UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කඩවත ඉහළ බියන්විල සෝමවර්ධනාරාමාධිපති ගෝනහේනේ විමලානන්ද හිමියන් වෙත ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් පිරිනමන ලද මංගල ධර්ම කීර්ති ශ්‍රී පේමානන්ද “ ගෞරව නාමය සහිත සිය නෑ අළුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ඉකුත් දා පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් අභිනව නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව.
ඡායාරූපය :- විජය ශ්‍රී ගම්මන කඩවත විශේෂ

විහාරාධිපති දීගල පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි දෙහිවල, කරගම්පිටිය, ශ්‍රී මේධංකර විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකළ රන්වැට නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ සහ උෂාන් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අයුරු.

මෙය චීවර මාසය යි. කඨින චීවර පූජා කිරීම සෑම විහාරස්ථානයකම සිදු කැරෙමින් පවතියි. මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය මොරන්කන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති හිගුල්වල ඤාණාලෝක නායක ස්වාමීන් වහන්සේ මේ දිනවල අත්යන්ත්‍රයෙන් වස්ත්‍රයක් විවීමේ කටයුතු සිදු කරති. උන්වහන්සේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය පිළිබඳ කුඩා කල සිට ලබා තිබූ දැනුම උපයෝගී කැරගෙන එම කාර්යය කරති. ඒ සඳහා අවශ්‍ය අත්යන්ත්‍රය සොයාගෙන, අවශ්‍යය නූල් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන මේ දිනවල වස්ත්‍ර විවීමේ කාර්යයෙහි නියැලී සිටිති.
ප්‍රදේශයේ විවිධ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙමින් ඉතා අවිවේකි ජීවිතයක් ගත කරන ඤාණාලෝක නාහිමියෝ ප්‍රදේශයේ තවත් විහාරස්ථාන කිහිපයකටම තමන් අතින් වියන වස්ත්‍ර කඨින චීවර සඳහා පූජා කිරීමට අදහස් කරන බව පවසති. නොවැම්බර් මස 5 වන දින උන්වහන්සේ වැඩ සිටින බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින චීවර පූජාව සිදු වන අතර, උන්වහන්සේ වස්ත්‍ර වියන අයුරු දැක බලා ගැනීමට මොරන්කන්ද ශ්‍රී ඤාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානයට ;ම් දිනවල බෞද්ධ ජනතාව පැමිණෙති. ඤාණාලෝක නා හිමි අත් යන්ත්‍රයෙන් වස්ත්‍ර වියන අයුරු.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ශ්‍රී ලංකා නිර්මාංශාහාර සංගමය මගින් ප්‍රකාශයට පත්කළ ‘නිර්මාංශ’ නමැති ග්‍රන්ථය එළිදැක්වීම මාතර බෝධිපරිශ්‍රයේ දම්සභා මණ්ඩපයේදී පැවැත්විණි. එහිදී නිර්මාංශ සංගමයේ පැවිදි අනුශාසක විල්පිට සුධම්මාලංකාර හිමියන් වෙත නිර්මාංශ සංගමයේ සභාපති පාලිත වික්‍රමආරච්චි මහතා විසින් “නිර්මාංශ” ග්‍රන්ථය පිළිගැන්වූ අවස්ථාව. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් ද එක්වූහ. ඡායාරූපය – එස්. සුරේන්ද්‍රගේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 75 දෙනෙකු සඳහා උපහාර පිදීමක් කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ විහාරස්ථානයේදී පසුගියදා සිදුකැරිණි. පොල්ගම්පිටියේ ධම්ම ජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි ගැමුණුපුර ග්‍රාමසේවා නිලධාරි තුමිය සහ විහාරස්ථ දායක සභාව එම උත්සවය සංවිධානය කළහ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තිළිණ ප්‍රදානය කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අතින් සිදු කැරුණු අවස්ථාව.

 “ නැගෙනහිරු අරණ සංවර්ධන සංසදය” විසින් පානම ගම්වාසීන්ගේ ආධාර ඇතිව අරණ්‍ය පූජා වැඩසටහන් මාලාවේ පස්වන අදියර යටතේ නැගෙනහිර පළාතේ ‘කුමණ’ ගම්මානයට විශාල අඩුවක්ව පැවැති බුදුකුටියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. අවශ්‍ය ඉඩම පරිත්‍යාග කරන ලද්දේ කුමණ ගම්මානයේ පදිංචි තවරාජා නම් ද්‍රවිඩ පරිත්‍යාගශීලියකු විසිනි. එම අවස්ථාවට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පානම මහා විද්‍යාලයේ විදුහල්පති පානම ශ්‍රී බෝධි රුක්ඛාරාමාධිපති පානම ශ්‍රී චන්ද්‍රරතන නා හිමියන් ද සහභාගි වූහ.

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]