UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

හාරිස්පත්තුව - ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධර්ම ශාලා ගොඩනැගිල්ල අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථ දස්සී අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. එහිදී අනු නා හිමියන්ගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පීත්ත පටිය කපා විවෘත කළ අවස්ථාව. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්ම දස්සී හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය – උදේනි රාජපක්‍ෂ

වීරසිරි විතානගේ මහතා විසින් තම පුතු ශිෂික මධුගෝසගේ 16 වන උපන් දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මාදිවෙල කේතුමතී විහාරයේ ඉදි කරන ලද ධාතු මන්දිරය ඉකුත්දා අකුරැටියේ නන්ද නාහිමියන් අතින් විවෘත කැරිණි.
මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක.

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති, විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ මඟපෙන්වීම යටතේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් සමරු ස්ටිකර් පන්දහසක් මුද්‍රණය කොට නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත. එහි පළමු ස්ටිකරය පසුගියදා සූරියවැව බෝධිරාජ විහාරයේ දී පැවති උත්සවයේ දී විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත පිරිනැමූ අවස්ථාව. එම අවස්ථාවට සූරියවැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජේ. ජනක එරන්ද මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මෙම සමරු ස්ටිකරය සඳහා මුද්‍රණ අනුග්‍රහය දක්වා ඇත්තේ සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය මඟිනි.

බමුණාකොටුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලය සහ ස්වාභිමානී දහම් සවිය සංවිධානය එක්ව සංවිධානය කළ “බුදුපුත් මා පිය උපහාර උළෙලෙහිදී” කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසල ධම්ම නා හිමියන් වෙතින් උපහාර ලබන ලද අවස්ථාවකි.

දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට (2012) සමගාමීව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහා විහාරයේ තෙමහල් අභිනව සංඝාවාසයක් ඉදිකිරීමට රජය පියවර ගෙන ඇත. රුපියල් කෝටි හතර හමාරක පමණ වියදමකින් ඉදිකිරීමට යෝජිත එම සංඝාවාසයට මුල් ගල තැබීමේ උත්සවය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් පසුගියදා සිදු කැරිණි.
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති, උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම සංඝාවාසය ඉදිකෙරේ. මුල්ගල තැබීමේ අවස්ථාවට උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, උතුරු මැද පළාත් සභා අමාත්‍ය එච්.බී.සේමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.
(ඡායාරූපය - සේනපුර ඩී.නිශ්ශංක, අනුරාධපුර නැඟෙනහිර සමූහ)

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]