UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දර්ශනශූරී උපාධි පාඨමාලාව සහ ඩිප්ලෝමා පාඨමාලා පල්ලේකැලේ ජාත්‍යන්තර ඇකඩමියේදී

මහනුවර ඓතිහාසික ශශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වාගෙන යනු ලබන පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමේ පරම චේතනාවෙන් 2009 වසරේදී ආරම්භ කරන ලද්දකි. මේ වනවිට ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ දර්ශනශූරී උපාධි පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා රැසක් ආරම්භ කර ඇති අතර දැනට 400 ක පමණ සිසු පිරිසක් මෙම පාඨමාලාවලට සහභාගි වෙති.

විශේෂයෙන්ම 2012 අධ්‍යයන වර්ෂය ආරම්භ වන මේ මොහොතේ බෞද්ධ නායකත්වය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවට සහභාගිවන අය අතුරින් විශිෂ්ට විභාග ප්‍රතිඵල කුසලතා හා ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමට පාලනාධිකාරිය තීරණය කොට ඇති බව දන්වා සිටියි. මෙම උපාධි පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්හට දේශීය හෝ විදේශීය බෞද්ධ අධ්‍යාපන හා පර්යේෂණ ආයතනවල සේවය කිරීමට හෝ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරතවීමට හෝ අවස්ථාව උදාවනු ඇති බවද දැනට විදේශීය විශ්වවිද්‍යාල හා අධ්‍යාපනික ආයතන සමඟ සම්බන්ධ වී සිටින බවද කියයි.

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පැවැත්වෙන එම පාඨමාලා සඳහා ගිහි පැවිදි ස්ත්‍රි පුරුෂ ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිවීමද විශේෂත්වයකි.

ඒ අනුව ඉහත දැක්වෙන පාඨමාලාවන්ට ඇතුළත් වීමට උනන්දුවක් දක්වන අදාල සුදුසුකම් සම්පූර්ණ කර ඇති අය තමන්ගේ නම, ලිපිනය, දුරකතන අංකය අධ්‍යාපන සුදුසුකම් සහ ඇතුළත්වීමට අපේක්ෂිත පාඨමාලාව සඳහන් අයදුම්පතක් අගෝස්තු මස 04 වනදින හෝ ඊට පෙර පහත ලිපිනයට තැපැල් මගින් හෝ ඊමේල් මගින් යොමු කරන්න.

මණ්ඩපාධිපති, ශශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය, පල්ලේකැලේ කුණ්ඩසාලේ.

E Mail:[email protected] වැඩි විස්තර සඳහා www.siba.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

දුරකතන 081 2421693, 0812424314.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]