UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :- බලංගොඩ මේධානන්ද නා හිමි

තනතුරු නාමයන් :- ඕපනායක හුණුවල අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම බෝධිඝර උමං විහාරය හා ලෙල්ලවපිටිය මඩලගම ශ්‍රී ශෛලරාජාරාමාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කීර්ති ශ්‍රී ඤාණානන්ද වජිරඤාණ ගෞරව නාමයන් සහිතව ශාස්ත්‍රපති බලංගොඩ මේධානන්ද නා හිමි

වැඩ වසන පන්සල :- පැල්මඩුල්ල හුණුවල අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම මහා විහාරය

උපන්දිනය :- 1939 පෙබරවාරි මස 16 දින

පියා :- ජී.එල්.බන්දුලහාමි මහතා

මව :- කේ.වී. මැණික්හාමි මාතාව

සහෝදර සහෝදරියන් :- සහෝදරයන් හය දෙනෙක් සහ සහෝදරියන් තුන් දෙනෙකි.

මූලික අධ්‍යාපනය :- බලංගොඩ රත්මලවින්න විද්‍යාලය
ගම්පහ නැදුන්ගමුව විද්‍යාලය
කොළඹ දෙමටගොඩ ධර්මදූතාශ්‍රම විද්‍යාලය
මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන

උසස් අධ්‍යාපනය :- ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදි උපාධිය 1967
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය

පැවිදිවීම :- 1955 ජනවාරි මස 07 වන දින මීගහගොඩ පුරාණ විහාරස්ථානයේදී
උපාධ්‍යායන් වහන්සේ හා ආචාර්යන් වහන්සේලා :- මීගහගොඩ පුරාණ විහාරාධිපති වේහැල්ලේ ඤාණානන්ද නාහිමි, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක දර්ශන විශාරද පරවාහැර වජිරඤාණ නා හිමි.

උපසම්පදා දිනය :- 1961 ජුනි මස 24 දින මහනුවර මල්වතු මහා විහාර උපෝෂථාගාරයේදි

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :- * අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම බෝධිඝර උමං විහාරාධිපති
* ලෙල්ලව පිටිය මඩලගම ශ්‍රී ශෛලරාජාරාමාධිපති

පළ කළ කෘති :- * බැති කුසුම්
* නව බෝධිඝර උමං විහාර ඉතිහාසය (පළවන දෙවන සහ තුන්වන මුද්‍රණය 2006, 2008, 2010)
* උමං විහාර ධර්මදේශනා
* ත්‍රිවිධ බෝධි වන්දනා සහිත තෙරුවන් නැමැදීම

විදේශ ධර්ම දූත සේවය :- සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, ජපානය, බුරුමය, චීනය, තායිලන්තයේ නකොං පතොං විහාරස්ථානයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු ටොන් 2 1/2ක් බරැති රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව විහාරස්ථානයේ තැන්පත් කිරීම

තනතුරු :- මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය කීර්ති ශ්‍රී ඤාාණානන්ද වජිරඤාණ ගෞරව නාමයන් සහිතව ලැබීම

දහම් පාසල් :- 1979 දී පූරවාරාම දහම් පාසල ආරම්භ කිරීම හා එහි ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම

වෙනත් :- * 1970 සිට 1989 දක්වා රත්නපුර සුදර්මශාලා සද්ධර්මාලංකාර පිරිවෙනේ අචාර්යවරයකු හා නියෝජ්‍ය පරිවේණාධිපති වශයෙන් කටයුතු කිරීම
* පූර්වාරාම විහාරයේ සමාධි පෙර පාසල ආරම්භ කිරීම
* ඕපනායක ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කිරීම
* ඕපනායක සමථ මූල මණ්ඩලයේ සාමාජිකත්වය දැරීම
* ශ්‍රී පාදස්ථානයේ සිට සජීවිව රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් ධර්මදේශනා පැවැත්වීම
* අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම විහාරය විහාරාරංගයන් ගෙන් සමන්විත පුදබිමක් බවට පත් කිරීම සඳහා උමං විහාරය ඉදිකිරීම

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]