UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වෙන්නප්පුව රෙක්ස් ඩයස් මාවතේ අංක 08 දරන නිවසේ පදිංචි චන්දික වීරසිංහ (අවු. 43 ) යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම්, ඉතා ඉක්මණින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ සෙන්ට්‍රල් රෝහලේ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා එස්. සෙනෙවිරත්න මහත්මිය දන්වා ඇතැයි කියති.

ඒ සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන් වහන්සේ නමක් හෝ වෙනත් පින්වත් අයකු ඇත්නම් පහත දුරකතන අංකයට හැකි ඉක්මනින් අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 0772 899344, 031 2254890 දුරකතන අංක වේ.


නො. 15, මාවිලවත්ත, වීරහේන, නාත්තන්ඩිය ලිපිනයෙහි පදිංචි, පාසල් අධ්‍යාපනයේ පසුවන දරුවන් දෙදෙනකුගේ පියෙකු වන යු. විජිත රෝහණ මහතා, සීදුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබේ. ඒ මහතා හදිසි හෘද සැත්කමකට භාජනය කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. ඔහුගේ සැත්කම සඳහා රුපියල් ලක්‍ෂ අටහමාරක් (රු. 850, 000.00/-) පමණ වැයවන බව කොළඹ පුද්ගලික රෝහලක වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියති. රැකියාවක් නොකරන බිරිඳත්, දරු දෙදෙනාත් යැපෙන්නේ ඔහු උපයන වැටුපෙනි. වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති ඔහුට ආධාර ලබාදීමට කැමැති පින්වතෙකු වේ නම් 1760222 ලංකා බැංකුව නාත්තන්ඩිය ගිණුම් අංකයට හෝ ඉහත ඔහුගේ ලිපිනයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.


මාබෝල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විදුහලේ සේවය කරමින් සිට වකුගඩු ආබාධයක් නිසා විශ්‍රාම ලැබූ ආර්.ඒ.ටී.වී. පෙරේරා මහත්මියට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා අධික මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර වැලිසර ලංකා බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. ගිණුම් අංකය 3277606 වේ. දුරකතන අංකය 072 6420921 වේ.


මැදිරිගිරිය, දියසෙන්පුර බිසෝඋයන අංක 361 හි පදිංචි කේ.එම්.ජී. බිසෝමැණිකේ මහත්මිය දෙදරු මවකි. ඇය දැනට 51 වන වියේ පසුවන අතර මේ වන විට වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයේ සිටින බැවින් ඇය ජීවත් කරවාගැනීමට ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට යොමු විය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඇති පරිත්‍යාගශීලී අයෙක් සිටී නම් මෙහි සඳහන් දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. 071 – 4177133 (ඩිල්ෂාන්) , 071 – 8934566 (නාලක), 071 1378760 (පියසේන)


අවුරුදු 25 ක් වයසැති තරුණියකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරු දන්වා ඇතැයි කියති. අවුරුදු 20 – 40 දක්වා ගැහැණු පිරිමි භේදයකින් තොරව වකුගඩුවක් දන්දීමට කැමති පින්වතෙක් ඇතොත් පහත සඳහන් දුරකතනවලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 011 2766851, 072 6815651, 0779205645 ,


බද්දේගම නව බේරිල්ල වත්තේ අංක 104 ලිපිනයේ පදිංචි එම්.ඒ. කාවින්දි සිහාරා සිඟිති දියණියට පපුවේ සිදුරක් සහ නාලයක සිහින්වීමේ රෝගයකින් පෙළෙන අතර එයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය Contegra valved Conduit (Size 16mm) ගෙන්වා ගැනීම සඳහා රු. 250,000/- ක පමණ මුදලක් වැයවන බව කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය බව කියති. ඇයගේ රෝගය සුවපත් කිරීමට උපකාර කළ හැකි අය වේ නම් ඇයගේ නමින් බද්දේගම මහජන බැංකුවේ පවත්වාගෙන යන (087 – 2002 – 7 – 0004071 ) දරන ගිණුමට ආධාර කරන මෙන් ඉල්ලීමක් කැරේ.පියා, සමන්ත කුමාර, දු.අං. 071 4307337.


පන්නිපිටිය, ඇරැව්වල වීරෝදාර මාවත, අංක 507/3 ලිපිනයෙහි පදිංචි අනිල් ජයලත් ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දියහැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඒ බව 071 – 0408666 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් පවුලේ ඥාතීහු ඉල්ලීමක් කරති. අනිල් ජයලත් මහතාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ද විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා ආධාර කළ හැකි නම් එම ආධාර ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ රෝගියාගේ නමින් විවෘත කර ඇති 72322779 දරන ගිණුමට යොමු කරන ලෙසද ඉල්ලීමක් කැරේ.


අසාධ්‍ය තත්ත්වයේ පසුවන සුරාවෙන් සහ දුමෙන් තොර වූ වකුගඩු රෝගියෙකුට බද්ධ කිරීම සඳහා “ඕ” වර්ගයේ ලේ ඇති වයස අවුරුදු 21 – 50 ත් අතර නීරෝගී අයකුගෙන් වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ඉල්ලීමක් කැරේ. ඊට අදාළ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් පහත දුරකතන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. දු. අංකය. 077 5828600


රාගම කපුවැව පාරේ 650 සී, 3 ස්ථානයේ පදිංචි ඒ.ඒ රෙක්ස් පෙරේරා යන අයට දරුණු වකුගඩු රෝගයක් වැළඳී ඇති බැව් කොළඹ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගී ගනගේ මහතා සහතික කර ඇතැයි කියති. රෙක්ස් පෙරේරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඒ, බී හෝ ඕ හෝ ඒ හෝ බී” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි ඉල්ලිමක් කරන අතර පහත දුරකතන අංකවලින් රන්දික පෙරේරා අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 0777 677955, 011 4564872

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]