UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිස්ඨාපනය කිරීම

බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිස්ඨාපනය කිරීම

බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන 15 ක් ප්‍රතිස්ඨාපනය කිරීමට මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහානාහිමිවරුන් දෙනමගේ පූර්ණ අනුශාසකත්වය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අරමුදලක් පිහිටුවීම පසුගියදා සිදු කැරිණි.

ආසියාවේ බෞද්ධ රටවල් අපේ රටේ බෞද්ධාගම නඟා සිටුවීමට ඈත අතීතයේ සිටම අපට උපකාර කර ඇති අතර බෞද්ධ රටක් වශයෙන් වගකීමකින් යුතුව මෙම අරමුදල පිහිටුවීමට කටයුතු කිරීමට මෙම අරමුදල සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහා නාහිමිපාණන් වහන්සේ විසින් රුපියල් ලක්‍ෂයක මුදලක් පරිත්‍යාග කොට ඇත. මල්වතු මහානායක හිමියන්ගේ විශේෂ ආධාර උපකාරද මේ සඳහා ලැබී තිබේ. ශ්‍රී දළදා මාලිගාව මඟින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් විශේෂ පරිත්‍යාගයක් ලෙස මේ සඳහා ලබා දී තිබේ.

මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුම් අංක 003100190046543 දරන ගිණුමට සහ ලංකා බැංකුවේ මහනුවර අධිශ්‍රේණි ශාඛාවේ ගිණුම් අංක 73877990 දරන ගිණුමට පරිත්‍යාගශීලීන්ට මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කළ හැකි ය.

බෞද්ධ රටක් ලෙස අපේ එක්සත්කමත්, එකමුතුකමත් පෙන්වීමටත් තවත් බෞද්ධයන් පිරිසක් පීඩාවට පත්ව ඇති විටෙක අපේ සහයෝගය දැක්වීමටත් බංග්ලාදේශයේ විනාශයට පත් වූ සිද්ධස්ථාන 15 යළි ගොඩනැංවීමට අප බෞද්ධයන් ලෙස ඉදිරිපත්විය යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරිකොබ්බෑකඩුව මහතා මෙම අරමුදල පිහිටුවීමේ විශේෂ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය. ඈත අතීතයේ සිටම බෞද්ධ රටවල් සමඟ අපි සමීප සම්බන්ධතා පැවැත්වූවා. අපට විපතක් වූ අවස්ථාවේ දී එම රටවල් අපේ පිහිටට ආවා. මහනුවරින් ඇරඹෙන මෙම සද්කාර්යයට සමස්ත බෞද්ධ ජනතාවටම ආධාර ලබාදිය හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති මෙම අරමුදල පිහිටුවීමේ විශේෂ සාකච්ඡාවේ දී පැවසී ය.

ලෝකයේ වටිනා සිද්ධස්ථාන රැසක් බංග්ලාදේශය සතුව ඇති අතර ඒවා රැක ගැනීමට බෞද්ධයන් ලෙස පෙරට ආ යුතු බවත් අපේ රටේ බෞද්ධාගම දුර්වල වූ අවස්ථාවේ දී ආසියාවේ බෞද්ධ රටවල් අපට උපකාර කළ බවත් බංග්ලාදේශයේ විනාශ කරන ලද බෞද්ධ සිද්ධස්ථාන යළිගොඩනැංවීමට බෞද්ධයන් ලෙස අප ඉදිරිපත් විය යුතු බවත් අස්ගිරිය මහා විහාරයේ පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියෝ පැවසූහ.

මෙම විශේෂ අරමුදල මගින් බංග්ලාදේශයේ විනාශයට පත්වූ සිද්ධස්ථාන යළිගොඩනැංවීමෙන් බෞද්ධ උරුමය බෞද්ධ ජනතාවට යළි ලබාදීමට කටයුතු කළ හැකි බවද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]