UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර පසලොස්වක 2012.04.06

දිවි ඇතිතෙක් ඒ මඟෙහිම යමු

ථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතෙහි අපමණ ගුණ සිහි කරන ඕනෑම මොහොතක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඕනෑම අයකුගේ සිතට පහළ වනුයේ අපමණ පින්සිතිවිලි ය.

ඒ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් යුත් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ජීවමාන බුදුරුවක් තම තමන්ගේ සිත් තුළ තැන්පත් කර ගනිමින් බුද්ධිමත් බොදුනුවා බුදුරදුන් දෙසූ ම¼ග අනුගමනය කිරීමට ද උත්සාහ කරති. බුදුන් වහන්සේ සෑම විටම අපේක්‍ෂා කළේ දුක් පිරි සසර කතරෙන් ජනතාව එතෙර කරවීමට ය. එම දුක නිවාරණය කරන උතුම් සදහම් මඟ පෙන්වීමටය. එවන් මහා කාරුණික, අසරණ සරණ වූ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව 2600 වසර එළඹීමේ දී රට පුරා ජනතාව පිළිවෙතින් පෙළ ගැසීමට සුදානම් වූහ.

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව ඊට ඇප කැප වූ බව මෙහිලා සඳහන් කළ යුත්තකි. සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් සම්බුද්ධත්ව ජයන්ති වසර ද ප්‍රකාශයට පත් කළේ ය. පූජනීය මහ සඟරුවනෙහි අනුශාසකත්වයෙන් රටපුරා බොදු ජනතාව එම සම්බුද්ධත්ව ජයන්ති වසර අනුස්මරණය කරමින් ආගමික හා ශාසනික වශයෙන් විවිධ පින්කම් හි නිරත වූහ.

ඒ නිසාම එම සම්බුද්ධත්ව ජයන්ති වසරේ බොදු ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් තම තමන්ගේ දිවිමඟ සම්බුදු දහමෙන් ආලෝකවත් කර ගැනීමට ගත් උත්සාහය අගය කළ යුතු වේ.

මෙම ලොව පවතිනතුරාවටම බොදු සාර ධර්ම සුරැකීමට එම සම්බුද්ධත්ව ජයන්ති වසරේ පිළිවෙතින් පෙළ ගැසී සිදු කළ උදාර මෙහෙවර පවතීවා.

අනාගත සැදැහැති බෞද්ධ පරපුර ද එය ආදර්ශයට ගෙන තම තමන්ගේ ජීවිත සම්බුදු දහමට අනුකූලව තම දිවි සකසා ගැනීමට පෙළඹිය යුතු ය.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරේ නිමාවට තවත් ඇත්තේ එක් පුර පසළොස්වක පොහොයක් පමණි. එනම් උදාවන 2556 වෙසක් සුර පසළොස්වක පොහොය පමණි.

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය අවසන් කිරීමේ පුණ්‍යෝත්සවය අතිපූජනීය තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ හා ගරුතර මහ සඟරුවනෙහි ප්‍රධානත්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මැයි මස 03 වන දා අරලියගහමන්දිරයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බැව් සඳහන් පුවත අද අප පුවත් පතෙහි පළ වේ.

එදිනට දස අවුරුදු වැඩපිළිවෙළක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අගමැති දි.මු. ජයරත්න මහතා පැවසීය, යනුවෙන්ද එම පුවතෙහි දැක්වේ. එබැවින් සම්බුදු සසුනේ හා සම්බුදු දහමේ රැකවරණයට එම දස අවුරුදු වැඩ පිළිවෙළ නිරතුරුවම මහත් ශක්තියක් වනු නොඅනුමානය.

අපේ බොදුනුවාගේ ජීවිතය ධර්මානුකූලව ගත කිරීමට නිසි මඟ පෙන්වීමෙන් ඔවුන්ගේ දිවි මග දෙලොව දීම සැනසීමට පත් වනු ඇත.

කවර සමාජයක වුවද දහමට, ගුණයට නැඹුරු නොවන අය සිටිය හැකි ය. ඒ ඉතා සුළු පිරිසක් වනු ඇත. එහෙත් දහමට ලැදි දහමට ගරු කරන බහුතර පිරිසක් අප සමාජයේ තවමත් වෙසෙන බව අපි සතුටින් සිහිපත් කළ යුතු වෙමු.

උදාර වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී එම ජයන්ති වසර සමරමින් රට පුරා සිදුවූ ආගමික කටයුතු දෙස විමසිලිමත්ව බැලීමෙන් ඒ පිළිබඳ වැටහීමක් ලබාගත හැක. කෙසේ වුවද සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී අන්කවරදාකටත් වඩා සෑම විහාරස්ථානයකම සෑම ගමකම, ආගමික කටයුතු ඉතා ගෞරවයෙන් ආදර්ශවත්ව සිදු කළ බව විශේෂයෙන් ඊට පින් දෙමින් සිහිපත් කළ යුතුව ඇත.

2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අපි සැම භාග්‍යවන්තයෝ වූවෙමු. ඉදිරි දිවි මඟ ආලෝකවත් කර ගැනීමට නම් අප සැම පෙළගැසිය යුතු වන්නේ පිළිවෙතින්ම ය.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]