UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

“දානය” හෙවත් “පරිත්‍යාගය” ලෙහෙසියෙන් හෝ පහසුවෙන් සිතකට කළ හැකි දෙයක් නොවේ. තමන් සතු යමක් පිරිනැමීමට සූදානම් වන විට ඊට ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් පෙරට ඒමෙන් දීම හෙවත් පරිත්‍යාගය වළක්වනු ලැබේ.

එහෙත් අකුසල මූලයන් තදංග වශයෙන් හෝ යටපත් කර ගනිමින් අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් පෙරදැරි කර ගත් විට පරිත්‍යාග, දානය සිදු කළ හැකි ය.

දානය හෙවත් පරිත්‍යාගය බෝසත් ගුණයකි. එය පාරමිතාවකි.

අපේ රටේ ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන මහ පින්කමක් දැනට වසර කීපයක සිට සිදු කර ගෙන එනු ලැබේ. ඒ මහ පින්කම නම් තලගල “ගිරිභණ්ඩ” පූජා මහ පින්කමයි.

“ගිරිභණ්ඩ” පූජා මහ පින්කම (පිරිකර කන්දක් පූජා කිරීම) අපේ රටේ හැර ලොව වෙනත් කොතැනකදීවත් සිදු නොවූ අසිරිමත් පින්කමක් බවත් එවන් දුර්ලභ පින්කමක් වර්තමාන සමාජයට හඳුන්වාදීමත්, විවිධ දුෂ්කරතා මධ්‍යයේ බොදු මහ ජනතාවට සේවය කරන මහ සඟරුවනට ශක්තියක් ලබා දෙමින් ආර්ථික වශයෙන් දුෂ්කර විහාරස්ථාන නඟා සිටුවීමට ශක්තියක් ලබාදීමත් සඳහා ආරම්භ කළ බව ගෝනගල හන්දිය තලගල මංගලාරාමාධිපති, පානදුර තොටමුණ ඇතුළු රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ අධ්‍යක්‍ෂ තලගල සුමනරතන නාහිමියෝ “බුදුසරණ” ට පැවසූහ.

තලගල මංගලාරාමයේ ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් මෙරට දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන වෙනුවෙන් සිදු කරන ගිරිභණ්ඩ පූජා පින්කම් මාලාවේ පස්වැනි පින්කම බදුල්ල දිසාවේ රිදීමාලියද්ද මීගහකිවුල කන්දකැටිය, ලුණුගල, සොරණාතොට හල්දුම්මුල්ල ගිරාඳුරුකෝට්ටේ සහ මහියංගණය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි 200 ක් පමණ වූ විහාරස්ථාන වෙනුවෙන් මෙම 9 වැනිදා පෙරවරු 09.30 ට තලගල මංගලාරාමයේ දී පැවැත්වේ. පිරිකර කන්දෙහි පූජා භාණ්ඩ තැන්පත් කර පූජා කරන පින්කම් මාලාව ඉකුත් 01 වැනි දා සිට 08 වැනි දා දක්වා පැවැත්වේ.

තලගලදී පූජා කරන පූජා භාණ්ඩ ඒ ඒ විහාරස්ථාන වෙත බෙදාදීම මෙම 12 වැනි දා මහියංගණ රාජ මහා විහාරයේ දී සිදු කැරේ.

මහාදාඨික මහානාග රජතුමා විසින් “ගිරිභණ්ඩ පූජා” පින්කම මිහින්තලේ දී සිදු කළ බව ඓතිහාසික පුවතකි.

එම පින්කම පූර්වාදර්ශයට ගෙන පිරිකර කන්දක් පූජා කරන මෙම පින්කමේ දී විහාරස්ථානයකට අත්‍යවශ්‍ය වර්ග සියයක භාණ්ඩ පූජා කරන අතර එක් විහාරස්ථානයකට පූජා කරන භාණ්ඩ කට්ටලයක වටිනාකම රුපියල් පනස්දහසකට පමණ වැඩි වන බව තලගල සුමනරතන නාහිමියෝ පැවැසූහ.

මුළු භාණ්ඩවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක් පමණ වන බවද උන්වහන්සේ පැවැසූහ.

අදාළ පූජා භාණ්ඩ දානපතීන්ගෙන් ද විවිධ ගම්, නගරවලට පාසල්වලට දහ දොළොස් නමක් වරින් වර පිඬු සිඟා වැඩම කරවීමෙන් ද, අදාළ පූජා භාණ්ඩ එක්රැස් කළ බවද සුමනරතන නාහිමියෝ පැවැසූහ. ඊට අමතරව කළුතර, කොළඹ දෙදිසාවේ ඇතැම් විහාරාධිපති හිමිවරුන් වෙතින්ද සිංගප්පූරුවේ හා තායිලන්තයේ වෙසෙන බොදුනුවන්ගේ ද දායකත්වය පින්කමට ලැබී ඇති බවද උන්වහන්සේ පැවැසූහ.

2003, 2006, 2008 සහ 2010 වසරවලදී ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර දිසාවල විහාරස්ථාන රැසක් සඳහා ‘ගිරිභණ්ඩ’ පූජා පින්කම මගින් විහාරස්ථානවලට අවශ්‍ය පූජා භාණ්ඩ පිරිනමා ඇත. එමෙන්ම අම්පාර පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිසාවල විහාරස්ථාන රැසක කඨින පින්කම් ද වාර්ෂිකව සිදු කර ඇත.

වැලිකන්ද, මෛත්‍රීගම ශ්‍රී සුදර්ශනාරාමය අරලගංවිල කජුවත්ත ශ්‍රී නාමල්ගිරි විහාරය, අම්පාර මංගලගම, කෙවිලියන්මඩුව ශ්‍රී සුනේත්‍රාරාමය, අම්පාර ලාතුගල දීපාරාමය, තඹලගමුව ගල්මැටියාව උල්පත්වැව රජ මහා විහාරය, අසේලපුර, කාලිංගවිල ශ්‍රී සුසිල විහාරය, අරලගංවිල, කන්දේගම ධනංජය රජ මහා විහාරය, අරලගංවිල රුහුණුගම ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරය, අම්පාර, දමන පන්නල්ගම ශ්‍රී සුදර්ශනාරාමය, අම්පාර, පරගස්කැලේ අභයපුර ශ්‍රී සෝමාවතී රජමහා විහාරය, මහඔය, පියාසරගම ශ්‍රී සම්බෝධි විහාරය, දෙහිඅත්තකණ්ඩිය, නවමැදගම, පහළගම ශ්‍රී අශෝකාරාමය, දෙහිඅත්තකණ්ඩිය දමනේවෙල ලිහිණියාගම ශ්‍රී සුදර්ශනාරාමය කන්තලේ අග්බෝපුර පේරමඩුව ජයමංගලාරාමය කන්තලේ වාන්ඇළ පුරාණ රජමහා විහාරය, චීනවරාය, විලංකුලම, නුවරපාර 6 කණුව සිරි සුනන්දාරාමය යන විහාරස්ථාන වෙනුවෙන් විවිධ විහාරාංග ඉදිකරවීමට හෝ ඒ සඳහා තලගල සිද්ධාර්ථ පදනම මෙහෙයවීමෙන් අනුග්‍රහය දක්වා ඇත.

එවන් මහ මෙහෙවර කරන මහ පින්කම්වලට හැකි පමණින් දායකවීම මෙන්ම දැක බලා සතුටුවීමට ද බොදු සැදැහැවතුන්ගේ යුතුකම වන බවද සිහිපත් කළ යුතුව ඇත.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]