UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර

කුඹල් පෙරහර

රාජ්‍ය වර්ෂ 2012 ක් වූ ජූලි මස 23 දින, සඳු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසුව විනාඩි 14 ට නිරිත දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 07 පසුවී විනාඩි 18 ට නිරිත දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

ජූලි මස 24 වන දින, කුජ දින රාත්‍රී 07 පසුවී විනාඩි 46 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජූලි මස 25 වන දින, බුද දින රාත්‍රී 07 පසුවී විනාඩි 52 ට නිරිත දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය( ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජූලි මස 26 වන දින, ගුරු දින රාත්‍රී 08 පසුවී විනාඩි 17 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජූලි මස 27 වන දින, කිවි දින රාත්‍රී 08 පසුවී විනාඩි 06 ට දකුණු දිශාභිමුඛ පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

රන්දෝලි පෙරහර

2012 ජූලි මස 28 වැනි දින, ශනි දින රාත්‍රී 06 පසුවී විනාඩි 20 ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 06 පසුවී විනාඩි 57 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 07 පසුවී විනාඩි 32 ට දකුණු දිශාභිමුකව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල් සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

ජූලි මස 29 වන දින, ඉරු දින රාත්‍රී 06 පසු වී විනාඩි 50 ට දකුණු දිශාභිමුඛව දළදා වීදියෙන් පෙරහර පිටත්ව ඩී.එස්.සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ, රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම. ජූලි මස 30 වන දින, සඳු දින රාත්‍රී 07 පසු වී විනාඩි 27 ට නිරිත දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම. ජූලි මස 31 වන දින, කුජ දින රාත්‍රී 07 පසුවී විනාඩි 50 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 01 වන දින, බුද දින රාත්‍රී 08 පසුවී විනාඩි 24 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

දිය කැපුම් පෙරහර

2012 අගෝස්තු මස 01 වන බුද දින රාත්‍රී 01.00 පසුවී 43 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමද,

දවල් පෙරහර

2012 අගෝස්තු මස 02 වැනි දින ගුරු දින දවල් 11 පසුවී විනාඩි 55 ට වයඹ දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය,දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්.සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ), මංසන්ධියට පැමිණ එදින සවස 01 පසුවී විනාඩි 18 ට වයඹ දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර කැටුව, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාර, ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්‍ෂිණාකොට සවස 03 පසුවී විනාඩි 42 ට වයඹ බලා ගෙවදීම ශුභ වේ.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]