UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කළුතර පදිංචි විසිහත් හැවිරිදි තරුණියකගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් දන්දීමට හැකි හිමිනමක්, දසසිල් මාතාවක් හෝ ගිහි පින්වතකු, පින්වතියක් වේ නම් පහත දුරකතන අංකයට අමතන මෙන් ඥාතීහු ආයාචනය කර සිටී.

දුරකතන අංකය - 071 - 0420207‍

******

බත්තරමුල්ල රොබට්ගුණවර්ධන මාවතේ දේවාල පාර අංක 217 නිවසේ පදිංචි ජී.වී. ෂිලන්ත විපුල ශාන්ත (අවු. 36) හැවිරිදි තරුණ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඔහුට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය නිර්දේශය වී ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති කෙනෙක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දන්වන ලෙස ඉල්ලීමක් කැරේ. 0112 – 886983, 077 – 9192714

******

මැදිරිගිරිය මහතලා කොළ වැව දම්සෝපුර 171/5 දරන නිවසේ පදිංචි වයස අවුරුදු 16 ක් වන ඒ.ජී. දේවිකා මිහිරාණී මෙනවිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් මහනුවර ශික්‍ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් එම්. වසීල් මහතා නිර්දේශ කැර තිබේ.

ඇයට අවශ්‍ය “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු හෝ හිමිනමක් වෙතොත් 0775306286 අංකයට දැනුම් දෙන ලෙසත් ශල්‍යකර්මයට අවශ්‍ය ඖෂධ සහ සෙසු බෙහෙත් මිලදී ගැනීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බැවින්, පරිත්‍යාගශීලීන් මැදිරිගිරිය ලංකා බැංකුවේ 72393737 ගිණුම් අංකයට මුදල් බැරකරන ලෙස දේවිකාගේ මව කාරුණිකව ඉල්ලා සිටී.

******

පන්නිපිටිය, ඇරැව්වල විරෝධාර මාවත, අංක 507/3 ලිපිනයෙහි පදිංචි අනිල් ජයලත් ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ඒ සඳහා අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඒ බව 071 0408666 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ද විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා ආධාර කළ හැකි නම් එම ආධාර ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ රෝගියාගේ නමින් විවෘත කර ඇති 72322779 දරන ගිණුමට යොමුකරන ලෙසද ඉල්ලා සිටිති.

******

පුරා 35 අවුරුද්දකට වැඩි කාලයක් පාසල් සංගීත ක්‍ෂේත්‍රයේ ගුරුවරයෙක් වශයෙන්ද, බහුවිධ අංශ සියල්ලටම තම සේවාව ලබා දී දක්‍ෂතා පෙන්වා දැනට විශ්‍රාම ගොස් සිටින සරත් ජයරත්න මහතා රෝගාතුර වී දැනට දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහු හැකි ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කළ යුතු යැයි වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඒ බවද දන්වන්න.

වකුගඩු සැත්කමට විශාල මුදලක් අවශ්‍ය බැවින් එම මුදල පෞද්ගලිකව දැරිය නොහැකි මුදලක් බැවින්, එම මුදල සරි කර ගැනීමට සේවාව සලකා බලා හැකි පමණින් උපකාරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර මුදල් ආධාර ගිණුමේ නම - කේ.ඩබ්ලිව්. සරත් ජයරත්න, ගිණුම් අංකය, 649382 ශාඛාව, ලංකා බැංකුව, මහරගම වෙත යොමු කළ හැක. විමසීම්, 0783 985 345

******

පුත්තලම මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ජේ.පී.ඩී.සී. සෝමසිරි මහතාගේ වයස අවු. 05 යි මාස 02 ක් වයසැති චමින් හේෂාන් නිමියර පුතුට දරුණු ලියුකේමියා (ලේ පිළිකා) රෝගයක් ඇති බවට මහරගම පිළිකා රෝහලේ විශේෂඥ නිර්දේශය වී ඇතැයි කියති.

දරුවාට ලියුකේමියා ඒ.එම්.එල් - එම්3 නමැති රෝගය වැළඳී ඇති බවත් ඒ සඳහා නියමිත ආයනික් ට්‍රාන්සයිඩ් නමැති ප්‍රතිකාරය ලබා දෙන්නේ නම් ඉන්දියාවට දරුවා රැගෙන ගොස් ලබා දිය යුතු බවත් ඒ සඳහා විශාල මුදලක් වැය විය හැකි බවත් කියයි. එම දරුවාට මෙම ප්‍රතිකාරය ඉක්මනින් ලබාදිය යුතු බව වෛද්‍යවරයාගේ අදහස වී ඇති බැවින් දරුවා සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබාදීමට ඔහුට එපමණ විශාල මුදලක් සොයා ගත නොහැකි බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි. 009 2 001 8 0016726 ගිණුම් අංකය වන අතර ජේ.පී.ඩී.සී.කේ. සෝමසිරි මහජන බැංකුව, පුත්තලම, එම ආධාර බැර කළ හැකි ය. දුර. 072 3641895 වේ.

 

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]