UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විශ්ව ශාන්ති බුද්ධ පූජාව

ලෝක සාමය තේමා කරගනිමින් ලෝකය පුරා රටවල් විශාල ගණනක වන්දනාවට භාජනය වන විශ්ව ශාන්ති බුදුරුව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට ජනාධිපති කාර්යාලය හා එක්ව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු යොදා ඇත.

2000 වසරේ දී කැනඩාවේ දී සොයා ගන්නා ලද ‘පෝලර් ප්‍රයිඩ් පේඩි’ නමැති දුර්ලභ ගණයේ කොළ පැහැති ටොන් 18 ක මැණික් පාෂාණයකින් නෙළන ලද ලොව විශාලතම බුදුපිළිමය වන විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමාව ප්‍රමාණයෙන් ටොන් 4, 1/2 ක් පමණ බරැති අඩි 08 ක උසකින් සමන්විත වන අතර එහි කිරිගරුඬ ආසනය මීටර් 2 ක උසකින් යුක්තය. බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලෙස ගණන් බලා ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 650 කි.

මේ වන විට වියට්නාමය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, එංගලන්තය, සිංගප්පූරුව, තායිවානය, චීනය හා තායිලන්තය යන රටවල ප්‍රදර්ශනය කොට ඇති මෙම බුද්ධ ප්‍රතිමාව අද වන විට සමස්ත ලෝකයේ මිලියන 12 ක පමණ ජනතාවකගේ වන්දනා මානයට පාත්‍ර වී ඇති අතර එම පිළිම වහන්සේ 2012 අගෝස්තු මස 05 වැනි දින ශ්‍රී ලංකාවට වැඩම කෙරෙති.

අගෝස්තු මස 7 සිට 8 දින දක්වා අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම ප්‍රතිමා වහන්සේ අරලියගහ මැදුර පරිශ්‍රයේ දී වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කිරීමටත්, අගෝස්තු 11 සිට 19 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවාසී ජනතාවට වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කිරීමට සැලසුම් කර ඇත.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]