| 
						 | 
					
						| හාරිස්පත්තුව - ගොහාගොඩ 
						ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධර්ම 
						ශාලා ගොඩනැගිල්ල අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී 
						අත්ථ දස්සී අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත 
						කෙරිණි. එහිදී අනු නා හිමියන්ගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් 
						ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පීත්ත පටිය කපා විවෘත කළ 
						අවස්ථාව. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්ම 
						දස්සී හිමියෝ ද මෙහි වෙති.ඡායාරූපය – උදේනි රාජපක්‍ෂ
 | 
					
						| 
						 | 
					
						| වීරසිරි විතානගේ මහතා විසින් තම පුතු 
						ශිෂික මධුගෝසගේ 16 වන උපන් දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධන 
						පුර කෝට්ටේ මාදිවෙල කේතුමතී විහාරයේ ඉදි කරන ලද ධාතු 
						මන්දිරය ඉකුත්දා අකුරැටියේ නන්ද නාහිමියන් අතින් විවෘත 
						කැරිණි.මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක.
 | 
					
						| 
						 | 
					
						| හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, 
						සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති, විතාරන්දෙණියේ 
						වජිරවංස හිමියන්ගේ මඟපෙන්වීම යටතේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව 
						ජයන්ති වර්ෂය නිමිත්තෙන් සමරු ස්ටිකර් පන්දහසක් මුද්‍රණය 
						කොට නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත. එහි පළමු ස්ටිකරය 
						පසුගියදා සූරියවැව බෝධිරාජ විහාරයේ දී පැවති උත්සවයේ දී 
						විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් පාර්ලිමේන්තුවේ 
						කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත පිරිනැමූ අවස්ථාව. එම 
						අවස්ථාවට සූරියවැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජේ. ජනක 
						එරන්ද මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මෙම සමරු 
						ස්ටිකරය සඳහා මුද්‍රණ අනුග්‍රහය දක්වා ඇත්තේ සම්පත් 
						බැංකුවේ බෞද්ධ සංගමය මඟිනි. | 
					
						|  | 
					
						| බමුණාකොටුව 
						ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලය සහ ස්වාභිමානී දහම් සවිය 
						සංවිධානය එක්ව සංවිධානය කළ “බුදුපුත් මා පිය උපහාර 
						උළෙලෙහිදී” කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ 
						විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසල 
						ධම්ම නා හිමියන් වෙතින් උපහාර ලබන ලද අවස්ථාවකි. | 
					
						|  | 
					
						| දැයට කිරුළ සංවර්ධන 
						වැඩසටහනට (2012) සමගාමීව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව 
						ජයන්ති මහා විහාරයේ තෙමහල් අභිනව සංඝාවාසයක් ඉදිකිරීමට රජය 
						පියවර ගෙන ඇත. රුපියල් කෝටි හතර හමාරක පමණ වියදමකින් 
						ඉදිකිරීමට යෝජිත එම සංඝාවාසයට මුල් ගල තැබීමේ උත්සවය 
						අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් පසුගියදා සිදු 
						කැරිණි.ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති, උතුරු හා උතුරු මැද 
						දෙපළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද 
						නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම සංඝාවාසය ඉදිකෙරේ. මුල්ගල 
						තැබීමේ අවස්ථාවට උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි 
						ප්‍රේමලාල් දිසානායක, උතුරු මැද පළාත් සභා අමාත්‍ය 
						එච්.බී.සේමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු 
						මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.
 (ඡායාරූපය - සේනපුර ඩී.නිශ්ශංක, අනුරාධපුර නැඟෙනහිර සමූහ)
 |