UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රද්ධාව ඇති කර ගනිමු

සත්පුරුෂයෙක් වන්නට නම් - 7

දැන් අප ගහක මුල ඉතුරු කරල උඩින් කඳ කපලා අයින් කරනවා. එතකොට බැලූ බැල්මට ගහක් නැ වගේ තමයි පේන්නේ. නමුත් පස්සෙ කාලෙක ඒ ගහේ මුල් වලින් රිකිලි එන්න පුළුවන්. ඇවිල්ලා ආයිත් තිබුණට වඩා විශාල ගහක් හැදෙන්න පුළුවන් නේද? එහෙනම් ඒ ගහ අයින් කරන්න ඕන කෙනා ඒ මුලත් එක්කම උදුරලා අයින් කරන්න ඕනෑ. ඒ විදිහට කොහොමද අප අසත්පුරුෂ ගති සම්පූර්ණයෙන්ම බැහැර කරල සත්පුරුෂගති ම අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අප සත්පුරුෂයෙක් බවට පත්වෙන්නේ? ඒක නේද කර ගත යුත්තේ? ඒ විදිහට සත්පුරුෂ ගති අපේ ජීවිතයට සම්පූර්ණයෙන් ම බද්ධ වුණොත් අසත්පුරුෂ ගති බැහැර වෙලා ගියොත් එතකොට අප අසත්පුරුෂ ඇසුරට ආයේ යයිද? ආයේ යන්නේ නෑ. එතකොට අපට සැමදාමත් සත්පුරුෂ ඇසුරේ ම ඉන්න පුළුවන්කම තියෙනවා

තාවකාලිකව සත්පුරුෂ ගති හුරු වෙන්න පුළුවන්කමක් තියෙනවා නේද? දැන් බලන්න දේවදත්ත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. එයා පැවිදි වෙලා ටික කාලයක් ගියාට පස්සේ සමාධි උපදවාගෙන ඍද්ධි ලබා ගත්තා. එයාගෙ ගුණ කීර්ති රාවය පැතිරුණා. සාරිපුත්ත රහතන් වහන්සේ පවා මිනිසුන් අතර එයාගේ ගුණ කිව්වා. නමුත් ටික කලකින් මොකද වුණේ? ඒ ගුණ සම්පූර්ණයෙන්ම නැතිවෙලා මුළුමනින්ම අසත්පුරුෂ චරිත ලක්ෂණ ඉස්මතු වෙන්න පටන් ගත්තා නේද? අසත්පුරුෂ කටයුතු කරන්න පටන් ගත්තා. එහෙමනම් බලන්න තාවතාලික ජීවිතයේ වෙනස් වීමක් ඇති වුණේ නේද? ඒ තාවකාලික ජීවිතයේ වෙනස්වීම තාවකාලිකව සත්පුරුෂ ගුණ හුරුවීම ප්‍රමාණවත්ද? ඒක ප්‍රමාණවත් නෑ. ඒක භයානකයි. අපටත් එහෙම වෙන්න පුළුවන් නේද? අපිටත් මේ ධර්මය අහන මුල් කාලෙදි තාවකාලිකව සත්පුරුෂ ගති හුරුවෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතයට ඒවා බද්ධකර ගත්තේ නැත්නම් ආපහු සැරයක් අසත්පුරුෂ ගති මතුවෙලා ඉන්න ඉඩ තියෙනවා නේද? ඒක තමන්ටත් අනුන්ටත් මහත් වූ විපත පිණිස පවතින දෙයක්. ඇයි මිනිස්සු රැවටෙනවානෙ.

දැන් අප ගහක මුල ඉතුරු කරල උඩින් කඳ කපලා අයින් කරනවා. එතකොට බැලූ බැල්මට ගහක් නැ වගේ තමයි පේන්නේ. නමුත් පස්සෙ කාලෙක ඒ ගහේ මුල් වලින් රිකිලි එන්න පුළුවන්. ඇවිල්ලා ආයිත් තිබුණට වඩා විශාල ගහක් හැදෙන්න පුළුවන් නේද? එහෙනම් ඒ ගහ අයින් කරන්න ඕන කෙනා ඒ මුලත් එක්කම උදුරලා අයින් කරන්න ඕනෑ. ඒ විදිහට කොහොමද අප අසත්පුරුෂ ගති සම්පූර්ණයෙන්ම බැහැර කරල සත්පුරුෂගති ම අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අප සත්පුරුෂයෙක් බවට පත්වෙන්නේ? ඒක නේද කර ගත යුත්තේ? ඒ විදිහට සත්පුරුෂ ගති අපේ ජීවිතයට සම්පූර්ණයෙන් ම බද්ධ වුණොත් අසත්පුරුෂ ගති බැහැර වෙලා ගියොත් එතකොට අප අසත්පුරුෂ ඇසුරට ආයේ යයිද? ආයේ යන්නේ නෑ. එතකොට අපට සැමදාමත් සත්පුරුෂ ඇසුරේ ම ඉන්න පුළුවන්කම තියෙනවා.

