UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාමයේ දී කේශ ධාතු බුද්ධ වන්දනා පුණ්‍යෝත්සවයක්


අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී මෙම මස 25 – 26 දෙදින ශ්‍රී සම්බුද්ධ කේශ ධාතු බුද්ධ වන්දනා පුණ්‍යෝත්සවයක් පැවැත්වේ. අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වේ. එහි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් (17) කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අයුරු. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]