UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව තෙදිනක්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය ජුනි මස 03, 04, 05 යන දිනවල දී මිහින්තලා පුද බිමේදී පැවැත්වේ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් සිදු කැරේ. ස්වර්ණ ජයන්තිය සමරන මෙවර ආලෝක පූජා මහෝත්සවය මිහින්තලා රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. ජුනි 03 වැනිදා පස්වරු 3 ට මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලයේ ළමා උද්‍යානය සම්භාවනීය අමුත්තන් අතින් විවෘත කැරේ.

ඉතිරිය»

ඓතිහාසික මිහින්තලා පුද බිම

මෙම අතිසුන්දර වූ පුදබිමේ පෙනුම තවතවත් වර්ධනය කරවන ආරාධනාගල ගැන ද යමක් කිව යුතුව තිබේ. බොහෝ අය මෙහි ඉතිහාසය දනිතත් මොහොතින් අමතක කරන සෙයකි. බහුතරයක් සිතුවම් ශිල්පීන් මහින්දාගමනයේදී අඳින්නේ උන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ආරාධනා ගලට වැඩිය අයුරු දක්වන සිතුවම් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් සුමන සාමණේරයන් දෙවි බඹුන්ට ධර්මය අසන්නට පැමිණෙන්නැයි ‘ධර්ම ඝෝෂා’ කළේ මේ ගල මත සිටය. ඒ නිසා එය ‘ආරාධනා‘ ගල වශයෙන් හඳුන්වයි

ඉතිරිය»

ධර්ම දේශනාව:

අනුබුදු මා හිමි මිහින්තලාවට වැඩම කළ පොසොන් පොහොය

අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක “ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක.

ඉතිරිය»

‘අමාදම් සිසිල’ සදහම් චාරිකා පදනම

2004 වර්ෂයේ වෙසක්පුර පසළොස්වක පොහෝ දින නැගෙනහිර පලාතෙන් ආරම්භ වුනු ‘අමාදම් සිසිල සදහම් චාරිකා’ දහම් වැඩසටහන 2012 වර්ෂයේ පොසොන් මස 03 වෙනි දින, 1500 ක් වූ තරුණ තරුණියන් සමග මිහින්තලාවෙන් විකසිත වෙන වගයි. මීට අමතරව දිවයින පුරා වැසී තිබෙන විහාරස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කරමින් ස්වාමින්වහන්සේලාට භාරදීම ද සිදුකරනු ලබන්නේ ගමත්, පන්සලත් එක් කිරීමේ බලාපොරොත්තුවෙනි.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]