ඒක කොහොමද කරන්නේ? ඒකට අප අනිත්‍ය දර්ශනය පුරුදු කර ගන්නට ඕන. අනිත්‍ය දර්ශනය ඇති කර ගන්න ඕන. අනිත්‍යයි කියන ධර්මය අප තේරුම් ගන්න ඕන. වටහා ගන්න ඕන. පිළිගන්න ඕන. අදහා ගන්න ඕන. එතකින්ම එයා අසත්පුරුෂ භූමිය ඉක්මවලා සත්පුරුෂ භූමියට පත් වෙනවා. එයාට ආයේ වතාවක් අසත්පුරුෂ ගති ගුණ පුරුදු කරගන්න එයා තුළ තියෙන ඉඩකඩ නැති වෙලා යනවා. එයා සත්පුරුෂයෙක් බවට පත්වෙනවා. එයාට පුළුවන්කම තියෙනවා සත්පුරුෂ ඇසුර ගිලිහෙන්නේ නැති විදිහට ජීවිතයට බද්ධ කරගන්න. එහෙනම් සත්පුරුෂ ඇසුර අපේ ජීවිතයට සම්පූර්ණයෙන් ළඟා කරගන්න නම්, අප සත්පුරුෂයෙක් වෙන්න ඕනෙ නේද? එහෙනම් අප සත්පුරුෂ ඇසුර අපෙන් ගිලිහෙන්නේ නැති විදිහට අප සත්පුරුෂයෙක් වෙන්න නම් මොකක්ද කරන්න ඕන වැදගත්ම දේ? වටිනාම දේ? ශ්‍රද්ධාවට එන්න ඕන. සද්ධානුසාරි කෙනෙක් බවට පත් වෙන්න ඕන. සද්ධානුසාරි කෙනෙක් වුණොත් එයා සත්පුරුෂ භූමියට ඇවිල්ලා. අසත්පුරුෂ භූමිය ඉක්මවලා ගිහිල්ල. ඒ නිසා අප විසින් කළ යුතු වහ වහා කළ යුතුදේ ඉක්මනින් කළ යුතුදේ ලහි ලහියේ කළ යුතුදේ මේ දැන් දැන්ම කර ගත යුතු දේ මොකක්ද? ශ්‍රද්ධාවට පත්වීම, සද්ධානුසාරි කෙනෙක් බවට පත් වෙන එක. එය අසත්පුරුෂයාට පහදින්නේ නෑ.අසත්පුරුෂයාට එයාව රවට්ටගන්න පුළුවන්කමක් ලැබෙන්නේත් නෑ. එයා සත්පුරුෂයා අත්හරින්නේත් නෑ. සත්පුරුෂ ඇසුරටම එයා පත්වෙනවා. එයාගේ ජීවිතයට පරිපූර්ණ ආරක්‍ෂාවක් ඇතිකරගන්න එයා භාග්‍යවන්තයෙක් බවට පත්වෙනවා. ඒ නිසා අප කවුරුත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය කියවලා, අහලා ඉගෙන ගෙන ඉක්මනින් ඒ ධර්මයට පැහැදීම ඇති කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් ශ්‍රද්ධාවට පත්වුණත් සද්ධානුසාරි කෙනෙක් බවට පත්වුණොත් අපට සත්පුරුෂ ඇසුර ඇතිකර ගන්න පුළුවන්කම තියෙනවා. තමාගේ ජීවිතයට ආරක්‍ෂාව කැමැති කෙනා තමාගේ ජීවිතයට සැප කැමැති කෙනා වහ වහා කළයුතු වන්නේ. සද්ධානුසාරි කෙනෙක් බවට පත්වීමයි. ශ්‍රද්ධාව ඇතිකර ගැනීමයි. ඒකට මහන්සි වෙන්න. ඒකට කැමැති වෙන්න. ඒ සඳහා උනන්දු වෙන්න. ඒකටයි අප මහන්සිවිය යුත්තේ. ඒ සඳහා තමයි අප ධර්මය ඉගෙන ගත යුත්තේ. ඒ සඳහා තමයි අපි ගුණධර්ම පුරුදු කළ යුත්තේ.ඒ සඳහා තමයි මේ ශාසන කටයුතු අප කළ යුත්තේ.

