UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දයා සිරිවර්ධනයන් කළ මෙහෙවර සදානුස්මරණීය යි

බුදුසරණ පුවත්පතේ හිටපු කර්තෘවරයකු වූ ජ්‍යෙෂ්ඨ්‍ය මාධ්‍යවේදී දයා සිර්වරධන 1931 නොවැම්බර් 17 වැනිදා හඳපාන්ගොඩ මෙනේරිගම දී උපත ලබා හඳපාන්ගොඩ මෙනේරිගම ගමේ පාසලෙන් මූළික අධ්‍යාපනය ලැබීය. අනතුරුව රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලය රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දයා සරසවි අධ්‍යාපනය ලැබීමේ භාග්‍යයද හිමි කර ගත්තේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් දිනාගත් ඔහු සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි භාෂාවන්හි මහා විශාරදයෙක් විය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තියට එක්වූ දයා දීප්තිමත් ගුරුවරයකු ලෙස සේවය කළේය. උදාර අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙන දයා ලේක්හවුස් ආයතනය මගින් එවක ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු ලෙස එක්වීමේ භාග්‍ය ලැබීය. ‘බුදුසරණ’ පුවත්පතේ ප්‍රධාන කතුවරයාව සිටි කෘතහස්ත පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංක සූරීන්ගේ සහායක කතුවරයා බවට පත්වීමේ භාග්‍යය ලැබූ දයා පසුකලෙක එහිම ප්‍රධාන කතුවරයා බවට පත්වීමට තරම් කෘතහස්ත විය.

බුදුසරණ පුවත්පතට දයා සිරිවර්ධන මහතාගෙන් සැලසුනේ අමිල සේවාවකි. බුදුදහම පිළිබඳව මෙරට සාමාන්‍ය පාඨකයාට කියවීමට සුදුසු සරල ලිපි මෙන්ම බුදු දහම පිළිබඳව විචාරාත්මක ගැඹුරු ලිපිද පළවූයේ එතුමාගේ මැදිහත්වීම මතය. ශ්‍රී ලංකාවේ අග්‍රගණයේ පැවිදි පඬිවරුන්ගේ ධර්ම ශාස්ත්‍රීය ලිපි බුදුසරණ පුවත්පතේ අලංකාරයට එක්කරමින් උන්වහන්සේලා සතු ධර්ම ඥානයේ මහිමය රටටම හෙළිකරමින් දයා සිර්වර්ධන මහතා ශාසනික වශයෙන් සිදු කළ සේවාව සදානුස්මරණීය වෙයි. නවසිය හැත්තෑවේ ඔක්තෝබර් මාසයේදී සිදුවූ පියසේන නිශ්ශංක මහතාගේ අභාවයෙන් පසුව බුදුසරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයට පත්වන දයා සිරිවර්ධන මහතා එම පුවත්පත වඩාත් ආකර්ෂ්‍යය කරළීම සඳහා ඊට විවිධ විශේෂාංග එක් කිරීම අගය කළ යුතුය. ඔහු එහි නියෝජ්‍ය කතුවරයාව සිටි අවධියේ ඊට එක් කළ “ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා විශේෂාංගය වඩාත් ආකර්ෂණීය විය. දයා සිරිවර්ධන රචනා කළ “සරුසාර ලංකා” නම් වූ චිත්‍රකතාවද පාඨකයා අතර බොහෝ ප්‍රසාදයට පත්විය. පියසේන නිශ්ශංක සූරීන්ගේ මඟ පෙන්වීමට හුරුපුරුදු වූ ඔහු ‘දයා’, ‘ගොවිදු’, ‘සිරිවැඩි’ ,’දහම්සොඬ’, ‘සදිසි’ යන ආරූඩ නම් වලින් පුවත්පත් කලාවේ නියැලෙමින් ප්‍රසිද්ධිය පසුපස හඹා නොයෑමේ නිහතමානි ගුණයද මතුකර පෙන්වීය.

දිනමිණ, සිළුමිණ, ජනතා පුවත්පත් වලද පාඨක ප්‍රසාදය දැඩිව දිනාගත් ලිපි රාශියකින් පාඨකයන් අතරට එක්වූ දයා ලොව පතළ සිතුවම් බුදුන් වහන්සේගේ දේශනා ක්‍රම ආශි‍්‍රත ජනසන්නිවේදන විධි නැමැති කෘති හරහා ග්‍රන්ථ කරණයටද පිවිසියේය. නිවැරදි දර්ශනයක් වෙනුවෙන් අභීතව සිය පෑන මෙහෙයවූ දයා සිරිවර්ධන නම් වූ මේ කෘතහස්ත අපූරු පත්තර කරුවා සිය ජීවිතයේ අසු වැනි වියේදී දැයෙන් සමුගැනීම රටට දැයට ආගමට විශාල පාඩුවකි.

යා සිර්වර්ධන මහතාට නිවන් සුවය අත්වේවා.!

දයා සිරිවර්ධනයන් දැයෙන් සමුගෙන මේ මස 26 වැනි දිනට වසරක් සපිරෙයි.

 

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]