UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

2012 පෙබරවාරි 29 වනදා බදාදා මැදින් පුර අටවක

පරිත්‍යාගශීලී වී අධ්‍යාත්මික සුවය විඳිමු

නිර්ලෝභී සිතිවිලි හැම විට හැම දෙනාට ම පහළ නොවේ. ඒ නිර්ලෝභී බවට ඉඩ නො තබා ලෝභය හැම විට සිතිවිලි හා ගැටෙන හෙයිනි.

තමා සතු යමක් පරිත්‍යාග කිරීමට සූදානම් වන විට සිතට ඉස්මතු වී එන්නේ තණ්හාවයි. එසේ වන්නේ යමකුට දෙයක් පරිත්‍යාග කිරීමේ දී තමාට භුක්ති විඳිය හැකි දෙය අනුන් සතු කරන්නේ මන්දැයි ලෝභය නමැති අකුසල මූලය හැම මොහොතක් පාසා සිතිවිලි හා බැඳී ඇති හෙයිනි.

එහෙත් කලාතුරෙකින් අයකුට හෝ ඒ අකුසල මූලයන් තදංග වශයෙන් හෝ යටපත් කර ගත හැකි ය. එවන් අවස්ථාවක ලෝභය නමැති අකුසල මූලය වෙනුවට අලෝභය නමැති කුසල මූලය සිතෙහි පෙරට එයි. සිතිවිලි අතරට එයි.

පුහුදුන් සිතෙහි ස්වභාවය ම අලෝභය පෙරට ඒම වළක්වාලීම යි.

එහෙත් කෙතරම් ලෝභී සිතිවිලි පහළ වුවද දනට පිනට නැඹුරු වන්නා ඒ ලෝභී සිතිවිලි යටපත් කර ගනී. එපමණක් නොව ලෝභය යටපත් කර ගනිමින් පරිත්‍යාගයෙහි ද යෙදේ.

කවර හෝ දෙයක් කිරීමට ඕනෑම කෙනකුට යම් අරමුණක් නිමිත්තක් හේතුවක් තිබිය යුතු ය.

පින් දහම් හි නිරත වන බොහෝ දෙනා ට යම් පින්කමක් කිරීමට පෙර ද ඊට අරමුණක් නිමිත්තක් හේතුවක් යොදා ගනී.

එසේ පින් දහම් කරන්නන් අතර පහළ වන අරමුණු බොහෝ ය.

ඇතැම් විට මළ ගිය මවුපියන් අනුස්මරණය කරමින් පින් දහම් හි නිරත වෙති. එමෙන්ම පරම්පරානුයාන ඤාති වර්ගයාට පින් පෙත් අනුමෝදන් කිරීමට ද ඇතැමෙක් පින්කම් කරති. විටෙක තවත් කෙනෙක් තම මවුපියන්ට ආශිර්වාද පතා පින්කම් කරති. එසේත් නොමැති නම් ජීවිතයක වැදගත් සන්ධිස්ථානයක් අනුස්මරණය කිරීමට ද පින්දහම් කරති. එසේත් නොමැති නම් නව නිවහනක් තනාගෙන එහි පදිංචි වීමට පෙර තුණුරුවනේ ආශීර්වාදය පතා පින්දහම් සිදු කරති.

එපමණක් ද නොව සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ට පින්දීමට ද පින්දහම් වල නිරත වෙති.

මේ අයුරින් බලන විට සැදැහැතියා හැම විට යම් පින්කමක් කිරීමට පෙර කවර හෝ වැදගත් අරමුණක් පෙරටුකර ගැනීමට පෙළඹෙයි.

හැකිතාක් හැම විට කවර හෝ අරමුණක් පෙර දැරි කර ගනිමින් පින්දහම් හි නිරත වීම බෞද්ධයාගේ සුවිශේෂී ලක්‍ෂණයකි. එය බෞද්ධ සංස්කෘතියේ ද උතුම් ලක්‍ෂණයකි.

ඒ උදාර බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණ තුළින් හෙළ බොදුනුවා දුරාතීතයේ සිට පෝෂණය වී ඇත. එබැවින් කවර හෝ අරමුණක් පෙරමුණට ගෙන බොදුනුවා පින්දහම් හි නිරත වීම බෞද්ධ චාරිත්‍රයකි. උතුම් බොදු උරුමයකි.

සම්බුදු දහමේ ආභාෂයෙන් පෝෂණය වී දිවි පෙවෙත ආධ්‍යාත්මික සුවය වෙත යොමු කරවන ඒ බොදු සිරිත් දකින, බලන බොහෝ දෙනා ප්‍රසාදයට පත් වනු ඇත.

හෙළ බොදු සිරිතට මුල් තැන හෙළ බොදුනුවා කවර බාධක ආවද, ඊට නොසැලී මුහුණ දෙනු ලබන්නේ තමන් වෙතින් ඉටු කළ යුතු, ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ද නොපිරිහෙලා ඉටු කිරීම තුළිනි.

මේ අනුව බලන විට කවර අරමුණක් පෙරමුණ ගෙන හෝ පින්දහම් කිරීම බෞද්ධයාගේ අපේක්‍ෂාවය. එය පැසසිය යුතු අගය කළ යුතු බොදු උරුමයකි. වත්මනෙහි වෙසෙන අප එවැනි ආදර්ශවත් පින්කම් සිදු කිරීම තුළින් අපේ මුතුන් මිත්තන් අපට උරුම කර දුන් ඒ මහඟු දායාදය අප මතුපරපුරට ද උරුම කර දෙන උතුම් කටයුත්තක් වනු නොඅනුමානය.

පිනට නැඹුරු සිත තිදොර සංවරයෙන් තිදොර වෙහෙසවා හැම විට යොමු වන්නේ පින් දහම්වල නිරතවීමටය.

පින්බර සිත යම් පින්කමක් කිරිමට පෙරද ඒ උතුම් පින්කම් කරන අවස්ථාවේ ද අනතුරුව පින්කමෙන් පසුවද තමා කළා වූ පින්කම පිළිබඳව මෙනෙහි කරමින්ම සැනසීම උදාකර ගත යුතු ය.

අප මෙලොවට බිහි වූ දා පටන් කර්ම රැස්කරති. ඒ අතර යහපත් කුසල කර්ම කිරීමෙන් ම සසර පුරා සැනසීම ලබනු ඇත.

පැරැණි සිරිතට ගරු කරමින් හෙළ බොදු සිරිත් රැක ගනිමින් දිවිමග සරු කර ගැනීමට බෞද්ධයා අධිෂ්ඨාන කරගත යුතුව ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]