UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිසිල් ලබති

වේරගොඩ ජයන්ති විහාරාධිපති ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ ගුණානන්ද නාහිමි, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍ර‍්‍රවේදී වේරගොඩ සාරද හිමි, ජයන්ති විහාරවාසී උල්ලල විජිත හිමි හා ජයන්ති විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී වේරගොඩ දේවානන්ද හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 2001 දී පැවිදි බිමට පත්ව මීටියාගොඩ ශ්‍රී පුෂ්පාරාම පිරිවෙනෙහි ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත්ව, ජයන්ති විහාරස්ථ ශ්‍රී වජිරඤාණ දහම් පාසලෙහි ආචාර්ය මණ්ඩලයෙහි සේවය කරනු ලබන, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි උපාධි අපේක්‍ෂකව සිටින සියඹලාණ්ඩුවේ කොණ්ඩඤ්ඤ පොඩි හාමුදුරුවන් වහන්සේ 2012 වෙසක් මස 13 වෙනි දින මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික රාජපූජිත ශ්‍රී මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබති.

උන්වහන්සේ සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි අතපත්තු මුදියන්සේලාගේ ජයසේකර හා දිසානායක මුදියන්සේලාගේ සුදු කුමාරි යන දෙපළගේ දෙටු පුත් රුවනය.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]