UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

65 වන කොටස

281 ) වාචානුරක්ඛී මනසා සුසංවුතො - කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්මපථෙ විසෝධයෙ – ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං

සිත, වචනය, කය කියන –තුන් දොර ම හසුරුවා
අජර වූ අමර වූ - නිවන වෙත පිවිසෙන්න
හිතවතුනි, නිරතුරුව - සංවරව හැසිරෙන්න
එවිට ඔබ පතන සැප – ඔබ කරා ගලනු ඇත.

282 ) යොගා වෙ ජායති භූරී – අයොගාභූරි සංඛයො
එතං ද්වේධාපථං ඤත්වා - භවාය විභවාය ච
තථත්තානං නිවෙසෙය්‍ය - යථා භූරී පවඩ්ඨති

සමථ විදසුන් දෙකෙන් – ගුණ නුවණ දියුණු වේ -
වෙනත් මගකින් අපට – නිවන් මග හමු නොවේ.
හිතවතුනි, ගුණ නුවණ – ටිකෙන් ටික වැඩෙන විට –
අප පතන සුව සතුට – ටිකෙන් ටික ළඟා වේ.

283 ) වනං ඡින්දථ මා රුක්ඛං - වනතො ජායතී භයං
ඡෙත්වා වනඤ් ච වනථං ච නිබ්බානා හොථ භික්ඛවො

කෙලෙස් යනු කැලෑවකි – එයින් අනතුරු ලැබේ. –
ඒ නිසා ඒ කෙලෙස් - වනය වනසා ලන්න.
හිතවතුනි, නරක සිත් – විපත් ගෙන දෙන්නේ ය
. සංවරව හැසිරෙන්න - සැප ගලා හැළෙනු ඇත.

284 ) යාවං හි වනථො න ඡිජ්ජති – අනුමත්තෝපි නරස්ස නාරිසු
පටිබද්ධමනො ච තාව සො - වච්ඡෝ ඛීරපකො’ ව මාතරි

ගැහැනියක පිළිබඳව -
පිරිමි සිත දුවන්නේ –
කිරි දෙනුන් සොයා යන –
වසු පුතකු පරිද්දෙනි.
හිතවතුනි, ආශාව - විපත් ගෙන දෙන්නේ ය. -
කෙසේ හෝ එය මදක් – පාලනය කළ යුතුය.

මතු සම්බන්ධයි

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]