UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බස්නාහිර පළාතේ ඉදි වූ සැතපෙන පිළිම වහන්සේ

මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ මහා විහාරස්ථානයේ ගල්තලාවක් මත අභිනවයෙන් ඉදි කෙරුණු දිග අඩි හතළිස් හයකින් පමණ සමන්විත සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය මැයි 03 වන දා විහාරාධිපති මෙඬේරිගම නන්දාරාම හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ධාතූන් වහන්සේලා හා නිධන් වස්තු තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවයෙන් අනතුරුව නිරාවරණය කරන ලදී. මෙය සාම විනිසුරු මඩපාත විතානගේ මහතාගේ සංකල්පයක් අනුව දම්පේ එල්. ආරියදාස සිල්වා කලාකරුවාගේ දෑතින් නිර්මාණය වී ඇත. ඒ සඳහා ඔහුගේ පුතු එල්. ශිවන්ත චිත්‍ර ගුප්ත සිල්වා ඇතුළු මාතර අමිල චමත් දයාවංශ හා දම්පේ ජානක විජේවර්ධනගෙන් සහය ලැබී ඇත. සටහන – චන්දු ලියනආරච්චි

පිණ්ඩපාත චාරිකාවක්

ගිනිගත්හේනේ බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාවක් පසුගිය දා ගිනිගත්හේන නගරයේ දී පැවැත්විණි. එහිදී පිණ්ඩපාතය පූජා කළ අවස්ථාව. ඡායාරූපය – ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන

 
 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]