UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

කතරගම කිරි වෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ කඨින පූජා පින්කම මෙම මස 26, හා 27 යන දිනයන්හි පැවැත්වීමට කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථදායක සභාව කටයුතු සම්පාදනය කර ඇත.

26 දින සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ මල් පහන් ගිලන්පස පූජාවන් පැවැත්වීමෙන් පසු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.

මධ්‍යම රාත්‍රියේ කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී ගම්මානවල ගමන් කැර අලුයම නව නගරයේ සිට අලි ඇතුන් හා උඩරට පහතරට නැටුම් සහිතව විහාරස්ථානයට පැමිණේ. අනතුරුව කඨින චීවර පූජාව හා ධර්මදේශනාව පැවැත්වේ.

දවල් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි අටපිරිකර සහිත සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.


දොඩන්ගොඩ

දොඩන්ගොඩ හර්මන්වත්ත සිරි සම්බෝධි විහාරස්ථානය ආරම්භ කොට පවත්වනු ලබන 7 වැනි කඨින පුණ්‍ය කර්මය මෙම මස 30, 31 යන දෙදින තුළ විහාරාධිපති කළුතර ඥානෝදය මහවිදුහලේ ආචාර්ය ශාස්ත්‍රපති මහගම ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. 30 වෙනි දින රාත්‍රී 07.00 ට ගිලන්පස බුද්ධ පූජාව සිදු කරන අතර එය මෙහෙයවනු ලබන්නේ කළුතර ඥානෝදය මහ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ගවරගිරියේ ඉන්දසුමන හිමියන් විසිනි. එදින රාත්‍රී 09.00 ට සර්වරාත්‍රික පරිත්‍රාන ධර්මදේශනාව ද 31 වන දින අලුයම 05.00 ට පමණ කඨින චීවර රැගත් පෙරහර බෝම්බුවල කිවිල, වත්ත පදිංචි එස්.ඩී. නිශාන්ත ධර්මපි‍්‍රය මහතාගේ නිවසේ සිට විහාරස්ථානය වෙත වැඩමකරවීම සහ එදින උදේ කප්රුක් පූජාවක් සහිත සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පවත්වා කඨින චීවර පූජාව සිදු කැරේ.


ගලහිටියාව

ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාම යේ වාර්ෂික කඨින පින්කම හා නව සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් 1 වනදා සිට 6 වනදා දක්වා පැවැත්වේ. නොවැම්බර් 01 දින රාත්‍රී 7.00 ට තෙසැත්තෑඤාණ පූජාවද 02 දින සවස 3.00 ට මල්පෙරහර උතුරු පේරුව එදින රාත්‍රී 7.00 ට මෛත්‍රී වර්ණනා දේශනාව ද 03 දින සවස 3.00 ට මල් පෙරහර මැද පේරුව ද එදින රාත්‍රී 7.00 ට ධර්ම දේශනයද 04 දින පෙ.ව. 9.30 ට නව සංඝාවාසය විවෘත කිරීම , සවස 3.00 ට මල් පෙරහර නැගෙනහිර පේරුව එදින සවස 4.00 සිට 6.00 දක්වා භාවනා වැඩසටහන රාත්‍රී 7.00 ට අධිෂ්ඨාන පූජාව 05 දින සවස 3.00 ට දකුණු ගලහිටියාවේ අංක 406 උපුල් ජයමහ මහතාගේ නිවසින් කඨින චීවරය සහිත පෙරහර ගනේමුල්ල නගරය පසුකරමින් විහාරස්ථානයට පැමිණීම හා එදින රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පිරිත් දේශනය 06 දින දහවල සියක් නමක් විෂයෙහි සංඝගත. දක්‍ෂිණාව පිරිනැමීම හා එදින රාත්‍රි 7.00 ට සෙත් ශාන්ති පූජාව .


මරදාන

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින මහා පින්කම් ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන්හි සිදු කැරේ.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]