UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් කැකුළු

මෙලොව පින් කරගෙන දෙලොවම සැනසෙමු

අභිත්‍ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්‍ධං හි කරොතො පුඤ්ඤල
පාපසමිං රමනී මනො

කාරුණික සුපින්වතුනි,

අප සනරාමර ස්වාමී වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ඇස්, හිස්, මස්, ලේ හා අඹුදරුවන් හා තම රාජ්‍යය සම්පත් දන් දී පොළොවකම්පා කරමින් පාරමිතා ධර්ම සම්පූර්ණ කර අවබෝධ කරන්නට යෙදුන ධර්මස්ඛන්ධයයෙන් එක පිඩක් මම අද ධර්ම දේශනාවේ මාතෘකා කර ගත්තෙමි. මේ ගාථාව සඳහන් වන්නේ අප කාගේත් අත්පොතක් වෙන ධම්මපද විවරණයට අයත් පාපවග්ගයේ පළමුවන ගාථාවයි.

නොපමාවම කුසල් දහම්හි සිත පිහිටුවා ගත යුතුයි.

දන්‍ධං හි කරොතො පුඤ්ඤං - අකුසලින් සිත වළක්වාගත යුතුයි. (පාපා චිත්තං නිවාරයෙ) යමෙක් පින්කිරීමට පසුබට වෙයිද? ඒ තැනැත්තාගේ සිත පවෙහි ඇළෙයි. (පාපසමිං රමතී මනො) යන ගාථාවේ අදහසයි.

අප කවුරුත් මෙලොව ඉපදිලා ඉන්නේ විශාල පින් බලයක් නිසා ඒ ඉපදුනත් දුක කියන මේ ධර්මතාව බුදු, පසේ බුදු, මහරහත් යන උත්තමයන්ටත් පොදු ධර්මයෙකි.

මේ සසර දුකින් මිදීමට අප සිත තුළ පවතින ලෝභය, දෝෂය, මෝහය, අකුසල් තුනවෙනුවට ආලෝභය, අදෝෂය, අමෝහය යන කුසල සිතිවිලි ඇතිකරගත යුතුයි. (පුඤ්ඤං තෙ පුරිසො කයිරා) පින් කැමැති විය යුතු කෙනෙක් විය යුතු වේ. එවිට තෘෂ්ණාවෙන් මිදී සමථ විදර්ශනා භාවනා වඩා සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධකර ගැනීමට හැකි වෙන්නේ ය.

මේ මනුලොව හා දෙව්ලොව ගත්තාම විවිධාකාර මනුස්සයන් හා විවිධාකාර වූ දෙවිවරු දැකිය හැකි වේ. අල්පේච්ඡ දෙවිවරු මෙන්ම මහේ ශාක්‍යය දෙවිවරුද සිටිති. මනුලොව මහත් පින් ඇති අයද ස්වල්ප පින් ඇති අයද සිටිනවා.

ඒ නිසා පින්වතුන් බුද්ධෝත්පාද කාලයක් ලබාගත්ත මේ කාලේම පිරිසුදු ධර්මය පවතින කාලේ අෂ්ඨ දුක්‍ෂණයෙකින් තොර ඉපදුන මේ මනුස්ස ආත්මභාවයේ දී වහා වහා පින්සිදු කර ගත යුතුයි.

සන්තිස් බෝධිපාක්‍ෂීක ධර්මය, සතර සෘද්ධි පාද සත්තබොජඣ ධම්ම වඩා ඇති ආර්ය පුද්ගල මහා සංඝරත්නයට යම්කිසි ප්‍රජාවක් පවත්වනා නම් එය මහත්ඵල මහානිසංසය.

මේ ලොවදීම පින් සිදුකර ගෙන පරලොව දෙලොවම සැපවත් එකක් බවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරගත යුතු වෙමු.


ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමි

විදේශ රටක උපත ලබා ශ්‍රී ලංකා දේශයට පැමිණ අපගේ රටට ඉමහත් සේවයක් කළ හිමිනමක් ලෙස අපි ඇස්. මහින්ද හිමියන් ගැන දන්නෙමු. අපගේ නිදහස වෙනුවෙන් කවියෙන් සටන් කළ උන්වහන්සේ සිංහලයන්ගේ අභිමානය පිණිස ලියු කවි බොහෝය.

කෙස්ගස පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නෙ
හිස් මොල තිබෙද්දිත් මේ වග නොතකන්නෙ
ඇස් ගෙඩි දෙකට හෙණගහලද සිහලුන්නෙ”

පිටරටකින් අපගේ මේ සිංහල දේශයට පැමිණ සිංහලයන්ට නිදහස ගැනීම පිණිස උදව් කරනවා කියන්නෙ මොන තරම් ලොකු සේවාවක්ද? මෙම හිමියන් උපත ලැබුවේ 1901 දී ටිබෙට් රටේ සිබිම් නගරයේ දීය. ඔහුගේ ගිහිනාමය ටසිලිම්ගල් යන නමයි. ටසිලිම්ගල් දරුවා වයස 11 දී පමණ ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී ශ්‍රී ලංකාවේ ලස්සන දුටු එම දරුවා 1914 නැවත ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ රත්ගම සිරිචූල සුමන හිමියන්ගේ ශිෂ්‍යයෙක් වශයෙන් කටයුතු කළේය. එම දරුවා සිබිම් මහින්ද නමින් අමරපුර නිකායෙ පැවිද්ද ලැබුවේ දොඩන්දුවේ ශෛල බිම්බාරාමයේ දීය. මහණ වීමෙන් පසු උන්වහන්සේ කවිවලට සහ නොයෙක් කෘති ලිවීමට ඇළුම් කළ අතර උන්වහන්සේ විවිධ කෘති 40 ක් පමණ ලියා ඇත. එයින් කිහිපයක් නම් ළමා කවි කලඹ, ඔවා මුතුදම, ලංකා මාතා, නිදහසේ මන්ත්‍රය, රත්නමාලී කාව්‍යය, රාහුල කුමාරයා යන මේ කෘති සියල්ල උන්වහන්සේ විසින් රචනා කරන ලද කෘතිය අප මෙය හොඳින් සිතට ගත යුතුය. ජාති,භේද, කුලමලකම් අත් හැරදමා අපට නිදහස ලබාදුන් මෙවැනි ශ්‍රේෂ්ඨ උත්මයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වැදිය යුතුය.


දිවි ගමනට බලවත් සරණක්

ආදරණීය දුවේ, පුතේ සිත, කය, වචනය වූ ඔබේ තිදොර කුසල් අකුසල්වලට මූලික වෙනවා. පුංචි ඔබේ දඟකාර බව නිසා හෝ අසංවර වන තිදොරින් බුදුපියාණන් නැමැදීම සුදුසු වන්නේ නැහැ. ඒ නිසා ඔබ බුදුරදුන් නැමැදීමේ දී ත්‍රිවිධරත්නයෙන් සමාව අයැදින්න.

කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං
අච්චයං කම්මේ භන්තෙ
හ®®රිපඤ්ඤ තථාගත

මාගේ සිත, කය, වචනය වූ තුන් දොරින් සිදු වුණා වූ සියලු දෝෂයන්ට බුද්ධරත්නයේද ධම්ම රත්නයේ ද සංඝරත්නයේ ද සමාව ‘මට ලැබේවා’ ! දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවායි සිතන්න.

දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ සසල වීම ඔබේ සිතෙහි ඇති ස්වභාවයයි. නැණවන්තයා ඇද ලීයෙකින් නොඇද වූ දුන්නක් තනන්නාක් මෙන් ඔබේ සිතත් තැන්පත් කර ගන්න. ඒ නිසල පිවිතුරු සිත ඉගෙන ගන්නා ආදරණීය දුවටත්, පුතාටත් උගත් දේ හොඳින් මතකයේ රැඳේවි. වහලක් සහිත නිවෙසක් වැස්සෙන් නොතෙමෙන්නා සේ මනාව සැකැසූ සිත අකුසල් වලින් ද වැළකෙයි. සිතෙහි ඇති බලය සංයුක්ත නිකායේ ඛන්දක වර්ගයේ ‘නකුල පිතු’ සූත්‍රයෙන් ද දැක්වෙනවා.

ඔබේ සිත කයෙන් වෙන් වූ විට කය පොළොවට වැටෙන්නේ දිරාගිය දර කැබැල්ලක් වගෙයි. ඒ අස්ථිර වූ කය ‘බිඳෙන සුළු මැටි කලයකට’ බුදුරදුන් උපමා කර තිබෙනවා. දයාබර දුවේ, පුතේ සංවර වූ වචනය ද ඔබේ දිවිගමනට හරිම බලවත්. පි‍්‍රය වදනක බල මහිමය ‘නන්දි විසාල’ ජාතකයෙන් අගැයෙනවා.

කයෙන් හා වචනයෙන් අසංවර වූ එක්තරා භික්‍ෂුවක් ඌරෙකුගේ මුව ඇති ප්‍රේතයෙක් වී උපන් බව සුඛරමුඛ ප්‍රේත වස්තුවෙන් කියා දෙනවා. තිදොරම අසංවර වූ අංගුලිමාලත් පසුව වරද වටහාගෙන වළාකුලින් මිදුණු පුර සඳ සේ බැබළුවා.

ආදරණීය දුව, පුතා බුදුරදුන් නැමැදිමේ දී ඔබේ නොදැනුවත්කමින් අසංවර වන තිදොරින් සිදුවන වරදට තුන් සරණේ සමාව අයැදින්න. එය ඔබේ දිවි ගමනට බලවත් සරණක් වේවි.

ප්‍රබෝධි නැන්දා


පන්සල් යමු

සුදු ඇඳුමින් සැරැසිලා:
මව්පිය පා නැමදලා
තෙරුවන් සිහි ගන්වලා
යන්නෙමි පන්සල බලා

මිතුරන් සමඟින් මගේ
දකුණු පසින් මඟ දිගේ
සන්සුන් ගමනින් අගේ
යමි බොදු දරුවකු වගේ


අම්මා

අම්මා මට රන් රුවනකි
මා ඇතිදැඩි කරපු කෙනෙකි
අම්මා ළඟ සිටින විටදි
දැනෙන්නේ මට සුව නින්දකි


අට මහ කුසල්

කඨින පූජා ලෙසට
අටපිරිකරයි දන්දෙන,
ආවාස සහ මැදුරිනා
සාංඝීකව දනක් දීමද
දහම් පොත් පළ කෙරුම් ඒ සැමට බෙදනා
කෙත් වතු පොළොව
බුදු පිළිමත් පුදා
වැසිකිළි කැසිකිළිත් සාදා අපා නොවී එසත පිපෙයි නෙළුමක් වී නිවන් පුර අටමහ කුසලිනා

1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. පන්සල් ගෙවල් තනා පූජාකිරීම
4. සාංඝීක දානයක් දීම
5. දහම්පොත් ලියා පළකිරීම සහ දන්දීම
6. කෙත්වතු ඉඩම් පිදීම
7. බුදුපිළිම සාදා පූජාකිරීම
8. වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම


මිහිඳු හිමියන් වැඩිය දා


ඔබගේ දහම් පාසල පිළිබඳ විස්තර, ඡායාරූප, දහම් කැකුළු සඳහා දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි පැදි නිර්මාණ සහ චිත්‍ර අදාළ මාතෘකාව යටතේ
සංස්කාරක,
බුදුසරණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්, කොළඹ 10.

යන ලිපිනයට යොමු කරන්න.

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]