UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක 2012.01.31

මහ මඟ ජීවිත ඔබගෙ දෑත මත

දිනපතා සිදු වන රිය අනතුරු පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කැරේ. එසේ සිදුවන අනතුරු අතර වෙසෙසින්ම අදාළ රියැදුරු තැනගේ නොසැලකිල්ල, එසේ නැතහොත් අධික ධාවනයෙන් රිය පැදවීම , නැතහොත් තවත් රියැදුරකු පදවන රථයක් අභිබවා යාම, එසේත් නොමැති නම් රියැදුරු බීමත්ව සිටීම හෝ වාහන පදවන නීති රීති පිළිනොපැද ධාවනය කිරීම ආදිය වේ.

මනා සංයමයකින් සන්සුන්ව රථය පදවන රියැදුරු මහතා රිය පදවන්නේ නම් මෙම අනතුරු අවම කරගැනීමට හැකි වෙයි. සුක්කානමට තබන දෑත මත ජීවිත රැසක පැවැත්ම රඳා පවතින බව ඇතැම් රියැදුරු මහත්වරුන් නොදැනීම ඛේදනීය තත්වයකි. මාර්ගය මත ඇත්තේ තම රථය පමණක් යැයි අධි මානසිකත්වයෙන් මහ මඟ අරක් ගත් රියැදුරන් නිසාද වන්නේ මහත් අපහසු තත්වයකි.

මේ නොසැලකිලිමත්කම නිසා මාර්ගයේ ගමන් ගන්නා මගී ජීවිත ද බොහෝ අවස්ථාවල අනතුරට පත්වේ.

එපමණක් නොවේ මාර්ග ආසන්නයේ ඉදිකර ඇති නිවාස වෙතද නොසිතූ මොහොතක මේ මඟ මරුවා කඩාවදී. හදිසියේ ඇදී එන රථවාහන අනතුරුවලින්ද නිවස තුළ හිඳිනා අයකු මරු තුරුලට ඇද දමති. එසේ නම් රියැදුරු බල පත්‍රය ලබා ගත් පමණින්ම ඔහු සාර්ථක රියැදුරකු ලෙස සිතිය නො හැකිය.

කවර කටයුත්තක දී වුවද පළපුරුද්ද අද්දැකීම් ඉතා වැදගත් වන බව පෙනේ. විශේෂයෙන් වටිනා ජීවිතයද වගකීම රඳා පවතින රියැදුරු මහතාට පළපුරුද්ද, අත්දැකීම, ක්‍ෂණිකව නිවැරදි තීරණ ගැනීම, දක්‍ෂතාවය ආදී ගුණාංගයන් සියයට සියයක්ම පිහිටිය යුතුමය. මෙවන් ගුණ සපුරා නැති රියැදුරු මහත්වරුන්ගේ සේවය ලබා ගන්නා වාහන අයිතිකරුවන්ද සමාජයට කරන්නේ බරපතල වරදකි.

ඇතැම් විට මුදල් පසුපස හඹායන රියැදුරන්ද වාහන අයිතිකරුවන්ද නිසා අවාසනාවන්ත සිද්ධීන් ඇතිවේ. එසේ වන්නේ තවත් ජීවිත කිපයක් හෝ බිලි ගනිමිනි.

මඟ හොඳට තිබෙද්දී පවා පාරෙන් ඉවතට පැණ මහා රිය අනතුරු සිදුවන්නේ නින්ද බීමත්කම හෝ වාහනයේ ඇති වන දෝෂාදිය නිසාය. ඒ දේවල් වලට හේතුව තම ශරීරයට මෙන්ම වාහනයට ද නිසි නඩත්තුව නොමැති වීම ය.

එසේම මාර්ග නීති රීති රියැදුරු මහතා නිසි අයුරෙන් පිළිපදින්නේ නම් මෙතරම් මාර්ග අනතුරු වාර්තා නොවන්නට ඉඩ තිබේ.

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී ද ඇතැම් රියැදුරන්ගේ ඇති නොසැලකිල්ල කෙතෙක්දැයි දිනපතා පාසල් සිසු දරුවන් මුහුණපාන රිය අනතුරුවලින් ගම්‍ය වේ.

ස්වභාවික සිදුවීම මත රථයක් අනතුරකට ලක්වීම හැකි වුවද රියැදුරු අසුනට පැමිණෙන රියැදුරු මහතා සිටිය යුත්තේ ඉතාම කල්පනාකාරීවය, සන්සුන්වය, විමසිලිමත්වය.

සිත් පිත් නැති යකඩ ගොඩක් ඒ මේ අත පදවන රියැදුරු සිත් පිත් ඇති මිනිසකු නිසා ඔහු හැකිතාක් නීති ගරුක රියැදුරකුද විය යුතුවේ.

ජීවිතයක් හෝ දේපළක් රිය අනතුරකින් විනාශවීමට ගතවනුයේ තත්පර ගණනක් විය හැකිය.

එහෙත් සැනෙන් විනාශ වන ජීවිතයක අගය මිල කළ නොහැකිය. මොහොතකින් විනාශ වන දේපළක් වසර ගණනාවකින් වත් හදා නිම කළ නොහැකිය.

රියැදුරු මහතාණෙනි, ඔබගේ රැකියාව ඉතා සුවිශේෂි උසස් රැකියාවකි. ඔබගේ කාර්යයට මිලක් නියම කළ ද නීතිගරුක කාරුණික ආචාරශීලි රියැදුරු මහතාගේ කාර්යයට මිලක් නියම කළ නොහැකිය. ඒ මග මඟ ජීවිත සියල්ල ඇත්තේ ඔබගේ සවිමත් දෑත් අත බැවිනි.

එසේ නම් එම අභිමානය සිතට ගෙන ගෞරවණීය රියැදුරු මහතකු වී ඔබ ඔබගේ හෘදය සාක්‍ෂියට වග කියන මිනිසකු වන්න. එවිට ඔබ මහ මඟ අභයදානය ප්‍රදානය කළ උතුම් විරුවකු වනවා නො අනුමානය.

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]