UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

94 වැනි වියට පා තබන පුවක්දෙණිය පඤ්ඤාරතන නා හිමි

ගෙලිඔය ජනරංජනරාමාධිපති, සිරි සුමන ධම්ම කුසල, වංසලංකාර, සද්ධම්මාචාරිය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය පුවක්දෙණිය පඤ්ඤාරතන නාහිමි 94 වැනි වියට පා තබති.

මීට 94 වසරකට පෙර එනම් 1919 පෙබරවාරි මස 04 වැනි දින උන්වහන්සේගේ ජන්ම ලාභය සිදුවූයේ සතර කෝරළයට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුවක්දෙණිය නම් ග්‍රාමවරයේදීය. ආර්. එම්. මුදියන්සේ නිලමෙතුමාගේ මෙන්ම ඩී.ආර්. පුංචිමැණිකේ මහෝපාසිකාවගේ පුත්‍ර රත්නයක් ලෙස උපත ලද උන්වහන්සේ මොලගොඩ විද්‍යාලයෙන් මූලක අධ්‍යාපනය ලැබූහ. අනතුරුව 1934 පෙබරවැරි 14 වැනි දින මීට වසර 78 පෙර උන්වහන්සේ පැවිදි බිමට පත්වූයේ මින්වානේ ධම්මකුසල නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙසිනි. ඉගෙනීමට මෙන්ම බණ දහම් දේශනා කිරීමට ළමා වියේදීම හපන්කම් දැක් වූ උන්වහන්සේගේ උපසම්පදාව 1940 මැයි 05 වැනිදින සිදුවී ඇත. 1945 දී ගෙලිඔය ජනරංජනරාමයට වැඩම කළ උන්වහන්සේ එදා පාළු හුදකලා බිමක්ව පැවති එම විහාරස්ථානය අංග සම්පූර්ණ ජනරංජනරාමයක් බවට පත් කිරීමට සමත්විය.

දරුවන් 09 දෙනෙකුගෙන් පටන්ගත් පාසල අද ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලය ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් අතර මුල් තැනක පවතියි.

උන්වහන්සේ ඇරඹූ දහම් පාසලද එසේමය. ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක කාරක ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක උපරිමානුවිජ්ජක යෝග්‍යතා සමන්නේසන ආදී තනතුරු හෙබැ වූ උන්වහන්සේ 2000දී මහෝපාධ්‍යය පදවියෙන් පිදුම් ලැබූහ.

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]