UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනිති



ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉකුත් 03 වැනිදා පෙරවරුවේ
මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ දීසිරි දළදා සමිඳුන් වැඳ පුදා
ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමියන් වහන්සේලා ද බැහැ දැකීය.

 

ජනාධිපතිතුමා දළදා සමිඳුන් උදෙසා අට පිරිකර පූජා කරමින් වැඳ පුදා ගත් අවස්ථාව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් සමඟින් දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ඡායාරූපයේ වෙති

ජනාධිපතිතුමා මල්වතු මහා විහාරයේ දී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ට අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ බැහැදුටු අවස්ථාව.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන්ට අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ බැහැදුටු අවස්ථාව.

අතිඋත්කර්ෂවත් අයුරින් මෙවර පැවති මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සාර්ථකව අවසන් කළ බව සඳහන් සන්නස් පත්‍රය දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති මහර්‍ණඡ්න්ද රාජපක්‍ෂ මහතා වෙත ඉකුත් 2 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේ දී පිළිගන්වන අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මැතිණිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුද ඡායාරූපයේ වෙති.

ජනාධිපතිතුමා නිලමේවරුන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ...
ඡායාරූප - සුදත් සිල්වා

 
 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]