙනියායේ ශාන්ත හිමි, සිල් ආවර්ජනාව - කිවිපති මාර්ටින් ජයවර්ධන ශූරීන්, විදර්ශනා මාර්ගය බන්දුල උදය කුමාර ශූරීන් බුද්ධ වන්දනාව, ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව පූජ්‍ය ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි, අනුශාසනා පරිදි සෙවණගල මලිඳු, නෙරලම්පිටියේ දිනිදු, කට්ටකඩුවේ මිලිදු දෙයියන්දර මනිදු සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්‍ම සාකච්ඡාව, ධර්මාචාර්ය නිලන්ත හෙට්ටිගේ ශූරීන්, ධර්ම දේශනාව දෙහිගස්පේ සිරිවිමළ හිමි, සිල් පවාරණය, විශේෂ ධර්මදේශනාව පට්ටියවල සීවලී හිමි.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]