UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු මහ සමුළුව පස්වන වරටත් පැවැත්වූ බෞද්ධ සාහිත්‍ය උළෙල

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයත්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කළ 2600 සම්බුද්ධවත්ව ජයන්ති බෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, පිහිටි සම්මේලන මූලස්ථාන ප්‍රධාන ශාලාවේදී පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් වෙත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් සම්මානය පිළිගැන්වූ අවස්ථාව

එම උත්සවයේ මුලසන අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ෂිත මහනාහිමියන් වහන්සේ හෙබ වූ අතර ගරු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද මෙවර සාහිත්‍ය උළෙලට බොදු සමුළුවේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනාව පරිදි සහභාගී විය.


උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන් විසින් සම්මාන පිරිනැමු අවස්ථාව

මෙවර ජී.පී. මලලසේකර අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාතිලක මහතා වූ අතර චිත්‍ර ශිල්පි සෝලියස් මැන්ඩිස් අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවේ දි.ග. සෝමපාල මහතාය. මෙම විශේෂ සම්මාන දෙක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් ගේ සුරතින් පිරිනැමිණි. ‘බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ’ ග්‍රන්ථය රචනා කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, නාහිමි, ‘විසාලා’ බෞද්ධ නවකතාව රචනා කළ භද්‍රජී මහින්ද ජයතිලක මහතා, ‘පේ‍්‍රමකාල යාත්‍රාව‘ ප්‍රශස්ත ප්‍රබන්ධ කෘතිය රචනා කළ සෝමසිරි හබරගමුව මහතා, සිංහල බෝධිචර්යාවතාර චම්පූ කාව්‍යය’ ප්‍රශස්ත කාව්‍යය රචනා කළ කීර්ති නාරම්පනාව මහතාද, බෞද්ධ දර්ශනයේ පශ්චාත් සංවර්ධන ග්‍රන්ථය රචනා කළ මහාචාර්ය එස්.ඒ.පී. විජේසිංහ මහතාද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සුරතින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කෙරුණු විශිෂ්ටතම කෘති වලට හිමි සම්මාන ලබාගන්නා ලදී. එම සම්මාන උළෙලේදී විශේෂයෙන්ම හෙළ ජන කලාවට සිදු කරන මෙහෙවර වෙනුවෙන් සහන් රංවල මහතාටද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ් සිංහල සාහිත්‍ය විචාරයට බෞද්ධ ප්‍රවේශයක් යන මාතෘකාව යටතේ මෙහිදී විශේෂ දේශනයක්ද පැවැත් වූහ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, බෞද්ධ සංවිධානවල සාමාජිකයන්, පාසල් දරු දැරියෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]