UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෑල්ලකැටිගොඩ සද්ධානන්ද නාහිමියන්ගේ ජන්ම සැමරුවට පින්කම්

චිරකැටිය කැප්පිටියාව ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරාධිපති කීර්ති ශ්‍රී ධම්මදින්න රතනපාලාභිධාන මාතර වැල්ලබඩපත්තුව ඇතුලු හම්බන්තර දිශාවේ ප්‍රධාන සංඝනායක මෑල්ලකැටිගොඩ සද්ධානන්ද නාහිමියන්ගේ 81 වෙනි ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම 30 වෙනි දින සවස කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාමය සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන විහාරයන්හි අධිපති මොරවක සෝරත හිමියන් විසින් බෝධි පූජාවක් පවත්වනු ලබයි.

විශේෂ බෝධි පූජාමය පින්කම හා සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පවත්වා පසුදින මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි මහා සඟසතු දානමය පින්කමක් පවත්වා නාහිමියන් ඇතුළු ලක්වාසී සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති ගෝනදෙනියේ පඤ්ඤාරතන හිමි හා පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පස්ගොඩ ධම්මාලෝක හිමි ඇතුලු ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස හා සතරපේරුවේ දායක සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]