UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> දුකසේ විඳින කර්ම විපාක 21 භූස පේ‍්‍රත වස්තුව

දුකසේ විඳින කර්ම විපාක 21

භූස පේ‍්‍රත වස්තුව

ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ, සැරව, අසුචි ආදිය අනුභව කරමින් ස්වකීය සා පිපාසය නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පාකරවන සුළුය. එහෙයින් අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතන්ම සිදුවේ

ලෝකයේ කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම පේ‍්‍රත වස්තුවෙන් ඉස්මතු වන කථා ප්‍රවෘත්තියෙන් ලැබෙන්නේ බලවත් පණිවිඩයක්. අචින්තනීය වූ විෂයන් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගක් නො ගතයුතු මගක් පෙන්වා දෙනවා.

පේ‍්‍රත වස්තුවෙන් කියන පේ‍්‍රත ලෝකයෙහි තොරතුරු මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත, කය, වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකියි. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ, සැරව, අසුචි ආදිය අනුභව කරමින් ස්වකීය සා පිපාසය නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පාකරවන සුළුය. එහෙයින් අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතන්ම සිදුවේ.

සංයුක්ත නිකායේ හතරවන පොත් වහන්සේගේ ‘කම්ම’ නමින් සූත්‍රයක් සඳහන් වෙනවා. එහිදී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා “ පින්වත් මහණෙනි කර්මය නිරුද්ධවීම යනු කුමක් ද? පින්වත් මහණෙනි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යන කර්ම නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ෂ කරයි ද පින්වත් මහණෙනි, මෙය වනාහි කර්ම නිරුද්ධවීම යැයි කියනු ලැබේ.

පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව කුමක් ද? එය වනාහි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, පින්වත් මහණෙනි, මෙය වනාහි කර්ම නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි කියනු ලැබේ යනුවෙන් උන්වහන්සේ වදාළා.

අද අප ඔබට කියාදෙන මෙම දේශනාවත් මනුස්ස ජීවිතයේ දී සිත කය වචනයෙන් පවුකම් සිදුකොට මරණෙන් මත්තේ ඉතා දුකසේ ඒ කර්මය තම තමා විසින් විඳවන ආකාරය යි. මේ භූස පේ‍්‍රත වස්තුවෙන් ඔබ අප පවට බියවිය යුත්තේ ඇයි ද? කියා ඉතා හොඳ පණිවිඩයක් කියා දෙනවා.

භූයානි එකො සාලං පුනාපරෝ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනාව උන්වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයේ එක්තරා පේ‍්‍රතයන් සතර දෙනෙකු වෙනුවෙන් කළ දේශනාවක්. භූසානි යනු බොල් වී. එකෝ යනු එකක්. සාලිං යනු සහල්. පුනාපරෝ යනු නැවත නැවත අනිකෙක්, යම් කෙනෙක් යම් කිසිවෙක් තම මවගේ හිසට පහර දුන්නේ ද? එහි අර්ථයයි.

සැවැත්නුවරට නුදුරු එක්තරා ගමක එක් කපටි දැඩි ලෝභ වෙළෙන්දෙක් හොරට කිරීම් මැණීම් කරමින් තමන්ගේ ජීවිතය ගෙන ගියා. ඔහු හාල්, වී වල බොල් රැගෙන තඹ පැහැති මැටි තවරා ඉතා බරකොට රත් හාල් හා කලවම් කොට විකිණීම සිදුකළා.

දිනක් ඔහුගේ පුතා නිවසට ආ තමාගේ මිත්‍රයන්ට හොඳින් සැලකුවේ නැතැයි කියා කිපී අසතුටු වී මෝල්ගස ගෙන මවගේ හිසට ගැසුවා.

මේ වෙළෙන්දාගේ යෙහෙළිය හැම දෙනාගේම ප්‍රයෝජනය පිණිස පිලියෙළ කර තබා තිබු මස් සොරෙන් කෑවා. මස් නැති බව දැන නිවසේ අය ඇයගෙන් අසා සිටියා

“නුඹ මේ පිළිවෙල කළ මස් කෑවා ද?’ කියා.

‘’මම කෑවේ නැහැ. මම මේ මස් කෑවානම් සසරේ උපදින ආත්මයක් පාසා තමාගේ පිට මස් කඩා ගෙන කන එකියක් වේවායි’ දිවුරා සිටියා.

