බුදුසරණ අන්තර්ජාල කලාපය - අක්තපත්‍රය පිළිගැන්වීම 16 දා
අක්තපත්‍රය පිළිගැන්වීම 16 දා
පෙරියකඩුව නැලව පොත්ගුල් විහාරාධිපති උඩකැන්දවල චන්දවිමල හිමියන් වෙත
මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන
විංශද්වර්ගික කාරක සංඝ සභාව මගින් ධර්මකීර්ති ශ්‍රී සරණංකර චන්දානන්ද
යන ගෞරව නාමය සහිතව හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය
පිරිනමා තිබේ. ඒ පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීමේ උත්සවය මේ මස 16
වැනිදා සවස 3 ට පෙරියකඩු නැලව පොත්ගුල් විහාරයේ දී සිදු කෙරේ. මේ
අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී
චම්පික රණවක, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර දේශීය
වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී‍්‍ර වාරිමාර්ග හා ජල කළමණාකරණ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
ඩබ්ලිව්. බී. ඒකනායක, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් විජේසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු රාශියක් ද සහභාගි වීමට
නියමිතය. |
|
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා
අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය. |
|
|
|
|
|
|
|