UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්ති සමාප්ති පින්කම මහා නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන්

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව පසුගියදා තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් “විසුම්පාය” අග්‍රාමාත්‍ය නිල නිවසේ දී රැස්විය.

ලබන මැයි මස 03 වන දින පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය අවසන් කිරීමේ පුණ්‍යෙීත්සවය සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡාවට භාජනය විය. තෛ‍්‍රනිකායික මහානායක හිමිවරුන්ගේ සහ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම පුණ්‍යෙීත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. එදිනට දස අවුරුදු වැඩපිළිවෙළක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ශාසනික වශයෙන් වැදගත් වන බුද්ධශාසන පනත් කෙටුම්පත, බෞද්ධ විහාර දේවාලගම් පනත් කෙටුම්පත, බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත, දසසිල් මාතාවන් පිළිබඳ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් වල ඉදිරි කටයුතු සඳහා ක්‍රියාමාර්ග ගැනීම, සෑම පාසලකම බුදු දහම ඉගැන්වීමට වෙනම පන්ති කාමරයක් වෙන් කිරීම, බුදු දහම ඉගැන්වීමට සුදුසුකම්ලත් ගුරුවරුන් පත්කිරීම, උදෑසන පාසල් රැස්වීම් වලදි හැඟීමෙන් යුතුව වන්දනා මාන කිරීමට හුරු කරවීම, පාසල් බෞද්ධ සමිති පිහිටුවා එම සමිතිවල නිලධාරීන්ට නායකත්ව පුහුණුව ලබා දීම, 2600 සම්බුද්ධත්ව ජයන්ති සිහිවනටයක් ලෙස අංගසම්පූර්ණ රජයේ විද්‍යාලයක් බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ කොට පවත්වාගෙන යෑම, භික්‍ෂු ලියාපදිංචි කිරීමේ ලේඛන පහසුවෙන් ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු 16 ක් මෙම දස අවුරුදු වැඩපිළිවෙළට ඇතුළත් වේ.

මේ අතර වෙසක් මස 03 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවයේ දී සමරු මුද්දරයක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත ය. තව ද 2600 Years of World Buddhism නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මුද්‍රණය කර ලොව පුරා බෙදාහැරීමට ද කටයුතු සම්පාදනය කර ඇත.

එදින පැවැති මෙම 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේ, අකුරැටියේ නන්ද නායක ස්වාමීන්වහන්සේ, දිවියාගහ යසස්සි නායක ස්වාමින්වහන්සේ, ගෝනදුවේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහතා, 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ලේකම් කේ.කළුපහන මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා, මහාභාරකාර සරත් සෙනෙවිරත්න මහතා, බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය පෞද්ගලික ලේකම් සෙනානි ලංකා ජයරත්න මහත්මිය යන කමිටු සාමාජිකයෝ සහභාගිව සිටියහ.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]