UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

ලේක්හවුස් ආදි කර්තෘ

ජන්ම සමරු පින්කමෙන් ....

ලේක්හවුස් ආයතනයේ ආදී කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 126 වන ජන්ම දිනය ඉකුත් 23 වන දාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් 23 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් එම සමාගමේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් වෙත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් පිරිත් දේශනාවට ආරාධනා කළ අවස්ථාව. ආයතනයේ සේවක සේවිකාවන්ගේ ද දායකත්වයෙන් එම පින්කම ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් සංවිධානය කෙරිණි.

පිරිත් ධර්ම ශ්‍රවණයට සහභාගි වූ වැඩබලන මහා භාරකාර ගමේෂ් ධර්මරත්න, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය ඇතුළු ආයතනයේ සේවක මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.

බුද්ධ පූජාව පූජා කරමින්...

ජන්ම සමරු පින්කමට වැඩම කළ මහ සඟරුවනින් කොටසක්..

මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් වෙත පිරිකර පූජා කළ අවස්ථාව...

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පුත් රංජිත් විජයවර්ධන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු පැන් වඩා පින් අනුමෝදන් කළ අවස්ථාව.

ඡායාරූප: සේනක වික්‍රමාරච්චි, සාලිය රූපසිංහ

 
 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]