බිබිලේ ගුණානන්ද හිමියෝ නායක පදවි ලබති
			
			 හග්ගල සංඛගිරි විහාරය හා අම්පාර ශ්‍රී ධර්මවිජය විහාරය යන උභය 
			විහාරාධිපති බිබිලේ ගුණානන්ද හිමියෝ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක 
			පදවියෙන් පිදුම් ලැබීය.  
			උඩරට අමරපුර සාමාග්‍රි සංඝ සභාවේ මහානායක ධුරන්දර ශ්‍රී ලංකා අමරපුර 
			මහා නිකායේ උත්තරීතර මහානායක ග්‍රන්ථ විශාරද අග්ගමහා පණ්ඩිත ෂඩ්භාෂා 
			විශාරද ආචාර්ය දවුල්දෙන ඥානිස්සර ස්වාමිපාදයන් වහන්සේ ඇතුළු තත් 
			නිකායික කාරක මහා සංඝ සභාව විසින් මෙම පත්වීම සිදු කොට ඇත.  |