ඒ වගේම ඒ වෙළෙන්දාගේ බිරිඳගෙන් යම්කිසි අයෙකු කිසියම් බඩු බාහිරාදියක් ඉල්ලා සිටියොත් ඒ බඩු තිබෙද්දීත් නැතැයි කියනවා. නැවත නැවත ඉල්ලා සිටියොත්

‘මා ළඟ එම බඩු නැහැ. මා තබාගෙන බඩු නැතැයි කියනවානම් මා උපන් උපන් ආත්මවල අසුචි කන්නකියක් වෙම්වායි’

ඇය මුසාවාදයෙන් දිවුරා සිටියා.

ඒ සතර දෙනා ම කාලයක දී මිය ගියා. වින්ධ්‍යා නම් වනයේ පේ‍්‍රතයන් ව ඕපපාතිකව ඉපදුනා. සොරට බඩු කිරන වෙළෙන්දා කර්මඵලය අනුව දිළිසෙන්නා වූ රත් හාල් බොල් දෙ අතින් අරගෙන තමාගේ හිස මුදුනේ විසුරුවා ගනිමින් මහ දුක් අනුභව කරනවා.

ඔහුගේ් පුතා මවට ගැසූ පාපයට යකඩ පොල්ලකින් තමාගේ හිස මුදුනට ගසා හිස පොඩි කර ගනිමින් මහත් වූ දුකක් අනුභව කරනවා.

වෙළෙන්දාගේ යෙහෙළිය කර්ම විපාකයෙන් ඉතා මුවහත් ඇති පුළුල් වූ දික් වූ තමාගේම නියවලින් තම පිට මස් ඇද කඩ කඩා කමින් අප්‍රමාණව දුක් විඳිනවා. වෙළෙන්දාගේ බිරිඳට සුවදැති, සුපිරිසුදු, පහ කළ කළු සහල් ඇති සහල් බත් ළඟට ලැබුණු කල්හි නොයෙක් මැස්සන් ආදී කෘමි සමූහයන්ගෙන් වැසී ගත් අතිශය පිළිකුල් වූ දුගඳ වූ අසුචි බවට පත්වෙනවා. ඒ අසුචි ඇය දෑතින් ගෙන කමින් මහ දුකක් විඳිනවා.

මේ හතර දෙනා පේ‍්‍රත ලෝකයේ ඉපිද මහදුක් කන්දරාවක් අනුභව කරන කාලයේ මහා මුගලන් මහරහතන් වහන්සේ ඒ පර්වත අවට චාරිකාවේ යෙදෙන කාලයේ එක් දවසක් එතැනට වැඩියා. මේ පේ‍්‍රතයන් සතර දෙනා දැක ගාථාවලින් ඔවුන් කරන ලද පාප කර්මය විචාරා සිටියා.

එක් කෙනෙක් ගිනි ගත්තු බොල් වී ඔළුවේ විසුරුවා ගන්නවා. තව කෙනෙක් මුගුරකින් ඔළුවට ගහනවා. මේ ස්ත්‍රිය තමන්ගේ ම මස් ලේ කකා ඉන්නවා. ඔබ ඉතා පිළිකුල් වූ අසුචි මල මුත්‍රා ආදිය කකා ඉන්නවා. මොන වගේ කර්මයකින් ද? මේ විපාකය ලැබුණේ.

මොහු මීට කලින් ජීවිතයේ දී තමන්ගේ අම්මාට හිංසා කළා.

මේ අනිත් එක්කෙනා වංචාකාර කාන්තාවක්. මෙයා මස් වර්ගයක් කාලා බොරුවෙන් වංචා කළා.

මම මනුස්ස ලෝකයේ මනුස්ස කාන්තාවක් වෙලා හිටියේ. ඒ මුළු පවුලම ම අධිපති වෙලා ගෘහණියක් වෙලා හිටියේ. දේපල වස්තුව තිබෙද්දීත් මම ඒවා හැංගුවා. ඉල්ලපු කිසි කෙනෙකුට මොකවත් දුන්නේ නැහැ. මම එතකොට කරන්නේ මගේ ගෙදර ඒක නැහැනේ කියලා බොරුවට සඟවන එක. ඉතින් තියේනම් මම කන භෝජන අසුචි වේවා කියලා මම දිවුරුවා. අන්න ඒ කර්ම විපාකයත් බොරු කීමත් යන දෙක නිසා සුවඳ ඇල් හාලේ බත මම ඉදිරියේ අසුචි බවට පත්වෙනවා.

කර්මය කියන්නේ වද බැහැපු දේවල් නොවෙයි. විපාක නොදී මිසක් කර්මය විනාශ වෙන්නේ නැහැ.

ඒ නිසා මම ඉතාමත් ගඳ පණුවන් අතුරන අසුචි කනවා. ඒවාමයි බොන්නෙත්.


දුකසේ විඳින කර්ම විපාක- 20 රථකාර පේ‍්‍රත වස්තුව
 

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]