UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තලල්ලේ ධම්මාලෝක අනු නා හිමි අටවන ගුණ සමරුව දුරුතු පෝදා

ගල්කිස්ස තපෝධනාරාමාධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මාලෝක අනු නා හිමියන්ගේ අටවන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් ගල්කිස්ස තපෝධනාරාමයේ දී දුරුතු පුර පෝදා පින්කම් රැසක් සිදු කැරේ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු පිණිස දරුවන් කීප දෙනකු පැවිදි කිරීම පෝදා පෙරවරු 9 ට පැවැත්වේ. බෙලිදෙණියේ සිරිධම්ම අනුනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් එම පැවිදි පින්කම සිදු කැරේ. කොරියන් භාෂාව ඉගැන්වීමේ පන්තියක් කොරියාවේ යෝරේ මහා නිකායේ මහ නාහිමියන් ප්‍රධාන දූත පිරිසගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට ආරම්භ කැරේ.

තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි ගුණ සමරු දානමය පින්කම දවල් හැට නමකට අධික මහ සඟරුවන විෂයෙහි පැවැත්වේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහත්වරු ඇතුළු අමුත්තන් රැසක් එම පින්කමට සහභාගිවීමට නියමිතය. බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති ගල්කිස්ස තපෝධනාරාමාධිපති තලල්ලේ මෙත්තානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]