දැන් බලන්න අප වන්දනාමාන කරනවා. ඊළඟට දේශනා ඉගෙන ගන්නවා. ධර්ම සාකච්ඡා කරනවා. සිල් රකිනවා මේ ආදි නොයෙකුත් දේවල් අපි කරනවා. ධර්මයේ හැසිරෙනවා කියල නේද? මේ හැම දෙයක්ම කළ යුත්තේ ශ්‍රද්ධාවට පත්වීම අරමුණු කර ගෙනයි. මේ කරන දේවල් තුළින් ශ්‍රද්ධාව උපදින්නේ නැත්නම්, ශ්‍රද්ධාවට පත්වෙන්නේ නැත්නම් අප ඒ කරන දේ අපිට යහපත පිණිස පවතින්නේ නෑ.අන් අයට සිත යහපත පිණිස පවතින්නේත් නෑ. ඒ නිසා අප මේ කරන දේවල් තුළ අපේ ශ්‍රද්ධාව දියුණු කර ගන්න මහන්සි වෙන්න ඕන. ශ්‍රද්ධාව ඇතිකර ගත්තොත් සත්පුරුෂභූ®මියට අප පත් වෙනවා. එයා සත්පුරුෂ ඇසුර හිමි කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා ජීවිතයට ආරක්‍ෂාව ඇතිකර ගන්නවා.

ඒ විදිහට ජීවිතය දියුණු කරගන්න අවස්ථාවක් අප කාටත් දැන් උදාවෙලා තියෙනවා.සත්පුරුෂ ඇසුර හිමි කර ගන්න පුළුවන්වන ශ්‍රද්ධාව ඇති කර ගන්න අපට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අවස්ථාව නැති කර ගන්නේ කොහොම කෙනාද? තමන්ට තේරෙනවා කියලා කල්පනා කරන කෙනා. එයා කීකරු වෙන්නේ නෑ. නිහතමානි වෙන්නේ නෑ. තමාට තේරෙනවා කියලා කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ නිසා එයාට පුළුවන්කම ලැබෙන්නෙ නෑ. ශ්‍රද්ධාවට එන්න. ඒ නිසා තමාට තේරෙනවා කියලා කල්පනා නොකර කීකරු කෙනෙක් බවට පත් වෙන්න. නිහතමානී කෙනෙක් බවට පත්වෙන්න. එයා අවවාද අනුශාසනා ඇසුරු කරගෙන තමුන්ගේ ජීවිතයට යහපත ඇතිකරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමාගේ කිකරුකම තමාගේ නිහතමානීකම තමයි තමන්ට උපකාරය පිණිස පවතින්නේ. සත්පුරුෂයාගේ අවවාද තමාට බද්ධ කරලා දෙන්නේ කීකරුකම නිහතමානීකම තුළින් තමයි. ඒ කීකරුකම නිහතමානීකම නැති වුණොත් එහෙම අප වැඩි කලක් යන්න කලින් අපට ලැබුණ ලාභය අහිමි කර ගන්නවා.

ඒ නිසා මේ පින්වතුන් හොඳට මතක තියා ගෙන තමා තුළ කීකරු බව, නිහතමානී බව හොඳින් දියුණු කරගන්න.එතකොට ඔයගොල්ලන්ට එහි ශ්‍රද්ධාව ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ශ්‍රද්ධාව ඇති කරගත්තොත් දැන් තමාගේ සමීපයට පැමිණිලා තිබෙන සත්පුරුෂ ඇසුර අහිමි වෙලා යන්නේ නෑ. ඒ සත්පුරුෂ ඇසුර තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කීකරුව නිහතමානී අවවාද අනුශාසනා ඇසුරු කරගෙන ජීවිතය දියුණු කර ගන්න කැමැති වෙන කෙනාට. ඔයාට පුළුවන්කම තියෙනවා ශ්‍රද්ධාව උපදවාගෙන සත්පුරුෂයෙක් වෙන්න. එයාට සත්පුරුෂ ඇසුර පරිපූර්ණ වශයෙන් ලබාගන්න පුළුවන්කම තියෙනවා. අප මේ සියලු දෙනාටම මේ ලැබුණු දුර්ලභ ලාභය අහිමිවන්නේ නැතුව සත්පුරුෂ ගුණධර්ම ඇතිකරගෙන සත්පුරුෂ ඇසුර පරිපූර්ණ වශයෙන්ම ඇතිකර ගැනීම පිණිස භාග්‍යය උදාවේවා කියලා අපි ආශිර්වාද කරමු.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]