UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්‍ෂු පුහුණු අධ්‍යාපනික සේවාවක්

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම විශාලතම මව්පිය සෙවන (වැඩිහිටි නිවස) ඉදිකළ පොල්ගස්ඕවිට වෑකර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ ශ්‍රී ඥානෝදය පදනමේ තවත් සුවිශාල සේවාවක් ලෙස ථොරවාදී භික්‍ෂු පුහුණු අධ්‍යාපනික හා බහුකාර්ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ශාස්ත්‍රපති කලවානේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් යථොක්ත මව්පිය සෙවන පිහිටි භූමිය වූ කලවානේ මීපාගම ඉදි කිරීමට කටයුතු සංවිධානය කෙරේ.

ඒ සඳහා මුල්ගල් තැබීම මේ මස 11 වැනි ඉරුදින පෙරවරු 9.30 ට ජනාධිපති ආගමික අංශයේ උපදේශක ශාස්ත්‍රපති වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යා හා තාක්‍ෂණ ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කැරේ.

වර්ග අඩි 55000 ක භූමි ප්‍රමාණයක ඉදිවෙන යෝජිත ථෙරවාදී භික්‍ෂු පුහුණු ආයතනයෙන් අංග සම්පූර්ණ කාමර 100 ක් ස්වාමීන් වහන්සේලා 200 නමක් සඳහා නැවතුම් පහසුකම්, අධ්‍යාපන පහසුකම්, වෘත්තීය පුහුණු පන්ති කාමර දේශනශාලා සනීපාරක්‍ෂක පහසුකම් ආදී සේවාවන් රැසක් ලැබෙනු ඇත.මෙම මුල්ගල් තැබීම නිමිත්තෙන් මාර්තු 1 වැනි දා සිට 10 දින දක්වා ධර්මදේශනා පින්කම් 10 ක් ද සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයක් ද මහා සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]