UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක 2012 අගෝස්තු 09 වන දා

අපේක්ෂාවේ සාර්ථකත්වය

රුවා හැමවිට ආදර්ශයට ගනු ලබන්නේ දයාබර මව්පියවරු දෙදෙනාය. දවසේ වැඩි කාලයක් දරුවා නිවසේ රැඳෙමින් මව්පිය සෙනෙහස ලබන අතර මව්පිය අවවාද ද ලබයි. ඒ නිසාම දරුවාට අවවාදයට වඩා ආදර්ශය ද බෙහෙවින් අත්‍යවශ්‍යය.

ගුණබර මව්පියවරු තම දූ පුතුන් සුචරිතයට යොමු කරවා ගැනීමට නොගන්නා උත්සාහයක් නැති තරම්ය. එහෙත් අවාසනාවකට මෙන් මව්පියවරු කෙතරම් ගුණගරුක වුවද කලාතුරෙකින් දූ පුතුන් ගුණ දහමට පිටුපා ක්‍රියාකරන අවස්ථා නැතුවා නොවේ.

දරුවකු ඇති දැඩි කර යහමඟෙහි යොමු කරවීමට මව්පියවරු තරම් අන් කවරෙකු නම් උත්සාහ කරත්ද ?

දරුවන් හදන වඩන මව්පියවරුන් ගේ මූලික අපේක්‍ෂාව වනුයේ ද තමාට වඩා යහපත් හෙට දිනයක් දරුවා වෙත උදාකර දීමටය.

එහෙත් ඒ අපේක්‍ෂාව මුදුන්පත් කර ගැනීමට නොහැකි වුවහොත් වඩාත්ම දුකට වේදනාවට පත් වන්නේ ද තම මව්පියවරු දෙදෙනාය.

අධ්‍යාපනයේ නිරත වන දරුවාට තම ශක්ති පමණට හෝ බොහෝවිට ඊටත් වඩා වැඩිපුර විය පැහැදම් කරමින් අධ්‍යාපනයේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ අපේක්‍ෂාවෙන් සියලුම මව්පියවරු කටයුතු කරති.

මේ දිනවල දරුවාගේ අනාගතය තීරණය කැරෙන විභාගයක් පැවැත්වේ. ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයයි.

අධ්‍යාපනය ලබන දරුවාට වෙසෙසින්ම අවශ්‍ය වනුයේ මනසේ නිරවුල් බවයි.

පුරා වසර දහතුනක් මුළුල්ලේ තමා ලද අධ්‍යාපනයෙන් තමාගේ අනාගත විසඳුම තීරණය කැරෙන විභාගයෙන් උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට අවුල් මනසෙන් තොරවූ මානසික ඒකාග්‍රතාවය අත්‍යවශ්‍යවේ.

දැනුමත් බුද්ධියත් එක්තැන් කර, විභාගයේදී ලැබෙන ප්‍රශ්න මාලාවට නිරවුල් මනසෙන් පිළිතුරු සැපයීමට හැකි වන්නේ නම් සැබැවින්ම එය අධ්‍යාපනය ලබන දරුවාගේ භාග්‍යයකි.

දහසක් බලාපොරොත්තු හදවතේ ඇති කරමින් ස්වකීය මව්පියන් දරුවා කෙරෙහි මහත් ඕනෑකමින් අපේක්ෂා කරනුයේ තම දරුවාගේ අනාගතය යහපත් ලෙස විසඳෙන ආකාරයයි.

දරුවා හැමවිට මව්පියන්ගේ මුදල් තම අනාගත යහපත වෙනුවෙන්ම වැය කළ යුතුවේ. එසේ නොවුවහොත් මව්පියන්ගේ ධනය අපතේ යාම පමණක් නොව තමන්ට අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ ජීවිතයේ වටිනාම කාලය අපතේ ගියායැයි පසුතැවිල්ලට පත්වීමට ද දරුවාට සිදුවේ.

මෙහි මුලින් සඳහන් කළ පරිදි හැමවිට මව්පියන් අපේක්ෂා කරනුයේ තමන් ගත කරන අදට වඩා යහපත් හෙට දිනයක් දරුවාට උදාකර දීමටය.

ඒ සඳහා දරුවා හැදී වැඩී ලොකු මහත් වනතුරු බලා සිටිය යුතු නොවේ. පෙර පාසල් අධ්‍යාපනයේ සිට දරුවා ඊට උනන්දු කළ යුතුවේ. අධ්‍යාපනය ලබා දීමෙන් දරුවාගේ බුද්ධිය වර්ධනය කිරීමට වෙහෙස මහන්සි වන්නා සේම පවුලේ, නිවසේ නිරවුල්, සාමකාමී පරිසරයද ගොඩ නැගිය යුතුය.

ළමා මනසේ අත්දැකීම් නොමැතිකම නිසාම, ඇතැම්විට දරුවකු මව්පිය උපදේශයට එතරම් කැමැත්තක් දැක්විය නොහැක. මව්පිය උපදෙස් ඇතැම් දරුවකුට මහ හිසරදයක් සේ දැනෙනු ඇත. ඒ ළමා මනස ලෝකය පිළිබඳ දැනුම අල්ප බැවිනි.

දරුවාට දැනුම ලබාදීම මෙන්ම සමාජ හිතකාමී යහපත් පරිසරයක් මගින් දරුවා ගුණ දහමෙන් ද පෝෂණය කළ යුතුවේ. එවිට මව්පිය උපදෙස් නොඅඩුව පිළිපැද දරුවාගේ අනාගතය සාර්ථක කර ගන්නා යහපත් අඩිතාලමක් මුල් අවධියේ සිටම දරුවාට ලැබෙනු ඇත.

දරුවාට අවවාදයට වඩා ආදර්ශය බෙහෙවින් උසස් වන්නේ දරුවා හැමවිට මව්පිය ආදර්ශය තම ජීවිතයට ආදේශ කර ගන්නා හෙයිනි.

මව්පියන් නිවැරැදි නොවුවහොත් දරුවන්ට කෙතෙක් අවවාද ලබා දුන්නද ඇතැම්විට ඉන් අපේක්ෂිත අරමුණු ඉටු නොවීමට ඉඩ ඇත.

නිවැරැදි ජීවිත ගත කරමින් මව්පියන් තම දරුවන් හැඩ ගැස්වීමට උත්සාහ කරන්නේ නම් බොහෝදුරට එහි සාර්ථක ප්‍රතිඵල ළමයාට මෙන්ම මව්පියන්ට ද ලැබීම නොවැළැක්විය හැකිය.

එබැවින් ළමයා තුළින් යම් අතපසුවීමක් සිදුවූවද එහි යහපත අයහපත වෙන් කර පහදා දීමට මව්පියන් ද දැනුමෙන්, ගුණයෙන් පෝෂණය වී සිටිය යුතුය. කාරුණික විය යුතුය.

ජීවිතයේ යහපත් අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ළමා වියේ පසුවන හැම දරුවකුම මව්පිය උපදෙස් ද නිසි ලෙස පිළිපැද ජීවිත යහපත උදාකර ගැනීමට උත්සාහ කළ යුතුව ඇත.

මෙවර පෙනී සිටින විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට මහන්සි ගන්නා හැම දරුවකුටම තෙරුවන් සරණ පතමු.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]