UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර පසළොස්වක 2012 ඔක්තෝබර් 29 වන දා

චීවර මාසයේ වටින පින්කම

ස්සාන සමයෙහි චීවර මාසය අදින් උදාවෙයි. තෙමසක් පුරා වස් වසා වැඩ සිටි භික්ෂූන් වහන්සේ උදෙසා කඨින චීවර පූජා පින්කම ඇරැඹෙන මෙම චීවර මාසය පුරා අපේ රටේ සෑම වෙහෙර විහාරස්ථානයකම එම උදාර වූත්, මාහැඟිවූත් කඨින චීවර පූජා මහ පින්කම සිදු කැරේ.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය නීතියට අනුව උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වස්සාන සමයෙහි ඒ ඒ විහාරස්ථානයෙහි හෝ දායක පිරිස විසින් සූදානම් කර සුදුසු පරිදි සකස් කර දෙනු ලබන ස්ථානයක වස් එළඹීම පෞරාණික චරිත්‍රය ද වේ.

භික්‍ෂූන් වහන්සේ වස් වසා වැඩ සිටින එක් විහාරස්ථානයකදී වසරකට එක් වරක් පමණක් සිදු කළ හැකි දුර්ලභ පින්කම ද මෙම කඨින පින්කමය.

දායකකාරදීන් වෙත කෙතරම් හැකියාව තිබුණ ද මෙම වටිනා පින්කම වසරකට දෙතුන් වර එක් ස්ථානය කදී සිදු කළ නොහැකිය.

එසේ නම් ගිහි පැවිදි දෙපක්ෂයම මහත් කැපවීමෙන් හා ඕනෑකමෙන් සිදු කරනු ලබන කඨින පින්කම ශාසනික පෞරාණික සම්ප්‍රදායයන් සුරකින පින්කමක් ද වේ.

වස්සාන සමය අනෙකුත් සියලු මාස වලට වඩා අපේ රට පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල ඒ ඒ දායක පිරිස්වල ඇති ශක්තිය අනුව මහඟු පින්කම් සිදු කැරෙන සමයකි.

දිනපතා බුද්ධ වන්දනා ධර්ම දේශනා සෙත් පිරිත් දේශනා භාවනා ආදි පින්කම්වලට අමතරව විවිධ වූ පින්කම් නිරන්තරයෙන් සිදු කරන සමයකි.

අප ගිහි පැවිදි කාහට වුවද සසර පුරා පින අත්‍යවශම ය. තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කළ යුතුය. එය බොදු ප්‍රතිපදාව බව වටහා ගත යුතුය.

සම්බුදු දහමට අනුව අපගේ ජීවිත ගුණාත්මක අයුරින් හැඩ ගස්වා ගත යුතුය. තම තමා කරන කුසල් ගැන සිහිපත් කරමින් සතුටුවීමද පින වැඩෙන්නකි. තව තවත් කුසලයටම යොමුවීමත් උපදින භවයක් පාසා පංච සම්පත්තියෙන් යුතුව උපත ලබා වඩාත්ම කුසල් දහම්හි නිරතව එමඟින් සමාජයටද සේවාවක් සැලසීම බුද්ධිමත් ක්‍රියාවක් බව අවබෝධ කර ගත යුතුය.

ගමේ පන්සලේ දී වසරකට වරක් සිදු කැරෙන කඨින පින්කමට දායකවීමට ගම්වාසීහු මහත් උනන්දුවෙන් බලා සිටින හෙයින් ඊට ගම ම දායක කර ගැනීම ද වගකීමය.

ශක්ති පමණින් එබඳු මහ පින්කම් සඳහා දායකවීමෙන් සසර ගමනේ බොදුනුවා අපේක්‍ෂා කරනු ලබන සියලු දුක් කරදර නිමා කර සසරින් එතෙරවීමේ අවස්ථාවට ද මග පාදා ගත හැකිය.

කවර ආකාරයේ පින්කමක් සිදු කළ ද පින්කම පිළිබඳ සිතීමේ අවස්ථාවේ සිට එම මාහැඟි පින්කම සිදු කරන අවස්ථාවේ දී මෙන් ම ඉන් පසුවද තමා කළ පින්කම් පිළිබඳ මෙනෙහි කරමින් නැවත නැවත සතුටු විය යුතුය. එසේ මෙනෙහි කිරීමෙන් තමා ලබන සතුට නිරාමිස සතුටක් ම කර ගත යුතුව ඇත.

වෙසෙසින් ම කඨින පින්කමක දී කඨින චීවර පූජාවට අමතරව වස්සාවාසික සිවුරු පමණක් නොව විහාරස්ථානයට අත්‍යවශ්‍ය යැයි හැඟෙන විවිධ පූජා ද්‍රව්‍යයන් පිදීමෙන් භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය පහසුකම් සැලසීමක්ද සිදුවේ.

මේ නිසා ම සිතු පැතූ සම්පත් උදා කරවන කප්රුක් පූජාවක් ද සුදානම් කර සියලුදායක කාරකාදීන් තමන් කැමැති පූජා ද්‍රව්‍යයන් පිදීමට අවස්ථාව උදා කර ගනු ලබන්නේ ද පූජා ද්‍රව්‍යයන් එදිනම පිරීනැමී මෙන් විශේෂ ආනිශංස උදාකරවන හෙයිනි.

බෞද්ධයා සතු උදාර වගකීමත් යුතුකමක් ඉටු කැරෙන මෙම චීවර මාසයේදි කඨින පින්කම සිදු කිරීමෙන් බෞද්ධ සංස්කෘතියෙහි පෝෂණයටද මෙහෙවරක් සිදු කැරෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

පෞරාණික බෞද්ධ සම්ප්‍රදායයන් නිසි අයුරින් ඉටු කිරීමෙන් පරපුරෙන් පරපුරට ආරක්‍ෂා කර ගෙන එන සිරිත් අනාගත පරපුරටද දායාද කරවීමට දායක වූවායැයි ද සිතමින් සතුටු විය හැකි පුණ්‍ය කාලයකි.

එබැවින් සම්බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව දිවිමග සාර්ථක කර ගැනීමට උත්සාහ කරනු ලබන බොදු ජනතාවගේ දෙලොව සුබසෙත සලසන පින්කම්වල නිරතවීමට අදිටන් කර ගනිමු.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]