UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

75 වන කොටස

322. චරමස්සතරා දන්තා - ආජානීය්‍යා ච සින්ධවා
කුඤ්ජරා ච මහානාගා - අත්තදන්තෝ තතො වරං

ඇත්තු සහ අශ්වයෝ, සුසංවර නම් වටිති. හිත සුසංවර වීම, ඊට වැඩියෙන් වටී. තම මනස, සුසංවර කරගන්න. එවිට හැමතැනදීම ඔබ පළමුවැන්නා ය.

323. න හි එතෙහි යානෙහි – ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තේන – දන්තෝ දන්තේන ගච්ඡතී

කිසිම වාහනයකින්, නිවන වෙත යන්න බැහැ. සුසංවර වූ මනස, තුළින් එහි යා යුතුයි. සුසංවර, මනස මහ සම්පතකි. ඒ තුළින් ලොව්තුරා, සැප පවා ලද හැකි ය.

324. ධනපාලකො නාම කුඤ්ඡරෝ - කටුකප්පභේදනො දුන්නිවාරයො
බද්ධෝ කබලං නභුංජ - සුමරති නාගවනස්ස කුඤ්ජරෝ

ධනපාල නම් ඇතා, අකීකරු වූයේ ය. මහා වනපෙතක් ගැන, ඌ නිතර සිතුයේ ය.

අසීමිත, ආශාව බිහිසුණු ය. ඔබේ සමබර මනස, ඉතාමත් යහපත් ය.

325. මිද්ධියදා හොති මහග්ඝසො ච – නිද්දායිතා සම්පරිවත්තසායී
මහාවරාහො ව නිවාපපුට්ඨො - පුනප්පුනං ගබ්භමුපෙති මන්දො

මහා පස්කම් සැපට, ලොබ බැඳුණු තැනැත්තා නැවත නැවතත් සසර උපතක් ලබන්නේ ය.

කම් සැපට, ගිජු නොවී හැසිරෙන්න. එවිට දුක හීන වී සැප වගා වන්නේ ය.

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]