UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සමරුවට පිළිරුවක් නිරාවරණය කැරේ

සම්බුද්ධ ශාසනයටත්, ශ්‍රී ලාංකේය ජනතාවටත්, බුදුනු ලොවටත් විශිෂ්ට සේවාවක් සිදු කළ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ 9 වන ගුණ සමරුව හා 2013 ජූනි මස 21 වනදාට යෙදෙන උපත් සියවස සමරනු වස් මාතර බෝධීන් වහන්සේට ආසන්නව ප්‍රතිෂ්ඨාපිත උන්වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුව මේ මස 8 වැනි දින සවස 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කරනු ලැබේ.

අනතුරුව පැවැත්වෙන පුණ්‍යමහෝත්සව සභාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහා නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමිපාණන් වහන්සේ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

එදින 3.00 ට අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍ර ප්‍රතිමාව නිරාවරණය කිරීම සහ ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම, 3.10 ට පන්සිල් සමාදන් කරවීම, 3.15 ට සභාව පිළිගැනීම, ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, 3.25 ට අරමුණ පැහැදිලි කිරීම තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 3.35 ට වෙසෙසි පැවිදි දෙසුම රුහුණු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි, 3.50 ට වෙසෙසි ගිහි දෙසුම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, 4.05 ට අතිගරු ජනාධිපතිතුමාගේ කථාව, 4.20 ට රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ 7 කින් තෝරාගත් සිසු, සිසුවියන් 15 දෙනාට සිසුවර තිළිණ ප්‍රදානය කිරීම, අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් සම්පාදිත පාලි, සිංහල, ඉංගී‍්‍රසි, සංස්කෘත ශබ්දකෝෂයේ මුල් වෙළුම පිරිනැමීම, මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ පිරිනැමීම, 4.30ට කෙටි අනුශාසනාව මහරගම ධම්මසිරි නාහිමි, වලස්ගල පඤ්ඤාසිරි මා හිමි, 4.45 ට මුලසුනේ දෙසුම, 4.55 ට පින්දීම, සාසන සේවක සමිතියේ මාතර ශාඛාවේ සමලේකම් නීතිඥ ෂර්ලි ජයවීර මහතා විසින් සිදු කැරේ.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]