UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

87 වන කොටස

368.
මෙත්තා විහාරි යො භික්ඛ
පසන්නො බුද්ධ සාසනෙ
අධිගච්ඡේ පදං සන්තං
සංඛාරූපසමයං සුඛං

තුණුරුවන් වෙත ලැදිව යමකු මෙත් වඩයි නම් නිසැක ලෙස ඔහු අමා මහ නිවන් සුව ලබයි.
මෙත් වඩන තැනැත්තාගේ දිවිය අතුරු අන්තරා වලින් නිරන්තරයෙන් රැකෙයි.

369.
සිඤ්ච භික්ඛු ඉමං නාවං - සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්වා රාගඤ්ච – තතො නිබ්බාණ මෙහිසි

ජීවිතය නම් නැවේ පිරුණු කුණු හැර දමා සුපිරිසුදු මනසකින් නිවන වෙත යොමු වන්න.
සිතේ පව් අඩු කෙරුණු තරමටම ජීවිතේ ඔබ පතන සියලු සැප ළගා වේ.

370.
පඤ්ච ඡින්දේ පඤ්ච ජහෙ
පඤ්ච චුත්තරි භාවයෙ
පඤ්ච සංගාතිගො භික්ඛ
ඔඝ තිණ්ණෝති වුච්චති

සියලු අකුසල් නැසූ, සැදෑ ඉඳුරන් වැඩූ තැනැත්තා ලොවුතුරා මඟට පිළිපන් කෙනෙකි.
නිසංසල මනස ඇති තැනැත්තා ලෝකයාගෙන් උසස් පුද දැකුම් ලබන්නෙකි.

371.
ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ භමස්සු චිත්තං
මා ලෝහගුලං ගිලී පමත්තො
මා කන්දි දුක්ඛමි දරති ඩයිහමානො

සසුන්ගත වූ මහණ භාවනා කරනු මැන. කම් සැපට වහල් වී අපාගත නොවිය යුතු.
සිහි ඇතිව, කරන දේ කළ යුතු ය. නැතොත් ඔබ නිසැක ලෙස දුකට පත් වන්නේ ය.

මතු සම්බන්ධයි

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]